ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියේදී ජාතික බැඞ්මින්ටන් ශූරී අචිනි රත්නසිරි පරදවා ජය ගැනීමට 15 හැවිරිදි ක‍්‍රීඩිකා තිළිණි ප‍්‍රමෝදිකා හෙන්දහේව සමත්වුවාය.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මුලස්ථානයේ පැවැත්වෙන මෙම තේරීම් තරගාවලියේදී අචිනි රත්නසිරි පරදවා තිළිණි තරග වට 2-1 ක ජයක් ලබා ගත්තාය. එහිදී ලකුණු තත්ත්වය 16/21, 21/14 21/6 ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට තිළිණි සමත්වුවාය. තිළිණි කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නීය.
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 28 වැනිදා සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා චීන තායිපේහිදී පැවැත්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකා පිල කේවළ ඉසව් සඳහා සහභාගිවීමට නියමිතය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd