ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කොට සියළු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතයක් ජාතික කොඩියට යොදාගත යුතු බවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියෝ පවසති.
සකස් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමේ කමිටුව දෙවැනි දිනට බ්‍රහස්පතින්දා (11) මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි රැස්වු අවස්ථාවේ කාන්තාවෝ එම යෝජනාව ඉදිරිපත් කළහ.
ව්‍යවස්ථා සම්පාදනය කිරීමට මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක, එස්.විෙජ්න්ද්‍රන් සහ එස්.තවරාසා මහත්වරු ඇතිළු පිරිසක් මන්නාරම් දිස්ක්‍රිකයේ අදහස් විමසති.
මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියන් පැවසුවේ ජාතික කොඩියේ සිංහයා සළකුණින් සිංහල ජනතාව ගැන පමණක් කියැවෙන බවයි. වර්තමානයේදි සියළුදෙනා එක්ව සහයෝගයෙන් ජිවත්වන බැවින් සියළු ජාතීන්ට සංකේතාත්මකවන සංකේතයක් ජාතික කොඩිය වෙනුවෙන් යොදාගත යුතු බවයි.
කාන්තාවන් දූෂණය කරන පිරිස සඳහා දඩුවම් ලබාදීම වෙනුවෙන් වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු අතර, කාන්තාවන්ගේ ගැටළු විසදීම වෙනුවෙන් ස්වාධීන කමිටුවක් ස්ථාපිත කළ යුතු බවටද ඔවුහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතන්න එපා මේ සිද්ද වෙන දේවල් අහබු සිදු වීම් කියල.ඔය පිටිපස ඉන්නේ ලෝකයේ දරුණුම ගැනේ කම්බා හොරෙක්.(කෞ)
යහපාලනයේ ඔක්කොම වගේ යුඑන්පියේ නිසා අලියා දැම්මොත් ෂෝක් අනේ.. (නි)
ඒ සැරේ ඩීල් එකට කීයද දන්නේ නැහැ නේද?(කෞ)
අනේ හාමුදුරුවනේ, ජාතික ගීයට කිව්වා වගේ මොනවාහරි කියන්නකෝ. දැන් යහපාලනයට ඡන්දෙ දීපු අය ලියලා තියන ඒවත් බලලාම කියනවා නම් හරි අගෙයි. (නි)
"නිදා සිටින සිංහයාගේ වලිගෙ පාගල ඇහැරව ගන්න එපා" කියල කියපු කට්ටියගේ වැඩක් වගේ.(කෞ)
මෙය බුද්ධිමය සංවාදයකට නිමිති විය යුතු වටිනා අදහසක්. එය අලුත් අදහසකුත් නොවෙයි. ඒත් සංවාදය යොමුවී ඇත්තේ සුපුරුදු ලෙස ආවේගශීලී මත දැක්වීම්වලටයි. සිංහයා සහිත ජාතික කොඩිය ව්‍යවස්ථාවට ඇතුළත් කරද්දී එයට විරුද්ධව මුලින්ම අදහස් පළ කළේ කුමාරතුංග මුනිදාස පඩිවරයායි. 'තිරිසනකු ජාතික සංකේතය ලෙස යොදා නොගත යුතු බව එතුමා පැහැදිලිවම කියා තිබෙනවා. එ් වෙනුවට එතුමා යෝජනා කළේ 'සූර්ය සංකේතයයි'. හිතල බලන්න කොයිතරම් බුද්ධිමත් අදහසක්ද? (කෞ)
මිනිස්සුන්ට මොනවා යෝජනා කරන්න බැරිද? නමුත් ඕවා මහාධිකරණයෙන් අනුමතවෙලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වෙලා ජනමත විචාරනයකිනුත් සම්මත වෙලා එන්න ඕනෑ. එනිසා යෝජනා කරන මිනිසුන්ට බනින්න එපා (නි)
ඔය එන්නේ පෙරහැර..අපි හිතුවා කසකාරයෝ එනකොට..(ම)
අපි වෙනමම කොඩියක් හදමු (නි)
ජාතික සංහිදියාව පේනවා මේකෙන්ම අපේ දෙසපලුවෝ කට අරන් බලන් ඉන්නවා මේවා වෙනකම්! (ම)
මොකක්ද හොඳ පොදු ළකුණ? (නි)
මේක කරන්න දෙන්න කොහොමත් බැ . (ර)
කෝ මේ අරාබි මහතා.එයා නම් ඉතින් එජාපෙ ඩයස්පෝර අශුද්ද හවුල කියන ඕනෙම දෙයක් අනුමත කරන ගමන් මහින්ද ට බනින එකනේ කරන්නේ . (කෞ)
ජාතික කොඩිය වෙනස් නොවියයුතු දෙයක්යැයි සම්මතයක් නැත. එයට වරින් වර වෙනස්කම් ඇති කර ඇත. ඔබ සියලුදෙනාගේ දැනගැනීම පිණිස ලියමි. නවසීලන්තයේ ජාතික කොඩිය මෑතකදී වෙනස් කරන ලදී. එයට මෙවැනි විරෝධයක් එල්ල වුණේ නැත (නි)
විවිද මිනිස්සුන්ට විවිද මතවාද තියෙනවා.අපි ඒවාට ගරුකරනවා. එත් මේකටනම් කියන්න තියෙන්නේ වල්බුරු නිදහස කියල. ජාතික කොඩියේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාව නියෝජනය කරන්නත් වර්ණ 2ක් තියෙනවා කියල අමතකද මුන්ට.(කෞ)
එහෙනම් අපි රාජ්‍ය භාෂාවත්,රාජ්‍ය ආගමත්, වෙනස් කරමු, හැමෝටම පොදු භාෂාවක් කතාකරමු. අාගමත් හැමෝමට පොදු ආගමක් භාවිතා කරමු. තව වෙනස් කරන්න මොනව හරි තියෙනවද දන්නෑ..? (ර)
