එක්සත් ජාතික පක්ෂය සමග ජාතික රජයක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද අනුමැතිය දුන් බව දේශපාලන ආරංචි කියයි.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද රැස්විය. මේ ගැන තවදුරටත් ක්‍රියා කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කරනු ලැබ සිටී. එම කමිටුවට නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේමජයන්, එස්.බී.දිසානායක, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන පිරිස අයත්ය.
සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඡන්දයට පෙරත් ජයග්‍රහණයෙන් පසුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක් සඳහා පැමිණියේ වසර 10කට පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම රනිල් කොච්චර හොඳද? (නි)
පක්ෂය පරාජය කරන්න පක්ෂයේ සභාපතිකමේ ඉදන්ම කුමන්ත්‍රණය කරපු එකයි පක්ෂයට ඡන්දය දෙන්න එපා කියල එළිපිටම කියපු එකයි දැන් අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්න හදනවද කිසි හිරිකිතයක් නැතුව..මේකද යහපාලානේ..ප්රජතන්ත්රවාදේ.ලැබුණු සෑම ආසනයක්ම ලැබුනේ සන්ධානයක් වශයෙන් එක්සත්ව මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් මැතිවරණයට මුණ දීපු නිසා..ආසන 95ක් ගත්තේ ද්‍රෝහීන් පලවා හැරියේ මෙයාලට ඕන විදියට මේ ලැබූ ජයග්‍රහණය යු අැන් පි එකට පවා දෙන්න නෙමෙයි..සියලු සන්ධාන නායකයින්ගෙන් හා මහින්ද මහතාගෙන් ඉල්ලා සිටින්නේ අපේ ඡන්දයට සාධාරණත්වය ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියල (බ)
බයියොන්ට දුක හිතේවි අප්පා ......(බ)
වඩාත්ම නරක සහ අශිෂ්ට දේශපාලනඥයන් ලංකාවේ විය හැකිය. ලාංකිකයන් කියන්නත් අපට ලැජ්ජයි ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ. සියලු දේශපාලුවන් ලංකාවට ලොකු වැරද්දක් කළා. (බ)
ඡන්ද ගැන ජනතා විශ්වාසය නැති කරන වැඩ මේවා. මිනිස්සු නෑදෑකම් නැති කරගෙන, ව්‍යාපාර විනාස කරගෙන, රස්සාවල් නැතිකරගෙන ජීවිත පරදුවට තියල තමන්ගේ පක්සේට අපේක්සකයට වැඩ කලේ. උන් ඒ ජනතාවගේ ඒ කැපකිරීම් තමන්ගේ වාසිය වෙනුවෙන් පාවා දෙනවනම් මුන්ට වැහි නැති හෙනම ගහන්න ඕනේ (නදී)
යකඩෝ පක්ෂය පරාජය කරන්න පක්ෂයේ සභාපතිකමේ ඉදන්ම කුමන්ත්‍රණය කරපු එකයි පක්ෂයට ඡන්දය දෙන්න එපා කියල එළිපිටම කියපු එකයි දැන් අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්න හදනවද කිසි හිරිකිතයක් නැතුව..මේකද මුන්ගේ මහලොකු යහපාලානේ..ප්රජතන්ත්රවාදේ.ලැබුණු සෑම ආසනයක්ම ලැබුනේ සන්ධානයක් වශයෙන් එක්සත්ව මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් මැතිවරණයට මුණ දීපු නිසා..ආසන 95ක් ගත්තේ ද්‍රෝහීන් පලවා හරියේ මෙයාලට ඕන විදියට මේ ලැබූ ජයග්‍රහණය යු අන් පි එකට පවා දෙන්න නෙමෙයි..සියලු සන්ධාන නායකයින්ගෙන් හා මහින්ද මහතාගෙන් ඉල්ලා සිටින්නේ අපේ ඡන්දයට සාධාරණත්වය ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියල. (අ)
අපි හසු නොවෙමු (නදී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ පළමු ප්‍රයත්නය සාර්ථක කරගත් රනිල් ඇතුළු එජාප කණ්ඩායමට උණුසුම් සුබපැතුම් වසර දෙකක් සබාග රජයකට මුක්කු ගැහෙමෙන් පසු මෛත්‍රීට සබපාතිකම් කරන්න ශ්‍රීලනිප යක් ඉතුරු නොවෙනු ඇත හුරේ (නදී)
අන්න නියම හොඳ තත්වයක් රටේ වැසියෝ හැටියට අපි සතුටු වෙනවා මොකද ඔක්කොම එකතුවෙලා මේක හදන්න ඕනි එතකොට තම ලංකාව නියම රටක වෙන්නේ ආර්ථිකය හොඳ වෙන්න හොඳ ක්‍රමවේදයක් තියෙන්නේ ඕනි බොරුවට එහෙත් මෙහෙත් අදින්නේ නැතිව පාර්ලිමේන්තුවෙන් හොඳට කළ බිල අපේ රටේ ප්‍රසන විසදන්න ඕනි හරිද මේක රටෙවසියෝ හැටිය දන අවවාදය ස්තුති (අ)
මත වෙනුවට රට පෙරට (ම)
බඩ පෙරට, රට ට කොහාටද, දෙයියෝ දනී. (අ) ,
නියමයි (ම)
මොන පක්ෂේ දිනුවත් හොරු ටික කොහොම හරි පාර්ලිමේන්තුවට පැනල අැමතිකම් ගන්න හදන හැටි දැක්කම හරිම හිරිකිතයි. ඉස්සෙල්ලා කිව්වේ හොරුන්ට නාම යෝජනා දෙන්නේ නැහැ කියලා. නමුත් නාමයෝජනා දීල කියනවා චන්දෙ දෙන්න එපා කියලා. පැරදුනහම ජාතික ලිස්ට් එකෙන් ගන්න කතා කරනවා. මොකක්ද මේ පක්ෂේට වෙලා තිබෙන්නේ ? හොරු නැතුව වෙන කිසිම සුදුස්සෙක් නැද්ද මේ ගොල්ලට පාර්ලිමේන්තු යවන්න ? හැමදාම කොන්ද පන නැතිය කියල බැනුම් අහන රනිල් මෙදා පාර කෙලින් තීරණයක් අරන් තිබෙනවා පැරදිච්ච මිනිස්සු ජාතික ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යවන්නේ නැහැ කියල ? ජනාධිපති තුමනි කෙලින් තීරණයක් ගන්න. මෙහෙම ගියොත් වෙන්නේ ලබන පාර ජනාධිපතිවරණෙන් රනිල් දිනලා, සජිත් අගමැති වේවි , එතකොට අාසන ක්‍රමය ඇවිත් තිබුනොත් ශ්‍රී ල නි ට වෙන්නේ නැවතත් අාසන 8 ට බහින්න (නදී)
ජාතික ලැයිස්තුව තිබෙන්නේ රටේ පාලනයට අවශ්‍ය කරන උගත් බුද්ධිමත් ඉංජිනේරුවරු , මහාචාර්යවරු වැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන එන්න මිසක් ඡන්දෙන් පැරදුන ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් පාර්ලිමේන්තු යැවීමට නොවේ (නි)
නියම වෙනසක්! (නි)