නිකන් සින්දු අහපු කාලේ ඉවරයි?  මේ කියන්නේ දිලූකගේ 'මියුලැසි' ගීතය ගැනයි. ලංකාවේ දිනකට ගීත හතරක් පහක් එළිදකින බව අපි කවුරුත් දන්නා කාරණයක්. නමුත් මේ කියන්න යන්නේ  තවත් boot ගීතයක් ගැන නම් නෙමේ. මේ කතාව තමන්ගේ පළමු ගීතයම අන්තර්ජාතික record ලේබලයක් යටතේ itunes, google play සහ spotify වැනි ජාලයන් හරහා එළිදැක්වීමට හැකි වූ දිලූක පෙරේරා ගැනයි.

'මියුලැසි' ලෙස නම්කර ඇති මෙම ගීතය නොබෝ දිනකින් music video එකක් එක්කම ලාංකිකයන්ට පිළිගන්වන්නයි දිලුකගේ අදහස. ඔහු තවදුරටත් අපත් සමග මෙසේ පැවසුවා.

"අද ගොඩක් ගායකයෝ දන්නේ නෑ තමන්ගේ ගීත itunes, google  play  වගේ ජාලයන් හරහා promote කරලා ඉතාම සාර්ථක වෙන්න පුළුවන් කියලා. පළමු ගීතයෙන්ම මේදේ කරන්න ලැබෙයි  කියලා මම හිතුවේ නෑ. හැබැයි මේ ගීතය master කරන්න චින්තිගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. විදේශගතව ලංකාවේ අය ගොඩක් ඉන්න හන්දා ඒ අයව මුල්කරගෙන නිර්මාණවලට යන්න තමා මගේ බලාපොරොත්තුව. ඉස්සරහට මීටත් වැඩ හොඳ ගීත මගෙන් අහන්න ලැබේවි."

"දැනටමත් facebook හරහා 8000කට ආසන්න likes ප්‍රමාණයක් එක්ක ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමරතව මගේ ගීතය අරගෙන දැන විදෙස් ගතව ඉන්නය අය Cover Version කරනවා."   යනුවෙන් ඔහු අපත් සමග පැවසීය.

මේ ඔහුගේ ගීතයට විදෙස් අය කරපු Cover Song දෙක

itunes :

https://itunes.apple.com/us/album/miyulasi-single/id1106063391

 

spotify :

https://play.spotify.com/album/3traB3hHodrjxzD6QP6jtK?play=true&utm_source=open.spotify.com&utm_medium=open

 

Google Play :

https://play.google.com/store/music/album/Diluka_Perera_Miyulasi?id=Btqqfo5t63ziykacp6bzcfhwusy