ජාතික කොඩියේ අර්ථය කියලා දෙමු හැමෝටම.(ම)
කොඞියේ ඉන්න සිංහයව අතුරුදාහන් කරන්න ගියොත්නම් යහාපාලනයට අබසරණයි. (ම)
පූසෙක් දැම්මනම් හොදයි නේද ? කොයි ගෙදරත් ඉන්නවනේ. (රේ)
මොනවා කරන්න ද කරුණාපාල මහතා . දැන් කරපු දේවල් වලට මොනවා ද අපිට කරන්න පුළුවන්. තව අවු 4 ක් යන තුරු වෙන දෙයක් බලා ඉමු දෙන දෙයක් කාල . මහින්ද සෞදි ගේ අදහස අනේ මන්ද ? (කෞ)
කොඩිය කන්නද ? කොඩි ඕන නෑ.. අපි ලංකාවෙන් යමු.(කෞ)
ඔන්න නිදන් ඉන්න සිංහයෝ ඇහැරවන්න හදනවා .ඕනෙම දෙයක් ඕනෙවට වැඩිය හොද නැහැ .ජාතික ගීය කියන්න දුන්න කියල හැමදේම දෙන්න,වෙනස් කරන්න සිංහල ජනතාව සුදානම් නැහැ. (ම)
ජාතික කොඩියේ ප්‍රමිතිය පිලිබඳ සාකච්චාවක් තිබුන කලකට උඩදී යහපලානේ පටන් ගත්තු අවදියේම. මේ සාකච්චාවට සහභගි වෙලා යන ආචාර්ය පණ්ඩුල ඇඳගමයන් ඇහෙන්න තරුණයෙක් මෙහෙම කිව්වා. "බෝ කොළ හතරක් වැඩි කියන්නෙ. එකක් තිබුනහම මදිද කියල අහන්නේ," මේක අහගෙන හිටපු ඇඳගමයන් තරුණයාගේ අදහස තේරුම්ගෙන මෙහෙම කිව්වා. " නෑ ඉතින් නිකම්ම නිකම් රෙද්දක් තිබුනත් මදැයි "(කෞ)
කල් යනකොට ගැහැණු පිරිමි භේදය වෙනස් කරන්නත් පොදු කැල්ලක් බද්ධ කරන්න කියයිද මන්ද?(කෞ)
වාහන වල ශ්‍රී අකුරට කලෙත් ඕකම තමයි.(ම)
පටන් ගත්තේ ජාතික ගීයෙන් අවසානය නම් කොහෙද කියලා තවමත් හිතා ගන්න බෑ.(ම)
දැමිය යුතු සලකුණ මෙහි සඳහන් කළ නොහැක. නමුත් මා ඉදිරියේ යමෙකු මෙම යෝජනාව හොඳ යි සඳහන් කළොත් මම ඔහුට එදාට නියම සලකුණ පවසනවා. ඔටුවයි.කොටියයි සිංහයාට පහර දෙනවා දැම්ම නම් හොඳ නැද්ද. (බ)
ලංකාවේ අන්තිමට රජකළ දෙමළ රජ පෙළපත පවා එදා පාවිච්චි කළේ මේ සිංහ කොඩියයි. මේක පොදු සංකේතයක් මිස අන්තවාදි සිංහල ජාතික සංකේතයක් නෙමෙයි. එදා මේ රට සිංහලේ නමින්ද හැඳින්වුවා. රජ පවුල්වල දෙමළ අය හිටියා. තෙළිඟු අය හිටියා. කවුරුවත් මේකට විරුද්ධ වෙලා නැහැ. මේ අනවශ්‍ය ප්‍රශ්න දාලා රට අවුල් කරන්න එපා (නි)
ඉතාමත්ම සැලසුම් සහතව සිද්ධ වෙන මෙවැනි දේවල් ගැන පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාර දෙන්න.මේ පිටුපස සිටින "දැවැන්ත ආයෝජකය" කොටු කර ගන්න. (බ)
අප්පු මහතාගේ අදහස හරි.මෙය නොවිය යුතු දෙයක්...! නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් .රජයෙන් අවස්තාවක් පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වට මහජන අදහස් වලටත් ඉඩ ලබාදුන් නිසා යෝජනාකිරීමට අයිතියක් තියනවා තමන්ගේ අදහස...! යටින් වෙන වෙන බලවේග ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් හැම යෝජනාවක්ම ක්‍රියාත්මක කිරීමට පුලුවන්ද..? කලබල නොවී ඉමු.(රේ)
අපිට නම් තේරුණා ගොනා හැරෙනකොට පොල් පලේ කන්න තමයි කියලා.(ම)
යහපාලකයෝ කාලා ඇතිවෙලා වගේ (බ)
අපිට නම් තේරුණා ගොනා හැරෙනකොට පොල් පැලේ කන්න තමයි කියලා. (බ)
දැන් අඩු ඕක විතරයි ඕකත් දීපල්ලා ඊට පස්සේ රටේ බාගයකුත් දීපල්ලා එතකොට හරි (බ)
මේක යෝජනාවක් විතරයිනේ.මම කියන්නේ දෙමල ජනතාව හිතන් ඉන්න විදියට සිංහයාගෙන් සිංහල ජාතිය පමණක් පෙන්වන්නේ නැති බව ඒ උදවියට පහදා දෙන්න. හැම දෙයක්ම වෙන්නේ එකිනෙකා අතර වැරදි වැටහීම් නිසා.මේ කුඩා රට සියලුම ජාතින් ජාතින් සමගියෙන් කටයුතු කරනවා නම් කොච්චර දියුණු කරන්න පුලුවන්ද?ජාතික ගීය දෙමල බසින් ගැයුවට කමක් නේ.එ්ත් ඕන වට වඩා කිසිම දෙයක් වැඩක් නේ.ඒ අයගේ වැරදි වැටහීම නැති කිරීම සමජයක් විදියට අපි හැමෝගෙම යුතුකමක් හා වගකීමක්.පටු දේශපාලන මති මතාන්තර වලින් දැන්වත් තොර වෙන්න. (බ)
ඩුබායිවල නරිත් ඉන්නවද (බ)
මේ යෝජනාවටනම් ඉඩ දෙන්න එපා (බ)
ඕකටනේ යහපාලනයට ඡන්දේ දුන්නේ...රට අායෙත් ඉවරයි.....? මගේ රටට ශ්‍රී දළදා පිහිටයි. අවදියෙන් ඉමු..(බ)
මේවා සමහරුන්ට නම් බොහොම වැදගත් පුවත් (නි)
සහජීවන නඩේට දැන් සනීපද (බ)
මී සත්තුන්ගෙන් කෙනෙක් තෝරාගන්න පුළුවන් 1. කලවෙද්දෙක් (දැන් ජාතික සත්වය) 2. ගෙම්බෙක් (ගොඩක් ඉන්නේ පනින ය නිසා) 3. නත්නම් නරියා(කෞ)
වරෙල්ලකො වෙනස් කරන හැටි බලන්න (බ)
නලින් සමග සම්පූර්ණයෙන් එකගයි, ජාතික ගීය ගැන ගැටලුවක් නැ නමුත් මේක නං බැ. “ඔන්න නිදන් ඉන්න සිංහයෝ ඇහැරවන්න හදනවා .ඕනෙම දෙයක් ඕනෙවට වැඩිය හොද නැහැ .ජාතික ගීය කියන්න දුන්න කියල හැමදේම දෙන්න,වෙනස් කරන්න සිංහල ජනතාව සුදානම් නැහැ.,(බ)
සිංහයා ලංකාවේ සතෙක් නොවේ (කෞ)
හි හි...අපි නම් ඕව මුලදීම දැනගෙන හිටියා .....කොඳු නාරටි නැති පාලකයෝ පත් වුනාම ඔහොම තමා ....ඉස්සරහට තව හොඳ හොඳ ඉල්ලීම් එයි...අපේ මිනිස්සුන්ට හොඳ වැඩේ !! (බ)
යහපාලන රජය ජාතිවාදී සිංහයව ඉවත් කර කොටියෙක් හා ඔටුවෙක් ඉන්න කොඩියක් හදයි කියා බලාපොරොත්තු වෙනවා.(කෞ)
අඩු ඕක විතරයි ඕකත් දීපල්ලා ඊට පස්සේ රටේ බාගයකුත් දීපල්ලා එතකොට හරි (කෞ)
මොකක්ද දාන්න ඕන ලකුණ.? (ර)
සිංහයා අයින් කරලා..උණහපුලුවා දැන්මොත් නරකද?මේක යකාගේ වැඩක්නේ එක එකාට ඔන විදියට කැලි අයින් කරනයි එකතු කරන්නයි..(බ)
කරුණාපාල මහතා අපි මොනවා කරන්නද ? දැන් කරපු දේවල් වලට අපිට මොනවද කරන්න පුළුවන් ? ජාතික කොඩිය ගැන ආණ්ඩු ක්‍රම වියවස්තාවේ පළමු චැප්ටර් එකේ 6 වෙනි වගන්තියේ 2 වෙනි සේඩියුල් විස්තර කරනවා පැහැදිලිව . ජාතික ගීය මුලින්ම වෙනස් කරලා මුට්ටිය දාල බැලුවා , ගැටළුවක් නැහැ පාස් , දැන් ජාතික කොඩිය , ඊලගට ජාතික ඇදුම, ඊලගට ජාතික දිනය ..... (කෞ)
චන්දන, ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ තත්වයට වඩා ලංකාවේ තත්වය වෙනස් බව තේරුම් ගැනීමට ඔබට මොලයක් ඇති කියා හිතනවා..වෙනස් විය යුත්තේ රට දෙකඩ කිරීමේ අදහස මිසක් ජාතික ගීය හෝ ජාතික කොඩිය නොවේ.. ඔබ කියන ඔය රට වලට රට දෙකඩ වීමේ අනතුරක් තිබෙනවාද..? (කෞ)
මම මුස්ලිම් උනත් මේ වැඩේට විරුද්ධයි.. මොකද සිංහයාගෙන් කියන්නේ අපේ රටේ එඩිතර කම මිසක් සිංහලයෝ ගැන නෙවෙයි. (ර)
කාලෙක සිට මමත් කල්පනාකළා මහා අලස කම්මැලි සතෙක් වන සිංහයව ඇයි අපේ ජාතික කොඩියට තෝරාගත්තේ කියා. ඇතෙක් දැම්මනම් මිට වැඩිය හුගක් ගරුගාම්ම්බිරයි.වෙහෙර විහාර කෝවිල්වලත් ඇත්රුප තිබෙනවා. (බ)
ජූඩ් නම් හොඳටම බය වෙලාවගේ සහභාගි වෙලා ඉන්න අය. දැකල. (කෞ)
නුවන්, නරකද සිංහයාගේ පසසයි කොටියාගේ ඉසසරහයි දල කොටිසින්හයෙක් දැම්මොත්? අපි මොනවා කිව්වත් යහපලකයෝ තීරණය කරාවි. (කෞ)
චන්දන ඔස්ට්‍රරේලිය කතාකරන්නේ කටින්ද නැත්නම්........? නවසීලන්තේ කොඩිය වෙනස් කරන්නේ මේ වගේ හේතුවකටද? ඕස්ට්‍රේලියාවේ ඉන්නවා කියල සියල්ල දත් නොවෙයිනේ
දැන් ජාතික කොඩියත් නැතිකරන්න හදනවා (නි)
ඕක තමා අපි කරපු වෙනස එකෙන් එක කොටියට ඔන දේවල් ඉටු වෙනව ඉතා හොඳින්(අ)
සිංහයා වෙනස් කරනවාට වඩා ඉතාම පහසුයි තමන් වෙනස් වෙන එක එසේ කරන්නට අමාරුනම් තමන් ආසම කොඩිය තියෙන රටට යන්න පුලුවන් නේද (බ)
දැන් හරි ඔය ටික විතරයි ඕනනේ ජාතික සන්හිදියාවට ....ඇමති තුමා කියයි එකත් වැරැද්දක් නැහැ කියල ...රටේ නමත් වෙනස් කරමුද ? (බ)
ජාතික ගීය කියනකොටම අපි දැනගත්ත ඕක වෙනවා කියල. රිදී බන්දේසියේ තියලම දෙයි. ඡන්ද ටික හම්බවෙනවනේ.(බ)
තව මුකුත් එපාද.(කෞ)
ඉල්ලන රටේ වෙනම කෑල්ල දීල දාමුද එහෙනම්.අනේ මැරිච්ච අපේ කොල්ලෝ ටික.(කෞ)
සිංහයා අයින් කරලා වෙන දෙයක් දාපල්ලා (අ)
මේකට ඩුබායි තිලක්ගේ ෆොටෝ එකක් දාමු.(කෞ)
මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මොකද, මුලින්ම මේවා පොරොන්දු වෙලානේ ඡන්දෙට ගියේ. යහපාලනය, සනීප ඇති නේද ? (බ)
මේ රට මෙතුවක් කල් රැකගත්තු සිංහල ජනතාවට කරන සාධාරණයද මේ? ඔක්කොටම ඉස්සෙල්ල අර තැඹිලි, කොළ පාට තීරු දෙකත් අයින් කරල දාලම හිටියනම් නේද හොඳ? එතකොට ඒවා දකින නියම සිංහල ජනතාවගේ හිත රිදෙන්නෙත් නැහැනේ!(කෞ)
