අනුරාධපුරයේදී මෙම 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික පාපැදි ශූරතාවලිය කල් දැමූ බව එහි සංවිධාන කටයුතු මෙහෙයවන අනුරාධපුර දිස්ති‍්‍රක් පාපැදි සංගමය පවසයි.
තරගාවලිය අගෝස්තු මස 17 සහ 18 යන දිනවල අනුරාධපුරයේදීම පැවැත්වෙන අතර තරගාවලිය කල් දැමීමට හේතු වූයේ අනුරාධපුර ඇසළ පෙරහර එම දිනවලදීම යෙදී තිබීම සැළකිල්ලට ගෙන බව අනුරාධපුර දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ ලේකම් උපුල් චන්දන මහතා ”ලංකාදීප” යට පැවැසීය.
ජාතික පාපැදි අතුරු කමිටුවේ අධික්ෂණයෙන් සංවිධානය කෙරෙන මෙවර ජාතික පාපැදි ශූරතාවලිය සඳහා අනුග‍්‍රහය දැක්වීම කී‍්‍රඩා අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ජාතික කී‍්‍රඩා සංගම් වාර්ෂිකව සංවිධානය කරන ජාතික ශූරතාවලි සඳහා අනුග‍්‍රාහකයන් සොයා ගැනීම එහි ප‍්‍රධානීන්ගේ වගකීමක් බව මීට පෙර පැවැති ජාතික කී‍්‍රඩා සංගම් ප‍්‍රධානීන්ගේ හමුවක දී කී‍්‍රඩා ඇමැති මහින්ද්‍රානන්ද අලූත්ගමගේ මහතා ප‍්‍රකාශ කර තිබුණි.
කෙසේ වුවත් තරගාවලියට අනුග‍්‍රහය දැක්වීමට කී‍්‍රඩා ඇමැතිවරයා ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු අවම අවශ්‍යතා සඳහා අනුග‍්‍රහය දක්වන ලෙස මේ වන විට අනුරාධපුර දිස්ති‍්‍රක් සංගමය පාපැදි අතුරු කමිටුවෙන් ඉල්ලීමක් කර තිබේ.
විනිසුරු දීමනා, පදක්කම් හා රක්ෂණ ආවරණ සඳහා අනුග‍්‍රහය දක්වන ලෙස එහිදී කළ ඉල්ලීම ජාතික පාපැදි අතුරු කමිටුව දැන් සළකා බලමින් සිටින බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මට යන්න වෙන්නෙ නැහැනේ! අගෝස්තු විභාගෙනේ. අපරාදේ! (දී)