IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජාතික පාපැදි ශූරතාවලිය අගේ 17 - 19 අනුරාධපුරයේදී

ජාතික පාපැදි ශූරතාවලිය අගෝස්තු 17 - 19 යන දිනවල අනුරාධපුරය නගරයේදී පැවැත්වේ. මෙවර ජාතික පාපැදි ශූරතාවලිය සඳහා ප‍්‍රවීණයන් සහභාගි වන ඉසව් දෙකක්ද ඇතුළත් කර තිබේ.

ශී‍්‍ර ලංකාවේ පාපැදි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේදී ඉහළම ලකුණු ලබාදෙන ජාතික පාපැදි තරගාවලියේ කාලය මැනීමේ හා මාර්ග ධාවන ඉසව් 10ක් අන්තර්ගත වන බව අනුරාධපුර දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ ලේකම් උපුල් චන්දන මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මෙවර තරගාවලියට අනුග‍්‍රහය ලබාදෙන ලෙස තරග සංවිධායකයන් කළ ඉල්ලීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වුවත් තරගාවලිය සංවිධානය කරන අනුරාධපුර දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ ඉල්ලීමක් පරිදි ඒ සඳහා උතුරුමැද පළාත් සභාවෙන් සයෝගය දැක්වීමට මහ ඇමැති එස්.එම්. රංජිත් මහතා පොරොන්දු වූ බවද උපුල් චන්දන මහතා පැවසීය.

සුපිරි (කාන්තා/පිරිමි), වයස 23න් පහළ (පිරිමි), කනිෂ්ඨ (කාන්තා/පිරිමි) යන ඉසව් මෙවර ජාතික පාපැදි තරගාවලියට ඇතුළත් කෙරේ.
අගෝස්තු 17 වැනිදා කාලය මැනීමේ තරගයද, අගෝස්තු 18 වැනිදා මාර්ග ධාවන තරග ද පැවැත්වෙයි. සුපිරි පිරිමි පාපැදි තරගයේ දුර කිලෝමීටර් 110කි. එහි කාන්තා තරගයේ දුර කිලෝමීටර් 60 කි.

වයස 23න් පහළ පිරිමි තරගයේ දුර කිලෝමීටර් 90කි. මේ අතර වයස 45ත් 55ත් අතර සහ වයස 55න් ඉහළ ප‍්‍රවීණයන්ගේ තරග ඉසව් දෙකක්ද මෙවර තරගාවලියට ඇතුළත් වෙයි.

මෙම තරගාවලිය පසුගිය ජූනි මස 20 - 21 යන දිනවල පැවැත්වීමට සූදානම්කර තිබුණද එය කල් දමනු ලැබිණ. උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් හා අනුරාධපුර නගරාධිපති එම්.පී. සෝමදාස යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් තරගාවලිය පැවැත්වේ.

ප‍්‍රවීණයන්ගේ ඉසව් සඳහා සහභාගි වන තරගකරුවන් වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවත්, ඊට අමතරව තරග ආරම්භයට පෙර තරග සංවිධායකයන් විසින් ඔවුන්ව තවත් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව පමණක් තරග වැදීමට අනුමැතිය ලැබෙන බව සංවිධායකයෝ පවසති.

තරගාවලිය පිළිබඳව වැඩි විස්තර දුරකතන අංක 071 8391574 ඔස්සේ උපුල් චන්දන මහතාගෙන් හෝ දුරකතන අංක 071 4195570 ඔස්සේ අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාගෙන් ලබාගත හැකිය.


 



අදහස් (0)

ජාතික පාපැදි ශූරතාවලිය අගේ 17 - 19 අනුරාධපුරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site