ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවීම ගැන තමාගේ කිසිදු අකමැත්තක් නැතැයි ද, ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීමට තමනට හේතුවක් නැතැයි ද වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කියනීය.
යාපනයේ උත්සවයක දී ජාතික කොඩිය එසවීමට තමාට කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවට පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි ද ඇය පවසන්නීය.
එම උත්සවයේ දී ජාතික කොඩිය ඔසවන ලෙස තමාට ආරාධනාවක් ලැබුණේ නැතැයි කියන ඇමැතිවරිය බොරු ප්‍රචාර යවා පිරිසක් ජාතිවාදය ඇවිස්සවීමට අර අදින බව ද සඳහන් කරන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙන්සිල්, මෙරටේ 75% සිංහල බෞද්ධ මිනිස්සු. ඒක මතක තියාගන්න. ඔවුන්ට හිමි තැන නැතිවෙනවා නම් වෙන මොනවා කරන්නද? (නි)
කුමාරසිංහ, මේවා තේරුම් ගන්න බැරි සිංහලයන් අපට ඉන්නවා. (නි)
අපි කෙරුවොත් තමයි ඒක මහා වැරැද්ද (කෞ)
සිංහලයාට විනකරන්නන්ට ශාප වේවා!! සිංහලයාට මව්බිම කියලා තිබෙන එකම රට මේක. (නි)
සනත් ඉන්දිකගේ අදහස් වලට මම එකගයි.එකම රටක් එකම ජාතියක්.ඒ වගේම සැමටම සම අයිතියක්. (ර)
ඕස්ට්‍රේලියාව කියන්නේ ඉතාමත් හොඳ රටක්. දැන් එහෙට ගිහිල්ලා පදිංචිවෙලා මේ රටේ සිංහල අයිතිය ගැන කතාකරන අපිට බණ කියන අයට පෙනෙන්නේ නැද්ද බුදු පිළිම වහන්සේලා ඕස්ට්‍රේලියාවේ ගෙවතු අලංකාරය පිණිස තබා තියෙන හැටි. (නි)
දැන් මෙයාම කියනවා ජාතික කොඩිය ඔසවනවට විරුද්ධ නැහැ. තමන්ට ආරාධනයක් ලැබුනේ නැහැ කියලා. අපේ සමහක් මෝඩයෝ එක විශ්වාස කරන්නේ නැහැ. මඩකාරයෝ කිව්ව එක හරි කියලා හිතලා ඔහේ දොඩවනවා. (බ)
සනත් ඉන්දික කියන්නේ ඇත්ත .(කෞ)
ලොකු ටෝක් දීලා වැඩේ කොර උනාම බබා වෙන්න හදනවා.මේ ගෑනිගෙ චන්ද ප්‍රචාර පෝස්ටර් වල තිබුන දේත් රටම දන්නවා.(කෞ)
ජාතික කොඩිය උස්සන්න අකමැති නම් අපි දන්නවා කරන්න ඕනෑ දේ (නි)
ඇමතිතුමිය දැන් කතාව අනිත් පැත්තට හරවනවා...බයවෙන්න එපා විනය පරීක්ෂණ නැහැ.(කෞ)
චන්දන ඔයා ඔහෙම ඉන්න නිහාල් ඔබ හරි වැරද්ද නම් කවුරු කළත් වැරදියි මෙය යහපාලන අවදන්නෙක් (අ)
ඕස්ට්‍රේලියා චන්දන , කියන දේ ඇත්තද? ඇත්තමනම් අපට මේ රට විතරයි තියෙන්නේ අනික් හැම ජාතියකටම අයිති වෙනත් රටවල් තියෙනවා. අපේ අන්තිම සිංහලයා දක්වා අපේ රට කියන එක රැක ගැනීම සිංහලයාගේ වගකීමක් (බ)
විරුද්ධ වුණත් අපිට කමක් නැහැ. සිංහ කොඩිය දෙවුන්දරතුඩුවේ ඉඳලා පේදුරුතුඩුව දක්වාම එදත් ඉස්සුවා, අදත් උස්සනවා, හෙටත් උස්සනවා. ඒ සමඟ ඔයාලගෙ පළාත් කොඩිය ඉස්සුවට කිසිම අවුලක් නැහැ. වෙන්න ඕනෑත් ඒ ටිකයි. එකම රටක්, එකම ජාතියක්, එකම ජාතික කොඩියේ හෙවණක් (නි)