චන්දනගේ වෙස් මුහුණ දැන්නේ ගැලවෙන්නේ. (අ)
චන්දන බාගෙට කතා කියලා මිනිසුන් නොමග යවන්න එපා. නවසීලන්තයේ අවුරුදු 1500 තිස්සේ තිබුණු කොඩියක් නෙවෙයි වෙනස් වෙන්නේ. එය වෙනස් ප්‍රශ්නයක් (අ)
ඔච්චර දගලන්න ඔනි නැහ්නේ ඉන්දියාවේ කොඩිය දැම්මොත් නරකද ?? නැත්නම් තරුවයි හද පලුවයි ?? නැත්නම් කඩුවක් ??(කෞ)
ඕදාත, මමත් ඔයගේ මතයට එකගයි.තව ඉස්සරහට හොද, හොද නාඩගම් බලන්න පුළුවන් වේවි (කෞ)
අපි කරපු මෝඩ කම තමා මේ වගේ අයට ජන්දේ දීපු එක. අනුන්ට ඕන දේවල් කරන්න දෙන්නේ නැහේ මැරුණත්. (බ)
ජාතික ගීයට අතතිබ්බා. දැන් සිංහ කොඩිය... (නි)
බළල්ලු ලවා කොස් ඇට බාවන්න පටන් අරන් වාගේ. (කෞ)
චන්දන නවසීලතේ , කැනඩාව , දකුණු අප්‍රිකාව වගේ රට වල ප්‍රශ්න නැහැ , ඉතින් ඕනේ දෙයක් කරන්න පුළුවන් , නමුත් ලංකාවේ බෙදුම්වාදීන් ඉන්නවා . මම හිතනවා ඔබතුමා එහෙම නැතිව ඇති කියලා . අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිචේදයේ 6 වෙනි වගන්තිය යටතේ 2 වෙනි වෙළුම කියවා බලා අදහස් දාන්න . (බ)
පුළුවන්නම් වෙනස් කරන්න බලන්න.මොනවද වෙනනේ (කෞ)
ඕන කෙනකුට අදහස් දෙන්න පුළුවන්. හැබැයි මේ අයගෙන් අහන්න ඕන උප්පැන්නේ තියෙන තාත්තාගේ නම වෙනුවට අල්ලපු ගෙදර මනුස්සයාගේ නම දැම්මට කමක් නැද්ද කියලා (බ)
වෙනස සැපද? (නි)
තව ටික දවසකින් කියයි සිංහල කියන වචනය වෙනුවට වෙන නමක් ආදේශ කරන්ට කියල. එකත් මේ ආණ්ඩුව කරලා කියයි සමගිය වෙනුවෙන් ගත්ත උසස්ම ක්‍රියාදාමය කියල. එතකොට තිලක්-ඩුබායි කියයි සිංහල කියන්නේ නමක් විතරයි, එක වෙනස්කරනවට කෑ ගහන්නේ කම්බ හොරෙක් කියල. (අ)
තම පාලන කාලය තුළ මහින්ද මහතා දුදනන් රාශියක් තමා වටේ තියාගෙන හිටියා. මහින්දට වැරදුනේ එතන. සතුරු පාර්ශව එකතු වී කැලේ ගසක් නසන්න කැලේ ගසක් න්‍යාය යොදා ගත්තා. කූට යහපාලන බොරු පිළිගෙන වැඩි මනාපය දුන් නුඹලාට යහපාලනේ නිසාම වරදිනවා දකින්න ඉවසුමක් නැහැ මට නම්. (නි)
අනේ මොකටද අපි මේවට කතාකරලා? (නි)
ඔවා කරන්න දෙන්න එපා.. (ර)
එහෙම කළොත් රටේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙයි (නි)
ජාතික කොඩියේ සිංහයා උන්න කියල මොකක්ද තියන ප්‍රශ්නය. සමහරු කියන හැටියට සත්තු දාන්න ඕන නැහැලු. එහෙම නම් ඔය උකුස්සෝ,රාජාලියෝ,වලස්සු ජාතික කොඩිවල උන්නට කවුරුවත් විරුද්ද වෙන්නේ නැහැ.ඒ ඒ රටවල් වල ඉන්න සියලුම ජාතින් එකාවන්ව රැකියාවන් කරගෙන් ජ්වත් වෙනවා. ඇයි අපේ රටේ විතරක් ඒක බැරි. ඔය වගේ වැදගත් දේවල් වරින් වර වෙනස් කරන්න ගියොත් අන්තිමට ඉතිරිවෙන දෙයක් නැති වේවි. මම පොඩි කාලෙ අහපු කතාවක් කාටත් දැනගන්න එක්ක කියල මේක ඉවර කරන්නම් .ඉස්සර හරකුන් හන තියනකොට අයිතිකාරයාගේ නමේ මුල අකුරු තමයි කොටන්නේ . පුබ්බෝව කියන ගමේ උන්නලු මනුස්සයෙක් කළු බණ්ඩා කියල.ගමෙයි , එයාගේ නමෙයි මුල අකුරු හන තියල බැලුවම වැඩේ වැරදිලා . ඊට පස්සේ නමේ අවසාන කොටසට නම සම්පුර්ණ කලාලු. අන්තිමට අර අසරණ සතා ගියේ කොහෙටද කියල මම කියන්නේ නෑ. (අ)
කොටියෙකුගේ මුහුණ දැම්මා නම් හොඳයි (නි)
මිනිසුන්ගේ හිතේ තිබෙන වෛරය අවසන් වෙනතුරු මේ ලෝකේ කිසිම දෙයක් වෙනස් කරලා වැඩක් නැහැ (නි)
අනේ අපේ රට! (නි)
මෙතන කරන්නේ යෝජනාවක් පමණි. මෙය අවසන් තීරණය නොවන නිසා අප කළ යුත්තේ මෙයට විරුද්ද මතවාදයක් ඉදිරිපත් කිරීම මිසක් කාටවත් බැන වැදීම නොවේ. (බ)
නොකළයුතු දෙයක්. කොඩිය නෙමෙයි මාරුකරන්න ඕනේ, මිනිසුන්න්ගේ හිත් (අ)
මෙයාලට ඕනෑවෙලා තිබුනේ සිංහයා වෙනුවට කොටියව දාන්නනේ. මහින්ද මහත්තයා 2005 පැරදුනා නම් මෙලහකටත් ඕක වෙලා ඉවරයි (නි)
පළමුව කළ යුත්තේ කොන්ද පන නැති උන් ටික එලවා දැමීමයි. (බ)
මුළු ලෝකෙම අපේ රට අමතන්නේ සිංහයෝ හැටියට. යටත් විජිත යුගයේ සුද්දන් අපට කිව්වේ සිංහයෝ කියලා එහෙම ආඩම්බරයක් තියන අපිට මොකටද සිංහයන් අයින් කරන්නේ (බ)
