ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියේදී ජාතික බැඞ්මින්ටන් ශූරී අචිනි රත්නසිරි පරදවා ජය ගැනීමට 15 හැවිරිදි ක‍්‍රීඩිකා තිළිණි ප‍්‍රමෝදිකා හෙන්දහේව සමත්වුවාය.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මුලස්ථානයේ පැවැත්වෙන මෙම තේරීම් තරගාවලියේදී අචිනි රත්නසිරි පරදවා තිළිණි තරග වට 2-1 ක ජයක් ලබා ගත්තාය. එහිදී ලකුණු තත්ත්වය 16/21, 21/14 21/6 ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට තිළිණි සමත්වුවාය. තිළිණි කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නීය.
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 28 වැනිදා සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා චීන තායිපේහිදී පැවැත්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකා පිල කේවළ ඉසව් සඳහා සහභාගිවීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජාතික බැඞ්මින්ටන් ශූරිය ‘පොඩි’ තිළිණිට පරදියි