කායවර්ධන, ජිම්නාස්ටික් සහ අත්පන්දු (හෑන්ඞ්බෝල්) යන ජාතික සංගම් සඳහා අතුරු පාලක කමිටු 3 ක් පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර ගෙන තිබේ. ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණ පැවැත්වීමේදී හටගෙන ඇති අර්බුදකාරී තත්වයන් නිසා කී‍්‍රඩා අමාත්‍ය වරයා විසින් මෙම අතුරු කමිටු පත්කරනු ලැබ ඇත.
1973 අංක 25 දරණ කී‍්‍රඩා පනතේ කී‍්‍රඩා අමාත්‍ය වරයාට පැවරී ඇති බලතල වලට අනුව මෙම අතුරු පාලක කමිටු පත්කර තිබේ. දැනට මෙම කී‍්‍රඩා සංගම් වල නිලවරණ සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති චෝදනා සහ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් නිලවරණ පැවැත්වීමට පියවර ගන්නා බව කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනය කරයි.
ජිම්නාස්ටික් අතුරු කමිටුව
කර්නල් මහින්ද රාජපක්ෂ (සභාපති), ඇන්ටනී ඩයස් (ලේකම්), ශීලා ද සේරම් සහ අයි. පී. පද්මලතා
අත් පන්දු (හෑන්ඞ්බෝල්) අතුරු කමිටුව
අයි. පී. විජේරත්න (සභාපති), බී. ඞී. එල්. කුලරත්න (ලේකම්), ශිරෝමි පිලපිටිය, ලක්මිණි සමරසිංහ සහ ගිහාන් දල්පතාදු
කායවර්ධන අතුරු කමිටුව
කේ. එන්. කපිල කුමාර (සභාපති), ධම්මික සේනානායක (ලේකම්), කේ. පද්මසිරි පෙරේරා, ආර්. බී. වික‍්‍රමසිංහ සහ පී. එම්. ෆාර්න්
2025 දෙසැම්බර් මස 18
3
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික කී‍්‍රඩා සංගම් තුනකට අතුරු කමිටු එයි