IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ජාතික රණවිරු සැමරුම ඉහලින්ම පවත්වන්න රජය තීරණය කරයි

(අංජුල මහික වීරරත්න)

තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී අද (8)පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරන රණවිරු සැමරුම් උත්සවය මැයි 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වේ.

මෙම රණවිරු සැමරුම් උළෙලට යුද්ධයේදී තුවාල ලැබූ රණවිරුවන්, දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සහ පාසැල් ශිෂ්‍යභට කණ්ඩායම් ද සහභාගී කරවා ගැනීමට නියමිතය.



අදහස් (4)

ජාතික රණවිරු සැමරුම ඉහලින්ම පවත්වන්න රජය තීරණය කරයි

නිමේෂ් Monday, 08 May 2023 05:14 PM

පින්පතිට ඡන්දෙ තියන්න විතරයි සල්ලි නැත්තේ...

:       9       20

C.K.Lankaputhra Monday, 08 May 2023 06:19 PM

හැම මගුලම මහ ඉහළින් පවත්වන්න ඕනෑ එක්කෙනාට දුප්පත් මිනිස්සුන්ට සහන සලසන්නට සල්ලි නෑ, ඩොලර් නෑ ආර්තිකය කඩා වැටිලා වැඩි කරපුවා අඩු කරන්නට කිසිම වුවමනාවක් නෑ. හමුදාවට ඉහළ සැලකිලි, රණවිරු උත්සව ඉහළින් තියන්න සූදානම්...

:       13       10

තරිඳු Tuesday, 09 May 2023 12:20 PM

යුද සමයේදී ඔබේ පවුලේ කෙනෙකු කුමන හෝ අනතුරකට මුහුණ දීමට සිදු වූනානම් රණවිරුවන් ගේ අගය ඔබට මීට වඩා දැනෙනු ඇත

:       0       5

Bamunuarachchi Thursday, 11 May 2023 04:42 PM

සාමාන්‍ය මිනිසුන්ට කන්න, අඳින්න නැති මේ කාලේ මොන සමරුම්ද? ඔය සැමරුම්වලින් ජනතාවට ඇති සෙතේ මොකක්ද? ජනතාවට ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපල්ලා මගේ යකා අවුස්සන්නේ නැතුව. කෝ අරගල කාරයින්...?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site