පරාජිත අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ඩී යූ ඩබ්ලිව් ගුණසේකර මහතා අද (2) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එසේම තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.
මැතිවරණ කොමසාරිස් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
නාමයෝජනා බාර දෙන අවස්ථාවේදී ප්‍රකාශිත ගැසට් නිවේදනයේ නම නොමැති සහ මැතිවරණයේදී පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ප්‍රකාශ කිරීමෙන් මැතිවරණ කොමසාරිස් මෙරට ජනතාවගේ මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලෙසද පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටි.
එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.
තමන් ශ්‍රී ලංකාෙව් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් බවත්,එය සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන්නේ යැයිද පෙත්සම්කරු කියා සිටී.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඡන්ද කොමසාරිස්ට යැවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලැයිස්තුවේ තෙවැනියා ලෙස නම් කළද , එම සන්ධානයේ වත්මන් මහලේකම්වරයා විසින් සැකසුණු දෙවැනි ලැයිස්තුවේ සිය නම ඇතුළත් නොවූ බව ද පෙත්සම්කරු කියා සිටී.තවත් පක්ෂ වලින් තරඟ වැදී පරාජයට පත්වූ අපේක්ෂකයින්ද පත් කර ඇතැයි එහි සඳහන් වේ.
තමන් ඇතුළත් නොකොට පරාජිත අපේක්ෂකයින් එම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ලෙස පතA කිරීම ජනතාවගේ පරමාධිපත්‍ය බලය සර්වජන ඡන්ද අයිතියට බාධා එල්ලවීමක් වන බවද පෙත්සම්කරු කියා සිටී.එය ජනතා බලය මොට කිරීමක් බවද පෙත්සම්කරු කියා සිටී.
මෙම ක්‍රියාවලියෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 ව්‍යවස්ථාව මඟින් පනවා ඇති නීතිය ඉදිරියේ සමාන ලෙස නොසලකා හැර ඇති හෙයින් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, පරාජිත අපේක්ෂකයින් 11 දෙනා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ පියවරක්. ජනතා අයිතිය කොල්ලකන්න දෙන්න එපා. (නි)
ඩියු මහත්තයාගේ වයස කීයද දැන්? මෙයත් මහින්ද මහත්තයගේ අඩි පාරේම යන්න හදනවද කොහෙද? (ම)
මීට ඉස්සර පරාජිතයින් පත්කිරීමේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ඇයි එතකොට? (නි)
මේ කලබල මුලුත් නැහැ පැරදුණු එකෙක් වත් ඇතුළට නොගෙන හිටියානම්. නයි රෙද්ද අස්සේ දාගත්තා වගේ වැඩක් තමා දැන් වෙලා තියෙන්නේ. එක් කෙනෙකුට දුන්නානම් තවත් ය ඉල්ලගෙන පෝලිමේ එනවා. වැඩේ අනාගෙන තියෙන්නේ දැන්..(ම)
පසුගිය දේවල් කෙසේවෙතත් මෙවරවත් මේ සම්බන්ධයෙන් උසාවි ගිය එක හොඳයි. ඇත්ත වශයෙන්ම අපි ඔබ සමඟයි. (නි)
ඔය තණ්හාව අතහැරලා දැම්මොත් නරකද? (නි)
ප්‍රියංකා හරියටම හරි.කටේ මසුරන් දාන්න ඕනෑ (නි)
ෂාරෝ සහ ලලිත් සමඟ සියයට සියයක් එකඟයි. මේක මුලින්ම කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. මර්වින් සිල්වා ඡන්ද දෙදාහක් අරගෙන පැරදුනු වෙලාවේ, චන්ද්‍රිකා තමයි මර්වින්ව නැවත ජාතික ලැයිස්තුවෙන් පත්කළේ. ඒකෙන් වෙච්ච හානිය පසුගිය කාලේ අපි කවුරුත් දැක්කනේ. (නි)
පක්ෂයේ මහා සභා රැස්වීමට 25ක් එන්නේ නැති කොමියුනිස්ට් පක්ෂයට මොන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරද? අර "දෙලොවට නැති අය" නවකතාව කියෙව්වහම තේරෙනවා ඡන්දෙ දෙනකොට පක්ෂ සාමාජිකත්වය අභිබවා කුල සහයෝගිතාව ඉදිරියට එන බව. (නි)
මේවා කාටත් හොඳ පාඩම්. (නි)
ඉතා හොඳ පියවරක්. ජනතා අයිතිය කොල්ලකන්න දෙන්න එපා. (නි)
මගේ විශ්වාසය නම් ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලෙස ඉල්ලා කෙරෙන මේ සියළු නඩු නිෂ්ප‍්‍රභා වන බවයි. මොකද කිව්වොත් පරාජිත අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පත්කිරීමට මැතිවරණ නීතියේ ප‍්‍රතිපාදන තිබීමත්, පරාජිතයින් පත්කිරීමෙන් පූර්වාදර්ශ තිබෙන බවත් පෙනීයන නිසයි. (නි)
ඉතින් මහත්තයෝ, තමාටම පෙනී සිටින්න තිබුනානේ. (නි)
කලින් කළ දේවල් හොඳ නැති නිසානේ ඒ ආණ්ඩුව ගෙදර යවලා යහපාලනය පත්කරගත්තේ. කළයුතුම දෙයක් මේක. පරාජිත මන්ත්‍රීවරු ගෙදර යැවිය යුතුයි.ජනතා පරමාධිපත්‍ය හෑල්ලු කරන අයට පාඩම් ඉගැන්විය යුතුයි.ඔබට සාධාරණය ඉටු වේ යැයි බලාපොරොත්තු වෙමු. (නි)
මේ ඉල්ලීම සර්ව සාධාරනයි! ලංකාව ප්‍රජාතන්ත්‍රීය රටක්. එසේ නම්, කොහොමද මහජනතාව ඡන්දෙන් ප්‍රතික්ෂේප කළ නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කරන්නේ? මෙය මහජන මතයට කරන නිගාවක්. මෙමගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහජනතාව තුළ තිබූ විශ්වාසයට බරපතල කැළලක් සිදුවේ. (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළ අය මොකටද ආයෙත් පාර්ලිමේන්තුවට ගන්නේ? එයාලව ගෙදරම යවන්න. ඔබ උසාවි ගිය එක සාධාරනයි. (නි)
රුසියාවට යන්න කියමු (නි)
අනේ මෙහෙම තණ්හාවක්! (නි)
ස්තුතියි මහතාණෙනි. මේ ප්‍රශ්නය කවුරු හෝ අධිකරණය වෙත ගෙන යායුතුයි. (නි)
බොහොම හොඳ ක්‍රියාමාර්ගයක් (නි)
ඉල්ලුවත් පරදින,ඉල්ලලා පැරදුන අයත් පත්කිරීමෙන් ජාතික ලැයිස්තුවේ පරමාර්ථ ඉෂ්ට නොවේ. (නි)
ඔබ සියයට සීයක් නිවැරදියි කියන්න තිබුනා. නමුත් ඔබ කී යම්කිසි කතාවක් නිසා දැන් එහෙම පිළිගන්න බැහැ... (නි)