කොළඹදී දැන් පැවැත්වෙන 59 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේදී අද (14) පැවැති කාන්තා කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේ තරගයකදී ජාතික බැඞ්මින්ටන් ශූරියක වන චන්ද්‍රිකා ද සිල්වා පරදවා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ලාබාල කී‍්‍රඩිකා තිළිණි ප‍්‍රමෝදිකා සමත්වුවාය.
තරගාවලියේ කී‍්‍රඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින චන්ද්‍රිකා තරගයේදී ප‍්‍රමෝදිකා හමුවේ පරාජයට පත්වුයේ 21/18, 21/15 ක් ලෙසිනි. ජාතික ශූරතා (කාන්තා) වැඩිම වරක් දිනා සිටින ප‍්‍රවීණ ක‍්‍රීඩිකා චන්ද්‍රිකා පසුගිය වසරේ කාන්තා කේවළ ඉසව්වේ අනුශූරතාව දිනාගත් ක‍්‍රීඩිකාවයි.
15 හැවිරිදි ප‍්‍රමෝදිකා ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමට ඇතුළත් නොවන අතර ඇය මෙම මස අවසානයේදී චීන තායිපේහිදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබා සිටින්නීය. තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයට අචිනි රත්නසිරි, කවිඳි ඉෂාදිකා, නදීෂා ගයන්ති සහ තිළිණි ප‍්‍රමෝදිකා සුදුසුකම් ලබා සිටිති.
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය අනිද්දා (16) අවසන්වේ.
ඡායාරූපය: තිළිණි ප‍්‍රමෝදිකා
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd