IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ජාතික බැඞ්මින්ටන් ශූරී චන්ද්‍රිකා 15 හැවිරිදි තිළිණිට පරදියි

කොළඹදී දැන් පැවැත්වෙන 59 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේදී අද (14) පැවැති කාන්තා කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේ තරගයකදී ජාතික බැඞ්මින්ටන් ශූරියක වන චන්ද්‍රිකා ද සිල්වා පරදවා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ලාබාල කී‍්‍රඩිකා තිළිණි ප‍්‍රමෝදිකා සමත්වුවාය. තරගාවලියේ කී‍්‍රඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින චන්ද්‍රිකා තරගයේදී ප‍්‍රමෝදිකා හමුවේ පරාජයට පත්වුයේ 21/18, 21/15 ක් ලෙසිනි. ජාතික ශූරතා (කාන්තා) වැඩිම වරක් දිනා සිටින ප‍්‍රවීණ ක‍්‍රීඩිකා චන්ද්‍රිකා පසුගිය වසරේ කාන්තා කේවළ ඉසව්වේ අනුශූරතාව දිනාගත් ක‍්‍රීඩිකාවයි. 15 හැවිරිදි ප‍්‍රමෝදිකා ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමට ඇතුළත් නොවන අතර ඇය මෙම මස අවසානයේදී චීන තායිපේහිදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබා සිටින්නීය. තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයට අචිනි රත්නසිරි, කවිඳි ඉෂාදිකා, නදීෂා ගයන්ති සහ තිළිණි ප‍්‍රමෝදිකා සුදුසුකම් ලබා සිටිති. කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය අනිද්දා (16) අවසන්වේ. ඡායාරූපය: තිළිණි ප‍්‍රමෝදිකා



අදහස් (0)

ජාතික බැඞ්මින්ටන් ශූරී චන්ද්‍රිකා 15 හැවිරිදි තිළිණිට පරදියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1191 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1188 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site