එච්.ආර්. ජොතිපාල 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරිම අද (12) කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී සිදු කැරිණි.
තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු ඇමැති එම්.එච්.අබ්දුල් හලීම් මහතා විසින් ප්‍රථම මුල්දින කවරය පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වෙත පිරිනැමීය.
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හා ජෝතිපාල මහතාගේ පවුලේ නෑදැයින් හා කලාකරුවන් පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරණිය ජෝති.. ඔබ රසික අප හදවත් තුල තැබූ මුද්‍රාව සදාකාලිකයි. (අ)
හැමදාම රැවුදෙන එච්. ආර්. කටහඬ සදා අමරණීයයි. ඔහුව අගයා සිදුකළ මෙහෙවර අගය කරමු. (නි)
අමරණීය ජෝති..! පිදියයුත්තාට පිදීමක්. පොදු ජනතා ගායකයා ..! අගයමි මෙයට උරදුන් සැම. ස්තුතියි හදවතින්ම මේ සමකාලීන විශිෂ්ට චරිතය ඇගයුවාට. (නි)
ඉතා අගය කළ යුතු දෙයක් ප්‍රණාමය මුද්දර කාර්යංශයට (බ)
මුද්දරයක් නිකුත් කිරීම ගැන මම නම් ඉතා සතුටුයි (නි)