වසර 2008 අපේ‍්‍රල් මාසයේ සිට හිස්ව පවතින ජාතික මලල ක‍්‍රීඩා පුහුණුකරු ධුරය සඳහා ඒ.සී. ඩර්වින් පෙරේරා මහතා පත් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය දී ඇතැයි වාර්තා වේ.
වසර 2008 අපේ‍්‍රල් 6 වෙනිදා එවකට ජාතික මලල ක‍්‍රීඩා පුහුණුකරු ධුරයේ කටයුතු කළ ලක්‍ෂ්මන් ද අල්විස් මහතා හදිසි අනතුරකින් මියයාමෙන් පසු එම ධුරය මේ දක්වා හිස්ව පැවතුණි. ඒ සඳහා සුදුස්සකු නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය එකී කාලය තුළදී අපොහොත්වීම එම ධුරය එතෙක් හිස්ව පැවතීමට හේතු විය.
මේ අතර ලබන පෙබරවාරි මාසයේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන 11 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස සුනිල් ජයවීර මහතා නම් කිරීමට පෙරේදා (31) රැස්වූ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටුව තීරණය කළේය.
ජාතික මලල ක‍්‍රීඩා පුහුණුකරු ධුරයට පත් ඩර්වින් පෙරේරා මහතා වසර 2002 සිට 2007 දක්වා මීට පෙරත් එම ධුරයේ කටයුතු කර තිබේ. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ක‍්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයේ වසර ගණනාවක් ද කටයුතු කළ ඔහු වසර 2005-06 කාලසීමාවේදී මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධුරයේ ද කටයුතු කළේය.
සුනිල් ජයවීර මහතා කොළඹදී පැවැති 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ මෙහෙයුම් කමිටුවේ ප‍්‍රධානියා ලෙසත් කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික මලල ක‍්‍රීඩා පුහුණුකරු ඩර්වින්: