රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාම ඇති තරම් ජාතිවාදයෙන් බැට කා ඇති නිසා ජාතිවාදය පිටුදකින සැම එක්ව ජාතිවාදී උවමනාවන් ඉටුකර ගැනීමට අවස්ථාවක් සොයමින් සිටින අයගේ අරමුණු පැරදවිය යුතු යැයි ජාතික භික්ෂු පෙරමුණ පවසයි.
යාපනය විශ්වවිද්‍යාලයේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ අද (19) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජුලි 16 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ නවක පිළිගැනීම් අවස්ථාවකදී විද්‍යාපීඨ සිසුන් අතර ඇතිවූ ගැටුම සිදු නොවිය යුතු එහෙත් අවාසනාවන්ත සිදුවීමක් ලෙස හෙළා දකින බවය.
“මේ වන විට අපට අත්‍යවශ්‍යම ජාතික සමගියයි. එය සිංහල සමාජයට විතරක් නොවෙයි දෙමළ සමාජයටත් එකසේ වුවමනායි‘ යැයි වකමුල්ලේ විජිත හිමියෝ පෙන්වා දුන්හ.
COMMENTS
රටෙන් කැල්ලක් යන්නේ නැතිනම් අපිත් සමගියට ලැහැස්ති සමගිය රැකගන්න නොයෙකුත් බලතල සහ රටෙන් කැල්ලක් දෙන්න සුදානම් නැත. (හේ)
අනේ මන්දා හාමුදුරුවනේ රට යන අත මොකක්ද කියලා (නි)
ඔය කතාව තාම ද්‍රවිඩ නායකයෙක් කියා නැත (හේ)
ලන්ඩන් ඉන්න දෙමළුනුත් සිංහලයාට හිරිහැර කරනවා. (බ)
මේ කියන දේවල් කරන්නේ නැති එකනේ අවුල.(හේ)
දැන් අපි අපි කුළල් කාගත්තා ඇති. නියම සතුරා හඳුනා ගන්න (නි)