නොදකින් කාලකන්නි හැත්ත. සිංහයගෙ තියන ගාම්බීරත්වය ඔය මොකක් දැම්මත් හරියන්නෙ නෑ (බ)
සිංහයා සිවුපාවෙකි. අනෙක් සිවුපාවන්ගෙන් ලොකු වෙනසක් නැත. මඳක් හෝ ශිෂ්ට සමාජයට කිට්ටු වුණ සතෙක් නොවේ. කෙසේවුවද එවැනි සංකේත වෙනස් කිරීමට පෙර මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කළයුතුය. (නි)
කෝ අපේ හාමුදුරුවරු? (නි)
හොඳ යෝජනාවක්. සිංහලයන්ටත් හොඳ පාඩමක්. කුඩුගහල, කසිප්පු ගහල, කාමයෙන් වියරුවැටිලා. (බ)
උතුරින් ඡන්ද වැටෙන කොට ඔහොම වෙනවා කියලා කලක ඉන්දලම දැනගෙන හිටියා (හේ)
මේ මිනිස්සු තව ටික දවසකින් කියයි සිංහල ජනතාව මේ රටේ සමගියට බාධාවක් එ්ක නිසා සිංහල ජාතිය මේ රටෙන් ඉවත් කරන්ඩ කියල..පොඩි ටික දෙනෙක් අනවශ්‍ය දේවල් කරන්ඩ හදනවා වගේ...(බ)
ඇයි දෙයියනේ ! පහුගිය සතිය පුරාම මාධ්‍ය වලින් පුන පුනා කිව්වේ අපේ ජාතික කොඩිය රටේ සිටින සියලුම ජාතින් නියෝජනය වෙන්නයි සකස් කරලා තියෙන්නේ කියලා. ඒ බව දන්නේ නැති අයද මේ යෝජනා ගෙනෙන්නේ? අත තියන්න එපා සිංහයාට. වෙන මොකුත් නිසා නොවෙයි, සිංහල රාජ වංශය පිළිබඳව එහි සංකේතයක් තිබෙන්නේ එපමණයි. අර අනෙක් වර්ණ තීරුවලට ඕනෑ එකක් දාගන්න එකයි ඇත්තේ (නි)
ඒ ගමන මොකාටද එන්න හදන්නේ? (නි)
රට ආදරය කියන එක කොඩියේ සිංහයා ද කියන එකද අපේ රටට තියෙන ප්‍රශ්නේ (බ)
හොඳ අදහසක්.(හේ)
ලක්මාල්, ඔබේ යෝජනාව මම ස්ථිර කරනවා (නි)
සිංහයා වෙනුවට වෙන මොනවා දාන්නද?(හේ)
කාටවත් ඕනෑ විදිහට ජාතික කොඩිය වෙනස් කිරීමට පුළුවන්කමක් නැත. (නි)
ඔය වගේ ඉල්ලීම් ලැබෙන්නේ කුමන හේතුවක් නිසාද....? (නි)
තමන්ගේ යහපත වෙනුවෙන් මේ රට හැර ගිය ඇත්තන් සිංහල අයිතිය ගැන කතා කරන අපිට බන කීමෙන් වලකින්න. සිංහලයාට ඇති එකම රට ශ්‍රී ලංකාව.(අ)
සියලු දෙනා නියෝජනය පිණිස දැමියයුතු සළකුණ මට මෙතන සඳහන් කිරීමට අසීරුය (නි)
ඔහොම දෙයක් වෙයි කියලා මට හිතුනා.(හේ)
මමනම් අවංකවම සතුටුයි.රුවන්වැලි සෑයත් ඩොසර් කරන්න ඕනේ. දළදා මාලිගාව කඩල එතන ඇමරිකන් සෙන්ටර් එකක් දාන්න ඕනේ. සීගිරියට ලිෆ්ට් එකක් හයිකරලා ඒක මුදුනේ රාත්‍රී සමාජ ශාලාවක් දාල සිගිරි අප්සරාවන් විදිහට උඩුකය පෙනෙන අය රෑට නටවල හොද ගතමනාවක් හොයාගත හැකිය.බෝ ගස් සියල්ල කපා දැමිය යුතුය. ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව කර සිංහල කතාකරන අයට දඩ ගසන ක්‍රමයක් දැමීම අනිවාර්ය කළ යුතුය. මේවා තිබෙන නිසා සුළු ජාතීන්ගේ සිත රිදෙන බැවින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේවා ඉක්මන් ඉවත් කිරීම තුලින් සාමකාමී රටක් බිහි කළ හැක. (බ)
චන්දන ඕස්ට්‍රේලියාවේ ඉඳලම කියන නිසා අපි ඒ කියන විදිහට කරමු (නි)
ඔව් අපි දාමු පිටුපස්ස පැත්ත. මොකද හැමෝටම තියෙන එකනේ...(බ)
චන්දන - ඕස්ට්‍රේලයා කියන්නේ බොරු. ළඟදි නවසීලන්තේ අගමැති ලංකාවට එනවනේ. අහලා බලමු. (නි)
දැන් මොකාද ඕකට හොඳ? (නි)
අපි එහෙනම් සිංහයව ඉවත් කරලා සිංහ පවුලක්ම ඇතුල් කරමු.ඔතන ඉන්නේ තුන් දෙනයි නේ .. මම මේ කොමෙන්ට් එක දාන තැන 4 දෙනෙක්ම කැමතියි මගේ අදහසට ..(බ)
දැන් නම් රට යන පැත්ත නොතේරෙන උදවිය මේ උගත් සභාවේ ඉන්න බැහැ. ජාතික ගීය වෙනස් කරනකොට අපි කිව්වා, ඊළඟට ජාතික කොඩිය කියලා. දැන් මම අද කියනවා ඊළඟට ජාතික ඇඳුම වෙනස් කරන්න ඕනෑ කියාවි. රටට ජාතියට , ආගමට ආදරය කරන උදවිය දැන්වත් ඇස් ඇරලා වෙන දේවල් බලන්න (නි)
අනේ මගේ කට! (නි)
චන්දන ඔයා ඉන්නේ ඕස්ට්‍රේලියාවල ඔයා ඔහෙම ඉන්න අපිනේ මේ රටේ ඉන්නේ අපි බලාගන්නම් අපේ රටේ දේවල්. වසර දහස් ගානක ඉදන් මේ රටේ තිබුණු සිංහ කොඩිය වෙනස් කරන්න ඕනි නැහැනේ එදා ඉදන් හිටපු සිංහල දෙමල ජනතාව ඔහොම එකක් ඉල්ලුවේ නැහැනේ නේද. (බ)
ජාතික ගීය අරුත් නොසුන්ව දමිළෙන් ගායනය කිරීම පිළිබඳව විරුද්ධවීමට කිසිදු තර්කයක් නොමැත. තමන් ඉතා හොඳින් දන්නා භාෂාවෙන් ගායනය කිරීමේදී ඒ හදවතට දනවන හැඟීම, හරිහැටි නොදන්නා භාෂාවකින් ගායනය කරනවාට වඩා ඉතාමත් අගනා කාර්යයකි. ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීම පිළිබඳව මතවාද සහ තර්ක ඉදිරිපත්කරන අයට මතක් කළයුතුව අැති එකම කරුණ නම් ඔබ ජාතික කොඩියේ පිළිඹිබු සියළු සංකේත පිළිබඳ කිසිදු දැනුමක් වැටහීමක් නොමැතිව හෝ ඕනෑකමින්ම අමතකකොට, සිංහයාට විරුද්ධව (සිංහලයා පමණක් නියෝජනය වනවායැයි සිතාගෙන) අවි අමෝරා ගැනීම "මුහුණත් සමග තරහ වී නහය කපා ගැනීම" ට තැත්කරනා අමනෝඥ උත්සාහයක් බවයි. (නි)
ඕකට දැන් මොකක්ද වඩා සුදුසු? (නි)
චන්දන ඡන්දෙට ගියගමන් තවම ලංකාවේද? ඡන්ද කාලේ කියපු බොරු වගේ නවසිලන්තය ගැනත් ලංකාවේ ඉන්න අයට බොරු කියන්න එපා. නවසිලන්ත කොඩිය තවම වෙනස් කර නැහැ.. එය වෙනස් කරනවාට වැඩි දෙනෙක් කැමති නැහැ. ඕස්ට්‍රේලියාවේ අගමැති වරු පහු ගිය කාලයේ එරට පදිංචි විදේ ශිකයන්ට (පුරවැසි භාවය තිබුනත්) ඒ රටේ විදිහට ඉන්න බැරි නම් කරන්න කියපු දේ දන්නවා ඇති නේ (බ)
දැන් ඉතින් මේවාගේ මෝඩ ප්‍රශ්නයි පලිගැනීම් ගැනයි තමා කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. රටේ සංවර්ධනය ඇලියවට ගිහින්. (කෞ)
අමුඩේ ඇදගත්ත අයෙකුයි ටයි කෝට් ඇදපු අයෙකුයි දෙපැත්තේ දාල මැද අසුචි වලක් තුල බැහැල ඉන්න මිනිස්සු ගොඩක් සහිත කොඩියක් හොදටම ගැලපෙන බව මමනම් හිතන්නේ. (බ)
ජාතික ගීය අරුත් නොසුන්ව දමිළෙන් ගායනය කිරීම පිලිබදව විරුද්ධවීමට කිසිදු තර්කයක් නොමැත. තමන් ඉතා හොදින් දන්නා භාෂාවෙන් ගායනය කිරීමේදී ඒ හදවතට දනවන හැගීම, හරිහැටි නොදන්නා භාෂාවකින් ගායනය කරනවාට වඩා ඉතාමත් අගනා කාර්යයකි. ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීම පිලිබදව මතවාද සහ තර්ක ඉදිරිපත්කරන අයට මතක්කලයුතුව අැති 1ම කරුණ නම් ඔබලා ජාතික කොඩියේ පිළිඹිබු සියළු සංකේථ පිලිබදව කිසිදු දැණුමක් වැටහීමක් නොමැතිව හෝ ඔීනෑකමින් ම අමතකකොට, සිංහයාට විරුද්ධව (සිංහලයා පමණක් නියෝජනය වනවායැයි සිතාගෙන) අවි අමෝරා ගැනීම "මුණත් සමග තරහ වී නහය කපා ගැනීම" ට තැත්කරනා අමනෝඥ උත්සාහයක් බවයි. ලිපියේ සදහන් නම් ගම් සහ ඡායාරූප පිලිබදවත්, සිව් හෙලයාගේ (සිංහෙලයාගේ=සිංහලයාගේ) සහ අනෙකුත් සහෝදර ජනතාවගේ ඉතිහාසය සහ ව්යාප්තිය පිලිබදව තවත් බොහෝ කරුණු ලියා දැක්විය හැකිමුත්,මේ ඊට අවස්ථාව නොවේ. අවසානවශයෙන් කිවයුතුව අැත්තේ පාළකයන් අතින් පාළනය නිසි සේ ඉටුනොවන දිනෙක, පාළකයන් තැනූ පාළිතයන්, සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් සටන්වැදීම නොවැලැක්වියහැකි කරුණක් වන බවකි. ඒවැනි තත්වයකට මහජනතාව රැගෙන ඒමේ ශාපය භුක්ති විදීමට කවුරු කවුරුත් සුදානම් වියයුතුව අැත.(කෞ)
ඔලුව ටිකක් දාගන්න ඉඩ දුන්නහම වෙන දේ තමයි ඔය. ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගපු හැටියට තමයි මේ වෙන්නේ. (නි)
දැන් මොකක්ද දන්නෙ නැහැ දාන්න හොඳ ළකුණ? (නි)
ඉතින් මේවා යහපාලන පොරොන්දුනේ. කලබල නොවී ඉන්න. ගීය දුන්නා වගේම ඉක්මනටම ඔයාලට අලුත් කොඩියක් ලබාදෙයි (නි)
මම යෝජනා කරන්නේ කොටියත් ඹටුවත් මෙයට ඇතුල් කරන්න කියා (බ)
තිලක්, ඔබතුමා පුදුම කඩේ යාමක්නේ යන්නේ (නි)
දිල්ෂාන්, අපගේ ජාතික කොඩිය ඇතුළේ ඉන්දියාවේ කොඩියේ තිබෙන කොළ පාට සහ තැඹිලි පාට ඔයා දැකලා නැද්ද? (නි)
සිංහ රැලේ ගැහැණු සත්තු දඩයමක් කළාම සිංහයා උන් ටික එලවලා හොඳම කොටස භුක්ති විඳිනවා. මේවා දකිනකොට මට මතක් වෙන්නේ බිරිඳව රට පටවලා නිකම් කකා ඉන්න අපේ උදවිය ගැන. ජාතික කොඩියට සිංහයා දැම්ම පුද්ගලයා අනාගතය ගැන දැන හිටිය කෙනෙක් වගේ. (නි)
ඇයි ඉතින් ජාතික ගීයත් වෙනස් කළේ.... (නි)
නමගිය මිලියන ගන්නන් හොරකම් කරපු ප්‍රභූ පවුලගේ. පිතුරය දැම්මනම් සිංහයාත් බයවෙනවා (කෞ)
ඩුබායි තිලක් කියන මහත්මයා මොන ජාතියේ කෙනෙක්ද මන්දා (නි)
සත්‍යපාල හරි. ඒවගේම දැන් කරන්න යන විදියට පනත තුළින් සිංහල රජ ඉතිහාසය වෙනස් කළයුතුය. එවිට යහපාලනය තුළින් සමගිය ලැබෙනු ඇත. මේවා කරනතෙක් සිංහලයාට රස කර කර දෙපිල බෙදී මරාගන්නට ඉඩදිය යුතුය (නි)
මොහොමෙඩ් හා ඉමා ගැන ආඩම්බරයි. නමුත් නුදුරු අනාගතයේදීම නැගෙනහිර අන්තවාදී කොටසකුත් යම් යම් දෑ සඳහා කැසකවන බව පෙනෙන්නට හා දකින්නට තිබෙනවා. ඒ සඳහා විරෝධයපෑමටත් ඔබවැන්නන් පෙරමුණ ගනීයැයි බලාපොරොත්තු වෙමි. (නි)
ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය, රණකාමී බව විහිදා පෙන්වීමටයි අප ජාතික කොඩියේ කඩුවක් අතැති සිංහ සළකුණක් ඵකතුකර ඇත්තේ. උතුරේ දෙමළ කාන්තාවන් මේ අර අදින්නේ යුද්ධ කර ලබාගැනීමට නොහැකි වුණ දේ සංහිඳියාවට මුවාවී ලබා ගැනීමට බව නම් පැහැදිලිය. මෙතෙක් ජාතික ධනයේ තිබෙන සිංහ රූපය වෙනුවට දැන් ඉල්ලන්නේ කොටි රූපයද? (නි)
ඉතින් සිංහ කොඩිය නැති රටකට යන්නකෝ. තමිල්නාඩුවට ගිහින් කියලා බලන්න මොකද වෙන්නේ කියලා (නි)
අපගේ බුද්ධි අංශ මේවා පිටුපස ඉන්න අයගේ පසුබිම හොයා බලන්න ඕනෑ. (නි)
දැන් බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. ඕකටනේ යහපාලනයට කඩේ ගියේ. ඕකත් අනිවාර්යෙන්ම කරනවා (නි)
ඔය ඉතින් ඉල්ලන් කන්න තමා. ඕකට තමා කියන්නේ බඩ පිනුම් ගහන්න දුන්නහම හිටි පිනුම් ගහනවා කියලා. (නි)
දාන්න සිංහයා ගේ මැද්දට හදවත විදගෙන ගිය ඊතලයක්. මොකද දැන් සිංහලයින්ගේ හදවතට ඊ පහර වැදිලා අසාධ්‍ය වෙලාෙන් තියෙන්නේ. ජාතික ධජය වෙනස් කරන්න ඉල්ලන අයට කියන්න ඒ අපි ඔවුන්ට ආදරය පෙන්වන සංකේතය කියලා. ඇත්තටම හිතට හරිම දුකයි අපිට අපේ රටට සිද්ධවෙන්න යන දෙයට. (නි)
ඔය දේ වෙන්නේ නැති දෙයක්.(හේ)
යාපනයේ මිනිස්සු ශ්‍රී ලංකාවේ ජාතික ගීය නැවත සිංහලෙන් ගයන්නේ නැතිවෙයි (නි)
දැන් නම් ඕනවට වාඩා වැඩි නේද ?(හේ)
ඇත්තටම මම මේ ප්‍රවෘත්තිය දැකලා කම්පාවට පත්වුණා. අපේ ජාතික කොඩියට අත තියලා තිබුණොත් එදාට දැනගන්න පුළුවන් අපේ රට වෙනුවෙන් දිවිපිදූ හෙළ වීරයන් නාමයෙන් අපි කරන දේ (නි)
අපේ ජාතික කොඩියේ සිංහයා සළකුණින් සිංහල ජනතාව නියෝජනය වන බව කවුරුත් දනී. මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව නියෝජනය වන ආකාරයට පාට දෙකක් ආදේශකොට ඇත. අද දින ශ්‍රී ලංකාවේ සියලු දේ ද්‍රවිඩ ජනතාවට ඕනෑ ආකාරයට වෙනස්වෙමින් පවතින අතර මේ සිදුවීම් ඉතා භයානක අයුරින් සිදුවෙමින් පවතී. (නි)
සිංහයා අපේ කොඩියට ආවේ දුටුගැමුණු රජ කාලයටත් පෙර සිටයි. (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
මේක කිහිප දෙනෙක්ගේ අදහසක් පමනයි. අනවශ්‍ය ප්‍රසිද්ධියක් දිය යුතු දෙයක් නෙමෙයි. (ර)
අපි දාමු එහෙනම් සිංහයෙකුයි, කොටියෙකුයි, අඩ සඳකුයි. එතකොට ඔක්කොමටම සනීපවෙයි (නි)
හැමෝම ඉල්ලුවේ වෙනසක්නේ. ඉතින් ඔය තියෙන්නේ වෙනස (නි)
ඉන්දියාවේ දෙමළ සින්දු, හින්දි, උර්දු, එතකොට බංගලි සින්දු, ඒ වගේම ඉංග්‍රීසි සින්දු ඔක්කොම ගයන්න පුලුවන් නම් ඒවායේ අරුතත් දන්නවා නම් තමන් ජීවත්වෙලා ඉන්න රටේ ජාතික ගීය සිංහලෙන් ගයන්නත්, ඒකේ අරුතත් දැගන්න එක ඔය කියන තරම් අමාරු නැති බව මම නම් දන්නවා. ඒගොල්ලො දන්නේ නැහැ වගේ ඉන්නවා කියලත් දන්නවා (නි)
අහෝ! සිංහලයා පව්කර ඇද්ද කෙතරම්? (නි)
දැන් හරි.ඕකත් කරයි.(හේ)
අනේ මොකටද මගේ කට! (නි)
යහපාලනය ඕකත් කරයි ඔහොම යනකොට (නි)
මෙහේ ඉන්න බැරි නම් වෙන රටකට ගියා නම් හරිනේ (නි)
අගෙයි! මොනවගේ රූපයක් දැම්මොත් හොඳද ඔයගොල්ලන්ට? (නි)
සිංහලයා කවදාවත් ජාතික කොඩියේ දෙමළ මුස්ලිම් ජාති නියෝජනය වන වර්ණ තීරු ඉවත් කරන්න කියලා කිව්වේ නැහැ. මෙයාලනේ මේකේ එක එක ඒවා අයින් කරලා එයාලට ඕනෑ විදියට මුළු රටම වෙනස් කරගන්න හදන්නේ. (නි)
උතුරේ ජනතාවගෙන් කෙළවරක් නැති ඉල්ලීම්! තව ටික දවසකින් තව මොනවා ඕනෑ කියයිද දන්නෙ නැහැ (නි)
නවසීලන්තයේ ඉතිහාසය ලංකාවෙි ඉතිහාසයට සමාන කරන්න පුලුවන්ද? (නි)
එහෙම කළාම ඔක්කොම ප්‍රශ්න විසඳෙනවද දන්නෙ නැහැ (නි)
මොනවද මේ කතා? (නි)
ඔන්න ඔහේ කොඩියක් ඕනෑ නැහැ. අපි නිකන් ඉඳිමු (නි)
මේවට අපි මොනවා කියන්නද මන්දා? (නි)
අපි කැමතියි ඔටුවෙකුගේ රූපය දානවා නම්. (නි)
ඊළඟට තව මොනවා ඉල්ලයිද දන්නෙ නැහැ (නි)
ජාතික කොඩිය ගැන බුද්ධිමය විචාරයක් පළකරනවා වෙනුවට බොහෝ දෙනා වෛරයෙන් ක්‍රෝධයෙන් අදහස් දක්වා ඇති බවයි පෙනෙන්නේ. (නි)
සමහර අදහස් දැක්කහම දුකකුත් ඇතිවුණා (නි)
ජයසිරි ජයසේකර මහතාගේ අදහස ඉතා උසස්. බුද්ධිමය සංවාදයකක් වෙනුවට ජාතිවාදී අදහස් පළකරන්න එපා. මිනිසුනේ, කොරහේ කිඹුලන් දනින්න එපා. අප සියලු දෙනා සියලු ජාතීන්ට සහජීවනයෙන් ජීවත්විය යුතු රටක් නිර්මාණය කළයුතුයි. සිංහලයා මහා ජාතිය ලෙස සිතන සිතුවිල්ලෙන් ඉවත්විය යුතුයි. සියලු ජාතීන්ට සම අයිතිවාසිකම් සහිතව සහජීවනයෙන් ජීවත්විය හැකි රටක් අපට අවශ්‍යයි. (නි)
මේක ලංකාව. ලංකාවේ ඔය එක එක රට වල වෙන දේවල් කරන්න දෙන්න හොඳ නැහැ. (නි)
මොකක්ද දැන් මේකට දාන්නේ? (නි)
ඉතාම කාලෝචිතයි. මොනවගේ රූපයක්ද දැන් දාන්නේ? (නි)
ඔන්නඔහේ එයාලා කියන විදිහකට කරමු (නි)
ජාතික කොඩිය ප්‍රමිතියෙන් තොරව ලංකාව පුරා දැනට තිබෙනවා. නියම කොඩියක් අපට නැහැ. සිංහයා ඉවත්කරන්න එපා. (නි)
එතකොට එන්ගලන්ත රැජිනගේ කොඩියේ සිංහයෝ තුන් දෙනෙක් ඉන්නෙත් සිංහලයව මතක් වෙන්නද? (නි)
ගොනා හැරෙනකොට තේරෙනවා පොල් පැලේ කන්නයි හදන්නේ කියලා. මේ තීරණය රජය එකහෙළා ප්‍රතික්ෂේප කළයුතුයි. (නි)
දැන් මේකද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය? (නි)
ආයෙත් අනවශ්‍ය ප්‍රශ්න නම් ඇතිවෙන්න දෙන්න එපා (නි)
කවුරු කොහේ ඉඳගෙන මොන දේ කතාකළත් අපිට කමක් නැහැ. ජාතික කොඩියේ ඉන්න සිංහයා හෝ සුළු ජාතිකයින් නියෝජනය වෙන වර්ණ තීරු ජාතික කොඩියෙන් ඉවත් කරන්න මේ රටේ කවුරුන් හෝ කටයුතු කළොත් එදාට නියම සැබෑ සිංහයින්ගේ තරම ඔය කොයි කාටත් බලාගන්න පුළුවන්. (නි)
දැන් කවුරුහරි යෝජනා කළොත් උතුරේ දෙමළ මිනිස්සු ඉවත්කර සිංහල මිනිසුන් දමන්න කියලා, කරන්න පුලුවන්ද? (නි)
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කළහොත්, මේ ආණ්ඩුව ගැන මිනිස්සු බොහොම ඉක්මනින් තීරණයක් ගන්න එක ස්ථිරයි. (නි)
චතුරිට අජීර්ණයක් තිබෙනවා වගෙයි. දෙන්නද බෙහෙත් ටිකක්. ජාතික කොඩියෙන් සිංහයාත් ගැලවුණු දවසට තේරේවි මහින්දගේ තරම. (නි)
සිංහ ලකුණ ශ්‍රී ලාංකික කමේ සලකුණ වේ (ම)
අපි නැවත 1956න් එහාට යනවා වගෙයි. දැන් කවුද සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු එකතු කරන්නේ? (නි)
අපි ෂෝක් පූසෙක් දාමු නේද?(කෞ)
මොන කුනුහරුපයක් ද මේ.(හේ)
මම නම් මුස්ලිම් නමුත් ජාතික කොඩිය වෙනස් කරන්න ඕනේ නැහැ. අපි ලාංකිකයෝ නමුත් මේක බෞද්ධ රටක් මේක උතුරේ ජනතාව තේරුම් ගත යුතුයි. නමුත් ජාතිවාදී මිනිසුන්ව අපි ප්‍රතික්ෂේප කල යුතුයි . හැම ජතිවදියෙකවම සිංහල දෙමල මුස්ලිම් වේවා (කෞ)
සිංහයා ඉන්න එකෙන් අනෙක් අයගේ හිතට අඩුවක් දැනිල නම් නරකද බහිරව රූපයක් දැම්මොත්(කෞ)
ඒක කොහොමත් කරන්න බෑ.(හේ)
මේ අයට පිස්සුද කොහෙද?(හේ)
චතුරි, කඩේ යාම නවත්තන්න. (කෞ)
පිස්සු වැඩක්.(හේ)
දාන්න කොටියෙක්ගේ මූණක්. එය වටා දැනට තිබෙන බෝ කොළ හතර වෙනුවට පතරොම් වටයක් දාන්න. රටකට ගිය කළ ...(හේ)
මා දන්නා පරිදි සිංහයා ජාතික කොඩියට ආවේ ද්‍රවිඩ ජාතික සිංහලේ රජතුමාවන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කාලේදී. එය සිංහල මිනිස්සු නිසා නොවේ. (හේ)
අනේ මන්දා මොනවා වෙයිද කියලා (නි)
ඔය කියන අය සිංහ කොඩියට කැමති නැත්තම් කැමති රටකට යන්න අපේ උරුමය නැති කරන්නැතුව (හේ)
සිංහයා ඉවත් කරන්න කොහොමත් බෑ.(හේ)
එහෙනම් කොටියෙක් දාමුද ? (හේ)
විකාර කියවනවද? (කෞ)