හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්,එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ නීතිපතිවරයාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන නොවැම්බර් 18 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (14) තීන්දු කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු උපාලි අබේරත්න මහත්වරුන් හමුවේ පෙත්ම කැඳවිණි.
කැළණිය, ගල්බොරැල්ලේ විතානගේ සංජීව සුදත් පෙරේරා , පෑලියගොඩ ප්‍රදීප් ආසිරි සොයිසා සහ කැළණියේ දොන් ප්‍රේමරත්න වගඋත්තරකරුවෝ වෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි උපලේඛණයට අනුකූලව ජාතික ගීය සිංහල වචනයෙන්, සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු බවට ප්‍රකාශ කරන්නැයිද ඔවුහු ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"එක මවකගේ දරු කැළ බැවිනා" මිස " එක මවකගේ දරු කැළ මෙන් බැවිනා" නොවෙයි. ඒ මව ළඟ නම් හැදුනේ, දරුවන්ගෙන් ඇතැමෙක් අල්ලපු ගෙදර කතාකරන භාෂාවෙන් බඩගිනියි කිව්වට වදපු අම්මට තේරෙනවද. ළමයිනුත් දැනගන්න ඕනෑ අම්මා දුප්පත් වුණත් පොහොසත් වුණත් අම්මා කියලා කට ඇරලා කියන්න. ඕක තෝරලා බේරලා දෙන්නේ නැතුව සංහිඳියාවක් ගැන කරන බොල් දේශපාලන උප්පරවැට්ටියක් විතරයි.
මට තේරෙන්නේ නැත්තේ එක රටකට එක භාෂාවක් නැතිව භාෂා දෙකක් ඇයි කියන එක? ලංකාවේ අනන්‍යතාව නැතිවෙලා තියෙන්නේ. (අ)
ජාතික ගීය සිංහලෙන් විතරක් කිවුවොත් හොඳයි. (නි)
අපෙ රටට නිදහස ගෙනැවෙ අපෙ සිංහල මුතුන්මිත්තන් හිස දන්ගෙඩියට තියල, දැන් දෙමලෙනුත් ජාතික ගිය නිදහස් දිනෙට ගායනා කරන්න ඔනෙලු. (අ)
ඇයි ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායන කලාම තියන වරද මොකක්ද? එකෙන් සිද්ධවෙන අපරාධය මොකක්ද? භාෂාවටයි ජාතියටයි පන දෙන්න කතාකරන අයියලා බොහොම දෙනා හිතන්නේ ඔලුවෙන් ද කියලා සැකයි. ජාතික ගීය භාෂා දෙක තුනකින් ගයන රටවල් තියන බව දන්නේ නැද්ද? ඉන්දියාවේ ජාතික ගීය බෙන්ගාලි බව දන්නේ නැද්ද? පොන්නම්බලම් රාමනාතන්, අරුනාචලම් ආදී සම්භාවනීය ද්‍රවිඩ ප්‍රභූ වරුනුත් රටට නිදහස ලබාගැනීමට දායක වුන බව. (හේ)
චාමර, තනි භාෂාවක් තියන රටවල් කීයක් ලෝකයේ තිබෙනවද? සමහර රටවල්වල භාෂා ගණනාවක් තිබෙන බව දන්නේ නැද්ද? (හේ)