ඔයාල කළොත් කටකතා සිංහලයෙක් කළොත් ජාතිවාදී ආගම්වාදී තව නොයෙක් කතා (බ)
විරුද්ධ නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ (නි)
ද්‍රවිඩ මුස්ලිම් ජාතීන්ට මහා ගෙදර ලෙස සළකිය හැකි රටවල් කිහිපයක්ම ඇතත් සිංහල අපිට ඇත්තේය් ශ්‍රී ලංකාව පමණි. ඒ නිසා ශ්‍රී ලංකාව අපේ එකම මවුරටයි. (නි)
සනත්, ඔබ ඔය කියන දේවල් කිසිමදෙයක් ඇහැට දැක්කාද? ඔබට රාජපක්ෂ පැරදුනු එකට හිතේ අමාරුවක් තිබෙන්නට පුලුවන්. ඒත් බොරු පතුරවන්න එපා (නි)
ඩෙන්සිල් කියන කතාව සහතික ඇත්ත... (නි)
මෑතකදී යාපනයේ පැවති ප්‍රදර්ශනයකදී වේදිකාව පසුබිමේ ශ්‍රී ලංකාවේ ජාතික ධජය විකෘති විදියට ගෝලයක් තුළ පෙන්වා තිබුන අතර, ඉන්දියාවේ ජාතික ධජය වඩාත් කැපීපෙනෙන විදියට පෙන්නුම් කරලා තිබුනා. බුද්ධි අංශ මේ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි. (නි)
නැවත කිසිම දිනක ජාතික ගීය මේ රටේ ප්‍රධාන භාෂාව වන සිංහලෙන් යාපනයේදී ගයනවා දකින්න ලැබෙන්නේ නැහැ. (නි)
අපි බලමුකෝ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා (නි)
දෙමළ අයට විතරක් ජාතිවාදී හංවඩුව ගහන්න එපා. බොහෝ අය සිංහල ජාතිවාදී අදහසුත් පතුරනවා. මේ අයට උවමනා සාමය නොවෙයි, නැවත යුද්ධයක්. (නි)
කිතුල් ගහට නැග්ග කෙනාටත් කියන්න දේවල් තිබ්බනේ. (ර)
මම කුමාරසිංහගේ කතාවට එකඟයි. (ර)
එතුමිය කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ඇති.(හේ)
මහජන නියෝජිතයෙක් වෙලත් දන්නේ නැද්ද ජාතික කොඩියක් තියෙන්න ඕනෑ බව ජාතික උත්සවයක? පක්ෂය ආරක්ෂා කරන එක දැන් හොඳයි. ඩෙන්සිල්, මොකක්ද ඔය කියන ජාතිවාදය කියන්නේ? කවුද ඕක ඇදලා ගත්තේ? කරුණාකරලා කියන්න තමාට ඉඩමක් අරගෙන උතුරේ ගිහින් පදිංචි වෙන්න පුළුවන් නිදහසක් එහෙ තිබෙනවද කියලා. (නි)
ඇයි දන්නෙ නැහැ එහෙනම් උත්සවයට නොගියේ? මේ කතා අපි පිළිගනිමුද? (නි)
දීපාල්, ශෂික, සනත් (සනත් ඉන්දික නොවේ) ඔයගොල්ලෝ එතුමිය ජාතික කොඩිය එසවීමට කළ ආරාධනය ප්‍රතික්ෂේප කළා කියලා කොහොමද දන්නේ? එතුමියට උත්සවයට සහභාගිවීමට කොහකියාවක් තිබෙන්න බැරිද? ඔයගොල්ලෝ ඔක්කොම කොහොමද ඔහොම හරිම පටු කුහක විදිහට හිතන්නේ? මහින්දට බලය දෙන්න මේ රට නැවත විනාශ කරන්න හදන්න එපා (නි)
මොවුන් ලංකාවේ නෙමෙයිද? හැමෝම ජාතික කොඩිය දාන්න ඕනෑ (නි)
ජාතික කොඩිය උස්සන්න අකමැති නම් මොන කොඩියද උස්සන්න කැමති කියලා දැනගන්න අපට අයිතියක් තිබෙනවා. (නි)
කොඩිය ඔසවනවට විරුද්ධ නැත්නම් ඇයි ආරාධනය ප්‍රතික්ෂේප කළේ? දැන් වැරැද්ද වහගන්නද හදන්නේ? (නි)
මුලින්ම ආවේ වාහනවල අංක වලට යෙදු ශ්‍රී අකුර ඉවත් කිරීම. ඊළඟට ආවේ ජාතික ගීය. දැන් ජාතික කොඩිය. තව දිගට නිශ්ශබ්දව හිටියොත් ඉතුරු ටිකත් ඉක්මනටම වෙන්න පුලුවන්. (නි)