නිදහස් දින සැමරුම් ජාතික උත්සවයේ දී ජාතික දීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහ නීතිපතිට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු විය
ත
කැළණිය ගල්බොරැල්ල පදිංචි විතානගේ සංජීය සුදත් පෙරේරා, පෑලියගොඩ පදිංචි ප්‍රදීප් ආසිරි සොයිසා සහ කැළණිය පදිංචි දොන් ප්‍රේමරත්න එම පෙත්සම ගොනු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලසුරිය, නමටම හරියන බාල කතා නොකියන්න. (නි)
සිංහල අසමත්, සිංහල සාහිත්‍යය අරහං, සුභාෂිතයේ කවියක්වත් දන්නේ නැහැ. ඒත් කතාව නම් සිංහල ජාතිය බේරාගන්න. බඩගෝස්තරවාදීන් සිංහල කොඩියෙන් සිය නිරුවත වහගන්න හදනවා. දන්නෝ බුදුන්ගේ ගීතය බුදුගුණ ගීයක් කියන්නේ මේ වගේ අය තමයි. (නි)
අනේ පවු මේ තුන්දෙනා! (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
උපාලි බොරු කියන්නේ, මේ සම්බන්ධව වෙන කියන්න දෙයක් නැති නිසා (නි)
ඔබ තුන්දෙනාට මගේ සුබ පැතුම්. ජාතික ගීය සිංහලෙන් පමණයි. (නි)
යහපාලනය දැන් ජනතාවට දවල් තරු පෙන්වනවා. දැක්කද? (නි)
අම්මපා මේ අයට කරන්න වෙන වැඩක් නැද්ද? එහෙම නැත්නම් පිස්සුද? (නි)
නීතිඥවරු නම් ඉතින් හොඳ ගතමනාවක් හොයාගනියි (නි)
හැඟුම්බර සහ අන්තවාදී වෙන්න එපා. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි රාජ්‍ය භාෂා වේ. එමනිසා දෙමළෙන් ජාතික ගීය ගැයීම කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් නොවේ. (නි)
පොළොන්නරු යුගයේ හින්දු කෝවිල් දාගැබ ළඟම හැදුවේ මොකද? අපේ සිංහල රජවරු දෙමළ බිසෝවරු ගෙනාවේ ඇයි? (නි)
අද කාලේ තමන්ගේ වාසිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මිනිස්සු ඉන්න රටකයි අපි ඉන්නේ (නි)
උපාලි, අමතක කරන්න එපා තවමත් දේශප්‍රේමින් ඉන්නවා රටේ. ඔයාලා වගේ අනුන්ගේ පදේට නටන පරගැතියන් නොවන. මගේ ප්‍රණාමය මේ එඩිතර සිහලුන් වෙතයි. ජය වේවා සිහල ජාතියට! මනෝජ්, ඔයාගේ බිසවත් දෙමළද? එතකොට ඔයා......? සහන්,පසුගිය කාලෙත් ජාතික ගීය දෙමළෙන් ගැයුවද...? (නි)
වියයුතුව තිබු දෙයක්. ව්‍යස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් ගෙනෙන්න හදනවා නම් ඒකට ඇතුළත් කරලා ව්‍යවස්ථානුකූලවම මේ දේ කරගන්නේ නැතුව කාට මොන හදිස්සියටද මොන අවශ්‍යතාවයටද සිංහල මිනිස්සු කුපිත කරවන්න මේක කළේ කියන එක දැනගැනීම වැදගත්. (නි)
ලියෝන් ගුණවර්ධන, මේකට මේ පැමිණිලිකරුවන්ට මුදල් වියදම් වෙන්නේ නැහැ. ඔවුන් මේ පෙත්සම ගොනු කරන්නේ කාගේහරි උවමනාවකට මිසක් ඔවුන්ට රට ජාතිය ගැන ඇතිවූ කැක්කුමක් නිසා නොවෙයි. ඒ බව නම් සහතිකයි (නි)
නීතිය දේශපාලනීකරනය වීම යහපාලනයද? (නි)
මෙරට සිංහල හා දෙමළ යනුවෙන් භාෂාවන් දෙකක් ඇත. මාගේද මව් භාෂාව දෙමළ වේ. මෙරට දෙමළ භාෂාව මව් භාෂාව ලෙස කතා කරන ජනගහණය මිලියන 4.7කි (නි)
හොඳ දෙයක්. ජය වේවා! (නි)
වෙලාවට සිරිසේන මහතා ජනාධිපති කාලේ මේ නඩුව දැම්මේ. පසුගිය කාලේ දැම්මා නම්....? (නි)
පෙරේරා, සොයිසා, දොන්, හැබෑටම ඔබ සිංහලද? (නි)
ජාතික ගීයේ තනුව, අදහස වෙනස්කර නැහැ. ගායනය දෙමළ භාෂාවෙන්. මොකක්ද වැරැද්ද? දෙමළ මිනිසුන්ට ඔවුන්ගේ මව්බසින් ජාතික ගීය ඇසීමට අයිතියක් නැද්ද? (නි)
නලින්,ඉන්දියාව මොන භාෂාවෙන් ජාතික ගීය ගැයුවත් ඒක මේ රටට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඉන්දියාව වෙනයි. ලංකාව වෙනයි. මේ රටට ජාතික ගී දෙකක් අනවශ්‍යයි. (නි)
ඉන්දියාවේ ජාතික ගීය දෙමළෙන් මුලින් කියමු. ඊටපස්සේ ලංකාවේ ජාතික ගීය දෙමළෙන් කියන්න ඉඩ දෙමු. බලමු මේ වැඩේ කෙරෙයිද කියලා. (නි)
ජාතිවාදයත් ආගම්වාදයත් ඔලුවට ගැහුවහම මිනිසුන් අන්ධ වෙනවා. යථාර්ථය පෙනෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. ඒක නිසා මේ යම් යම් ප්‍රතිචාර දැක්කහම දුකක් සිතෙනවා (නි)
මේකෙන් වෙන්නේ අන්තිමේදී ගීතයේ වචන නැතිවී තනුව පමණක් වාදනය වීමයි (නි)
ඔය නඩු දාපු මහත්මයලගේ දේශපාලන සම්බන්ධකම් ටිකක් හොයලා බලන්නකෝ. එතකොට හිතාගන්න පුළුවන් ඕක පිටිපස්සේ ඉන්න අය කවුද කියලා. ගිලෙන්න යන මිනිස්සු පිදුරු ගහක් දැක්කත් ඒකෙත් එල්ලෙන්න බලනවලු ජීවිතේ බේරගන්න. (නි)
ජාතික ගීය සිංහලෙන් කිව්වට නෙවෙයි, ඉන්දියාවේ රාමේශ්වරන් සිට තලේමන්නාරම දක්වා ඉදිකරන්න යන පාලම ගැන නඩු දාන්න. ඉන්දියා ගිලන්රථ සේවය ගැන කතා කරන්න. (නි)
වජිර, මම කාලයක් අවුරුදු 5ක් පමණ ඉන්දියාවේ ඉගෙනීමට නැවතී සිටි කෙනෙක්. මම සිටි ප්‍රාන්තයේ ඔවුන් ජාතික ගීය ගයනවා මම දුටුවා එම ප්‍රාන්ත භාෂාවෙන්. නමුත් අරුත සහ රිද්මය එකමය. නොදන්නා කෙනෙක් සිතන්නේ එය බෙන්ගාලි භාෂාවෙන් එන පළමු එකම කියා (නි)
වෙනම ඊළමක් ඉල්ලපු මිනිස්සුත් දැන් කියන්න අරගෙන "අප ශ්‍රී ලංකා ,නමෝ නමෝ මාතා“ කියලා. කොච්චර එකක්ද? (නි)
සිරිමල්, බමුණු, මොකක්ද බොරුව? 'සිංහල සහ දෙමළ ජාතික භාෂා වන්නේය' කියන එකද? ව්‍යවස්ථාවේ 19 වැනි වගන්තිය කියවා බලන්න. (නි)
දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් බව ගොඩක් අයට අමතකවීම තමයි ප්‍රශ්නේ. එහෙම නම් දෙමළ බස රාජ්‍ය භාෂාවක් කිරීමට විරුද්ධවත් නඩු දමන්න ඕනෑ. (නි)
වෙන කිසිම රටක නැහැ තමන්ගේ රටේ සිටිද්දී තමන්ගේ ජාතික අවශ්‍යතා සඳහා තමන්ගේ රටේ අධිකරණයක සහය පතන අවස්ථාවක්. (නි)
ඔය එන අයට අපේ රැකියා සහ නිවාස දීලා මුහුදට පනිමු අපි (නි)
මෙතන කිසි කෙනෙක් කළු සුදු වර්ණ බේද වාදයට එකගද? (බ)
සිංහලය විනාශයට ළඟා කරන බලපෙරේත දේශපාලනය කරගසාගත් සියලුම බඩගෝස්තර වාදීන් ට අද මේ රටේ සිංහලයාට සිදුවෙන විපත්තිය වැටහේවා. (බ)
ඊලාම් මාතා කියලද කීවේ? (බ)
ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ලාංකික සංහිඳියාවේ වැදගත්ම සාධකයක් බව මගේ හැඟීමයි. සිංහලයන් වීම හා මහ ජාතිය වීම නිසාවෙන් සුළු ජාතිකයන්ද අප මව්බිම, ඔවුන්ගේද මව්බිම කරගෙන මේ පොළොවේ උපදින බව අපට අමතක වීම, අතීතයේ අප මුහුණ දුන් රාශියක් ප්‍රශ්න වලට හේතු වූ බව මගේ උපකල්පනයයි. ජාතික ගීය යනු තම රට ජාතිය වෙනුවෙන් තමන් තුළ ඇති භක්තිය විදහාපාන, තමුන්ගේ රට ගැන ළය පුරවාඑන හැඟීමක් දැනවෙන, තමාගේය යන හැඟීම ඇති කරන ගීතයයි. එය තමුන්ගේ නොවන තමුන්ට නොතේරෙන බසකින් ගායනා කරනු අසා සිටීමෙන් ,සහෝදර දෙමළ ජනතාවට තමුන්ගෙ රට ගැන හැඟීමක් ඇති වෙන්නේ කොහොමද? (නි)
නලීන් යහම්පත් ඇයි බොරු කියන්නේ? ඉන්දියාවේ හැම ප්‍රාන්තයකම ජාතික ගීය ලෙස ගායනා කරන්නේ එකක් පමණයි. (නි)
මනෝජ්, ඔබම උත්තරය දෙන්නකෝ අපිට දැනගන්න. (නි)
බන්දුල පෙරේරා, සිංහල මිනිස්සු කුපිත වුණත් නැතත් ජාතික ගීය එය ලියු භාෂාවෙන් පමණක් ගැයීම ලෝකයේ සිදුවෙනවා. (නි)
මටනම් කියන්න තියෙන්‍ෙ අපරාදෙ මේ නඩුකියන සල්ලියි කාලෙයි. මොකද ඔය නඩුව වාසිවෙන්නේ විත්තිකාර පාර්ශවයට මිසක් යුක්තියට නෙවේ.එක්කෝ නිශ්ප්‍රභා වෙයි. නැත්නම් පැමිනිලි පාර්ශවයට නඩුවැටෙයි.අපේ අධිකරන පද්ධතිය ඒතරම් පිරිහිලා...(බ)
මොඩකමට බෙහෙත් නැහැ (ම)
ඔබට ජයවේවා! (නි)
මෝඩයින් වගේ හැසිරෙන්න එපා. තේරුම හරි නම් කිසිම වරදක් නැත. අපේ ගායකයෝ හින්දි දෙමළ කොපි කරනකොට ඕවා මතක නැද්ද? (නි)
පිස්සු නැත්නම් ෂෝක් (නි)
එදා හිටිය ඒ ආගමික නායකයින් හා බහුතර ජනතාව දැන් ඉන්න අයට වඩා ශිෂ්ට සම්පන්නයි. දැන් ඉන්න බොහෝ මිනිස්සුන්ගේ ඔළුගෙඩි විවිධ වර්ගයේ ජරාවලින් පිරිලා එහෙම අධර්මිෂ්ඨයින්ට ඕන සාමකාමී රටක් නෙමේ,අසමගියෙන් පිරිණු යුද්ධයක් පවතින රටක්. (බ)
මීට වසර 40 කට පමණ පෙර කුඩා කාලයේදී මම පාසල් ගොස් ගෙදර පැමිණ මෙම ගීය සිංහල භාෂාවෙන් ගයනකොට දෙමළ මාධ්‍යයෙන් ඉගෙනගත් මගේ සොයුරිය ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම මම අසා ඇත්තෙමි. නව පරපුරට මෙය අලුත් දෙයක් වගේ පෙනුනට ජාතික ගීය භාෂා කීපයකින් ගයන රටවල් නැතුවා නොවේ. (නි)
චන්ද්‍ර,මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා (නි)
ඒගොල්ලත් මුලික අයිතිවාසිකම් නඩුවක් දාන්න ඉඩ තියෙනවා සිංහලෙන් පමණක් ගැයීමෙන් ව්‍යවස්ථාවෙන්ම නියමව තිබෙන අනික් ජාතික භාෂාවට (දෙමළ) තැන දුන්නේ නැහැ කියලා. කමක් නැහැ, නඩු කියන්න කියන්න නීතිය පිරිසිදු වෙනවයි කියනවනේ. (ර)
උපාලි ඇයි බොරු කියන්නේ. (ර)
ඕවා අපේ දෙශහිතෛසී දෙසපාලඥයින් කලයුතු දේවල් බැවින් නීති කටයුතුවලට තමන්ගේ මුදල් නිකරුනේ වියදම් කරන්න එපා. (ර)
මෙතනදී සිංහලයින් ගැන විතරක් හිතමු.කොටි බෝම්බ තිබ්බේ සිංහල අපට විතරනේ. ඒවා මතකද? (නි)
ලියොන්, දේශහිතෛෂී දේශපාලකයින් කොහෙද ඉන්නේ? ඉන්නේ තමන්ගේ පෞද්ගලික වාසියට සියල්ල කරන අයනේ. (නි)
උපන් මව්බිමට ආදරය කරන මිනිසන් ඇති බව හිතන්න. (නි)
ඉන්දියාවේ ජාතික ගීතය ගයන්නේ බෙන්ගාලි භාෂාවෙන්. එය ලියවිලා තියෙන්නෙත් බෙන්ගාලි භාෂාවෙන්. එහෙත් එක එක ප්‍රාන්තවල තමන්ගේ භාෂාවෙන් එම අරුතම සහ එම තාලය සහ රිද්මය එන්න ගායනා කිරීමට අවසර තියෙනවා මෙන්ම එසේ සිදුවනවා (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
ඔබට දිරිය ලැබේවා! (නි)
ඔබ ගත් නිවැරදි සහ නිර්භීත පියවරට අපේ රටේ සියලු ජාතිමාමක පුරවැසියන්ගේ ගෞරවනීය ප්‍රණාමය! තෙරුවන් සරණයි! (නි)
ධර්මසිරි, කොටි බෝම්බ තිබ්බේ සිංහලයන්ට පමණක් නොවේ. ඔවුන්ට විරුද්ධ සැමටම. එම බෝම්බ වලට මැරුනේ සිහල පමණක් නොවේ. අනික් කරුණ කොළඹ අවට බෝම්බ තිබ්බේ සල්ලි වලට අපේම සිංහලයන්. (නි)
වංගෙඩියයි, මෝල්ගහයි වැරදිකරු වුණ රටේ තවත් මොනවද කතා? (නි)
එතකොට ඉන්දියාව? ඉන්දියාවේ භාෂා කීයක් තිබෙනවද? එහෙනම් ඉතින් ඉන්දියාවේත් ජාතික ගී ගොඩක් තියෙන්න ඕනෑනේ. (නි)
ඕනෑම රටක මේ වගේ රටේ සංහිඳියාවට අකුල් හෙලන නෂ්ටකාමීන් ඉන්න පුළුවන්. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැනේ. ඔන්න ඔහොම යමු (නි)
ලතා,මොනවද මේ කතා? (නි)
ඔබ ගත් නිවැරදි සහ නිර්භීත පියවරට අපේ රටේ සියලු ජාතිමාමක පුරවැසියන්ගේ ගෞරවනීය ප්‍රණාමය! තෙරුවන් සරණයි (නි)