ජාතියට සේවය කරමින් අභියෝගවලට මුහුණදීමට නම් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ශක්තිමත් සම්බන්ධයක් පැවැතිය යුතු බව බහරේන අගමැතිවරයා පසුගියදා අවධාරණය කළේය.
“මේ තීරණාත්මක අවධියේ දී තර්ජන වළක්වාගනිමින් විනාශදායක අදහස් මර්දනය කිරීමට නම් පරීක්ෂාවෙන් සහ අවධානයෙන් සිටිය යුතුයි” යැයි පාර්ලිමේන්තුවේ සංචාරයක යෙදෙමින් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය. රටට සේවය කිරීම සඳහා සියලුදෙනාම එක්සත් විය යුතු බවද අගමැති කාලීෆා බින් සල්මාන් අල් කාලීෆා කුමරු අවධාරණය කළේය.
මෙම සංචාරයේදී බහරේන පාර්ලිමේන්තුවේ සභාපති අහ්මඞ් අල් මුල්ලා, ෂුරා කවුන්සිලයේ සභාපති අලි සලේහ් අල් සලේහ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවූ අගමැතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී ගමනට බාධාකරන සියලු උත්සාහයන් ව්‍යර්ථ කළයුතු බවද පෙන්වා දුන්නේය. බහරේනයේ දේශපාලන සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් සියලුදෙනාගේම අවධානය යොමුකිරීමේ ඇති වැදගත්කමද අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.
මෙහිදී පාර්ලිමේන්තුවේ තීරණාත්මක කාර්යභාරය ගැන අවධාරණය කළ අගමැතිවරයා රජය වැදගත් ජාතික අවශ්‍යතාවයන් කරා ළඟාවීමේදී පාර්ලිමේන්තුව වැදගත් සහකරුවෙක් වන බවද පැවැසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජාතියට සේවය කරමින් අභියෝග ජයගැනීමට නම් ව්‍යස්ථාදායකය සහ විධායකය එකට එක්විය යුතුයි