ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශය ‘සිසු දිවියට නව අරුතක් - ජාතික සංහිඳියාව පාසලෙන් අරඹමු’ යන තේමාව යටතේ ආරම්භ කළ ‘යදම්’ ජාතික සංහිඳියා වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවැත්විණි.
පාසල් තුළින් ජාතික සංහිඳියාව ඇති කිරීම උදෙසා පාසල් තුළින් ක‍්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලක් හඳුන්වාදීම, ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හා තේමා ගීතය එළිදැක්වීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදුකෙරිණි.
පාසල්වල උදෑසන රැස්වීමේදී සාමයේ අවශ්‍යතාව පැහැදිලි කෙරෙන වැඩපිළිවෙළක් ඇතිකිරීම, ජාතික සමගිය ඇතිකිරීමේ ප‍්‍රායෝගික වැඩපිළිවෙලකට දරුවන් ප‍්‍රායෝගිකව දායක කරවාගැනීම, චිත‍්‍ර, රචනා තරග පැවැත්වීම ඇතුළු කටයුතු රැසක් මේ යටතේ සිදුකිරීමට නියමිතය.
‘‘පවුලට, ගමට හා රටට සාමයේ පණිවුඩය ගෙන යා හැකි සාමයේ පණිවුඩකරුවන් වන්නේ දරුවන් නිසා සංහිඳියා වැඩපිළිවෙල දරුවන් සමග ආරම්භ කළ බව ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා පැවසීය.
විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය යන මහත්වරුන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලට කලින් සමහර එෆ්.එම්. නාලිකා වල භාෂාව හදන්න සහ රියලිටි වැඩසටහන් වලට නිසි ප්‍රමිතියක් දෙන්න (නි)
සුසන්ත, ඔබ හරියට හරි. දැන් ඉතින් සිංහල ජාතිය අසරණ වෙනතුරුම සහජීවනයට ඉඩ දියයුතුය (නි)
සමහරු නම් හැමදේම දිහා බලන්නේ වැරදියට (නි)
සංහිඳියාව කියන්නේ ෆෙඩරල් ක්‍රමය කියො අපිට තව ටික කලකින් සමහරු කියයිද දන්නෙ නැහැ. බලන්න බහුතර දෙමළ දේශපාලකයන්ගේ කටේ සංහිඳියාව තිබෙනවද? (නි)
සුසන්ත නොකියා කියන්නේ මොකක්ද මේ? (නි)
සුසන්ත හරි වගේ මටත් පෙනෙනවා. කොහොම වුණත් කාර්මික ආරක්ෂාව, මහාමාර්ග වලදී විනීතකම වගේ දේවලුත් මෙහෙම පාසල් කාලයේම ඉගැන්නුවා නම් මීටත් වඩා වටිනවා. (නි)
සංහින්දියව නොදන්නා කට්ටිය මේ පාසලට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න. ඔය ජාති වාදය පතුරවන කට්ටිය කවද හරි ලංකාව ලොකු විනාසයක අදාල දාල තමයි නවතින්නේ (ම)
හසන් සුසන්ත හරියටම හරි එක තාම තිත්ට ඇත්ත (බ)
අපිට පේන විදියටනම් දැන් සංහිදියාව බෝර්ඩ් ලෑල්ල එල්ලලා කරන්නේ සිංහලයාගේ කොන්ද කඩන එක, අනිත් අය ඉල්ලන සියල්ල දිය යුතුය කියන තැනට තල්ලු කරන එක. අනිත් අය සංහිදියාව කියල කරන්නේ වෙනම පාලනයන්, වෙනම බලතල ඉල්ලන එක . ඒකට සංහිදියාව කියන ගමන්, එක රටක ඉමු කියන සිංහලයින්ට අන්තවදියෝලු . චාමර කොහෙන් හරි හොඳ පොල්ලක් අරන් මට ගහගෙන ගහගෙන පලයන්කෝ අනේ. (බ)
සුසන්ත, ඔයාගේ කටේ රත්තරන් දමන්න වටිනවා. ඔය කියපු දෙයට අලුතෙන් යමක් එකතු කරන්න මට දෙයක් ඉතුරු වෙලා නැ (බ)
සුසන්ත, ඔබ හරියටම හරි. (නි)
''ජාතික සංහිඳියාව'' කෙසේවෙතත් ගම්බද පාසල් බොහෝ දරුවෝ හාමතේ ඉන්න බව සොයා බලා කටයුතු කරනවා නම් හොඳයි. ධනපති පන්තියෙ පාසල් වලින් ද ඔය වැඩපිළිවෙලවල් ආරම්භ වියයුත්තේ? (නි)
ඉතාම හොඳ වැඩපිළිවෙළක් (නි)
සංහිඳියාව කියන්නේ මොකද්ද කියලාවත් නොදන්නා සමහර අය මොනවා කියනවාද කියලා එ් අයවත් දන්නේ නැහැ (නි)
සුසන්ත හරි. සිංහල ජාතිය නැතිවුණ දවසකට කට්ටියට සංහිඳියාවේ තරම තේරෙයි (නි)
බොහොම හොඳයි. හදවතින්ම සුබ පතනවා (නි)
හොඳ ඇරඹුමක්. හොඳ වටපිටාවක් පොඩි කාලෙම සකස් කළොත් ඉදිරියේදී හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් (නි)