ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ ජාතික චෙස් ශූරතාවලියේ (2011) පිරිමි ශූරතාව දිනා ගැනීම ලාබාල කී‍්‍රඩක චාමික පෙරේරා සමත්විය. සචිනි රණසිංහ කාන්තා ශූරතාව දෙවැනි වරටත් දිනා ගත්තාය.
තරග වට 13 කින් සමන්විත මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහලේදී පැවැත්විණ. මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි චාමික පෙරේරා ජාතික ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර ඔහු තරග වට 13 අවසානයේදී ලකුණු 9.5 ක් ලබා ශූරතාවට හිමිකම් කීවේය.
අන්තර්ජාතික චෙස් ප‍්‍රවීනතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකා සචිනි රණසිංහ මෙවර කාන්තා ශූරතාව දිනා ගත්තේ ලකුණු 12.0 ක් ලබා ගනිමිනි. කොළඹ මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන සචිනි 2009 වසරේ ජාතික ශූරතාව දිනා ජාතික ශූරතාව හිමිකර ගත් ලාබාලතම ක‍්‍රීඩිකාව වුවාය. ඇය ඒ වන විට 15 හැවිරිදි වියේ පසුවූවාය.
ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:
පිරිමි
1. චාමික පෙරේරා (9.5), 2. ජී.සී.අනුරුද්ධ (9.0), 3. ප‍්‍රසන්න කුරුකුලසුරිය (8.5), 4. ආර්.එස්. කලූගම්පිටිය (8.0), 5. සී. බී. අලහකෝන් (7.5), 6. චන්දන විජේකෝන් සහ යසස් ළමාහේවා (7.0), 7. රොමේෂ් වීරවර්ධන, යූ. එම්. ජයසුන්දර සහ වී. කේ. කොග්ගල (6.0), 8. විමන් භාග්‍ය සහ ආර්. එස්. දිසානායක (5.0), 9. ගිහාන් ද සිල්වා (4.0), 10. පී. ඞී. දිසානායක
කාන්තා
1. සචිනි රණසිංහ (12.0), 2. දිනුෂ්කි පේ‍්‍රමනාත් (11.0), 3. නදුනි අබේවර්ධන (8.0), 4. තියුමි යශෝරා, තිළිණි කොස්වත්ත (7.0), 5. ප‍්‍රමෝද්‍යා සේනානායක, පංචාලි පෙරේරා (6.5), 6. ඒ. කේ. චන්ද්‍රසිරි, සුපෙසලා තිලකරත්න, ප‍්‍රමෝදි සත්‍යා (5.5), 7. ගිම්හානී ශසිප‍්‍රභා (4.0), 8. නෙලූනිකා මෙත්මාණී (2.5), 9. එල්. එන්. රාජපක්‍ෂ (2.0)

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd