බස්නාහිර පළාත් සභාවේ කළුතර දිසාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයකු ජාතික ධජය සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගන්නා බව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්ට දන්වා ඇත.
එම අපේක්ෂකයා යන වාහනයේ ජාතික ධජය අලවා ඇති බවත්, පොස්ටර හා කටවුට් සඳහා ද ජාතික ධජය යොදා ගෙන ඇති බවත් එම සංවිධානය කියයි.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වදින සන්ධානයේ තවත් අපේක්ෂකයකු ගරාජ් අංක සහිත වාහන යොදා ගන්නා බව ද, එවැනි වාහන හයක් එම අංකය යටතේම හොරණ, මතුගම ආදී ප්‍රදේශවල ද ප්‍රචාරණ කටයුතු සිදු කරන බව ද කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්ට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට ජාතිය මතක් වෙන්නේ චන්ද ලංවෙනකොට. (දී)
ඔන්න ඔක්කොම විස්තර අල්ලනවනම්. (දී)
මේවාට උත්තර දෙන්න ජනතාවට වෙලාවක් එනවා, මතකතියා ගන්න දේශපාලකයෝ සරුංගල් වගේ නුල තියෙන්නේ ජනතාවගේ අතේ නමුත් ජනතාව ඕක දන්නේ නැති එකයි වරද (දී)
අනේ මගේ රට (දී)
අල්ලන් නේ මොනවද? කරන්න තියෙන්නේ චන්දෙ නොදී එලවන එකයි. පුළුවන් නම් උතුරේ ගිහින් ඕව එල්ලන්නකෝ. ඔලුවෙන් එවයි ආපහු? මේ වාහන වලටම කොච්චර සල්ලි යන්න ඇතිද? මිනිසුන්ට වැඩක් කරන්න නෙමේ මේ මිනිස්සු එන්නේ, අහිංසකයන්ට ලොකුකම් පෙන්නන්න. තඩි කාර් වල යන කොට වැඳුම් පිදුම් ලබන්න.. දැන්වත් තේරුම් ගන්න. ඕනවට වැඩි බලය විනාසයට මුල. (දී)
මේ අය රට නැති කරනවා .(දී)
අපේ ජාතික කොඩිය මොනවටද නොගන්නේ? (දී)
තුෂාර හරියටම හරි (දී)
කොඩිය නයම විදිහට පාවිච්චි කරනාවනම් ප්‍රශ්නයක් නැහැ නේ (දී)
මේකේ වරදක් මට නම් පෙනෙන්නේ නැහැ. මේක අපේ රටේ කොඩියයි. මේකට ජාතික කොඩිය කියන්න එපා. මේක ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හුවා දක්වන ශ්‍රී ලංකාවේ කොඩියයි. එක පිළිගන්නට කොටි හිතවාදීන් සුදානම් නැති උනාට අපි එය පිළිගත යුතුයි. මගුල් ගෙදරට මේ කොඩිය හොඳ නම් චන්දෙට මොකද නරක? මම හිතන්නේ අපි අන්තවාදී විය යුතු නැහැ. ශ්‍රී ලංකා කොඩිය දාන්න ඕන කියල අපි දෙමල සංවිධානයට කියනවා නම් සිංහලයන්ට එය චන්දෙදි තහනම් කරන එක හරිද? (දී)
සමහර අදහස් ලියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන ව වගේ. සිංහ ධජයේ අර්ථය නොදන්නා සිඟාලයෝ ඕකෙන් අමුඩ මහගෙන ඇන්දත් මේ පණ්ඩිතයෝ කියයි ඒක මේ රටේ මිනිසුන්ගේ අයිතියක් කියල. ජාතික කොඩිය සංකේතවත් කරන්නේ ලංකාවේ වසන සියලුම ජනතාවන් ගේ සමගිය, ආරක්ෂාව හා අයිතීන් තහවුරු කරන දේශයේ අභිමානයයි. එවැනි පුළුල් අර්ථයක් ඇති ජාතික කොඩිය දෙසපාලුවන්ගේ නිරුවත වසා ගන්න තැත් කරන විට ඊට සළු වඩන්න ඉදිරිපත්වෙන "නිළමෙලා" ඉන්න රටේ කොඩියට පමණක් නොවේ ජාතියට ත් අනාගතයක් නැහැ. (අ)
සත්‍යයා . ඔයාගේ කොමෙන්ට් දිහා බලනකොට වෙනස් ආරකින් ලියන නිසා මම ඒවාට කැමතියි. කවුරුත් හිතන්නේ නැති සයිඩ් එකක් තමයි ඔයා බලන්නේ. ඒක හරි අපුරුයි මචන්. මම අපේ රටේ කොඩියට හරි කැමතියි. ඒක මිස්යුස් කරනවට මම කැමති නැහැ. (අ)
මේ කාටවත් චන්දෙ දෙන්න එපා (දී)
මේ අයට දඩුවම් දෙන්න බැරිද? (දී)
මේ අය ඔක්කොම ගජමන්ලා ,සුදුස්සාට දෙන්න කල්පනාවට (දී)
මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නොවෙයි....පෙබරවාරි 4 නිදහස් දිනයේ සෞදි අරාබියේ ජෙධා නගරයේ කෞන්සල් ජෙනරාල් කාර්යාලයේ නිදහස සමරුවේ ජාතික ධජය කෙක් එකක් ඇටියට සදා කපා කොට දමා. ඒකද නිදහස් සැමරුම. මේවට වග කිව යුත්තන් දැඩි නීති පනවන්න ඕනා. (අ)
ඡන්ද කාලෙට කොඩිය යොදාගැනීම තහනම්. බිග් මැච් වල්ඩ් කප් වලට කොඩිය කර වටෙයි ඉණ වටෙයි සිංහයාගේ ඔලුව පහලට කරලා හොලවන්නයි කම්මුලේ අලවගන්නයි හොඳයි. ඡන්දෙන් දිනුවට පස්සේ අපේ කොඩිය පෙරටු කරගෙන යන්නත් හොඳයි. දෙමළ කණ්ඩායම අපේ කොඩිය විසිකරනකොට එකත් හොඳයි. නමුත් ඡන්දෙට ඒ සෙල්ලං බැහැ. කොයි පක්ෂෙට උනත් ලංකාවේ තුළ අපේ රටේ සිංහ කොඩිය එසවීමට බාධාවක් තිබීම වැරදිය. (අ)
ජාතිය විකුණාගෙන කන කට්ටියට චන්දෙ දෙන්න එපා (දී)