යුගානි විදුෂිකා නිරූපණයට නවකයෙකු වුවත්, ඇය දායක වූ ඇතැම් නිර්මාණවලින් ජයග්‍රහණ පවා ලබාගැනීමට හැකියාව ලබාගත් කෙනෙකි. මේ වනවිට උපාධියක් හදාරමින් සිටින ඇයගේ තව හීනයක් වන්නේ නිවේදනයයි. ඇයගේ ඉගෙනීමේ කටයුතු සහ කලා කටයුතු පිළිබඳව කතා බහකිරීමට ඇය ‘සාරවිට’ සමග මෙලෙස එක්විය.
ඔබේ නම කුමක්ද?
මොකද කරන්නේ? රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද?
තාම ඉගෙන ගන්නවා.
පසුගිය දවස්වල දායක වූ කටයුත්ත ගැන කිව්වොත්?
මේ වසරේ තරග කිහිපයකටම දායක වුණා. සතියකට විතර කලින් Glow Queen තරගයක් සඳහා සහභාගී වුණා.
එකේ ජයග්‍රහණය ගැන කිව්වොත්?
ඒකෙදී දෙවැනි ස්ථානයට ( 1st runner up) එන්න අවස්ථාව ලැබුණා.
දායක වූ අනෙක් වැඩගැන කිව්වොත්?
ජාතික රූපවාහිනියේ අවුරුදු උලෙළේ SLT අවුරුදු කුමරිය ප්‍රථම ස්ථානය මට හම්බුණා. ඊට පස්සේ කප්රුක අවුරුදු කුමරිය වෙන්න ලැබුණා. ඒ නිසා දැන් ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරතුර වෙළෙඳ දැන්වීම්වලටත් දායක වෙනවා.
රැකියාවක් වශයෙන් කරන්න හිතන් ඉන්නේ?
දැනට මම Open University එකේ, BA in English Literature degree එක සඳහා දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරනවා. ඒ අතරතුර පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව උපාධිය හදාරනවා. රූපවාහිනි නිවේදිකාවක් වීමේ සිහිනයත් එක්ක හොඳ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉදිරි කටයුතු කිව්වොත්?
අධ්‍යාපනය සමබර කරගෙන කලා කටයුතු උපරිමයෙන් කරන්න තමා ආසාවෙන් ඉන්නේ.
උදව් කරපු පිරිසක් ඇතිනේ මතක් කරන්න?
අනිවාර්යයෙන් මගේ දෙමව්පියෝ සහ හැමදේටම මට දිරිමත් කරන ශාන්ති ආන්ටි සහ මගේ පාසලෙන් මේ සියලු දේවල්වලට මූලික අඩිතාලම ලබා දුන්නා වගේම, ලොකු සහයෝගයක් ලබා දෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා