2011 සැප්තැම්බර් 02 | ප.ව. 12:34
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
ශ්රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ජාතික ආධුනික බොක්සිං තරගාවලියේ (2011) දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස පොලිස් කී‍්‍රඩා සමාජයේ ධනංජය වීරසිංහ ද, දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙස පොලිස් කී‍්‍රඩා සමාජයේම ක‍්‍රීඩිකා සමන්ති ප‍්‍රියංකා ගුනෙත්ති ද සම්මාන ලැබුහ.
පාසල් බොක්සිං තරගවලින් සමුගත් හා ජාතික මට්ටමේ තරගවලට ඉදිරිපත් නොවු ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 175 දෙනෙක් මෙම තරගාවලියට සහභාගිවුහ. කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංතියෙන් තරග කරන වීරසිංහ අවසන් තරගයේදී යුද හමුදාවේ ජී. කේ. ගුණරත්න පරදවා ජය ලැබීය.
ලයිට් වෙල්ටර් බර පංතියේ අවසන් තරගයේදී තියුණු සටනකින් පසුව පරාජය වු යුද හමුදා කී‍්‍රඩක කේ.ටී.රමේෂ් දක්‍ෂතම පරාජිතයා විය.
කිලෝග‍්‍රෑම් 54 බැන්ටම් බර පංතිය නියෝජනය කරන එස්. ප‍්‍රියංකා අවසන් තරගයේදී ඞී. එම්. අබේවර්ධන පරදවා ලකුණු 22/16 ක ජයක් ලබා ගත්තාය. ප‍්‍රියංකාට හොඳ තරගයක් ලබා දුන් ලීනියා ක්ලොතින් බොක්සිං සමාජයේ අබේවර්ධන දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙස එහිදී තේරී පත්වුවාය.
අවසන් තරග ප‍්‍රතිඵල:
පිරිමි
- කි.ග‍්‍රෑ.48 ලයිට් ෆ්ලයි බර පංතිය
ඒ.ඞී.මධුෂංක (ස්ලිම්ලයින්) විසින් ඒ.එන්.අධිකාරී (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ.52 ෆ්ලයි බර පංතිය
ආර්. එස්. බණ්ඩාර (යුද හමුදා රෙඞ්) විසින් එස්.එම්.ද සිල්වා (යුද හමුදා රෙඞ්) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ.56 බැන්ටම් බර පංතිය
ඞී.වී.වීරසිංහ (පොලිසිය) විසින් ජී.කේ.ගුණරත්න (යුද හමුදාව) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ.60 ලයිට් බර පංතිය
විමුක්ති කුමාර (යුද හමුදාව) විසින් එම්.ඞී.ධනුෂ්ක (නාවික හමුදාව) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ.64 ලයිට් වෙල්ටර් බර පංතිය
එම්.ජේ.මුවාත් (යුද හමුදා රෙඞ්) විසින් කේ.ටී.රමේෂ් (යුද හමුදා රෙඞ්) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ.69 වෙල්ටර් බර පංතිය
එන්.එම්.හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්) විසින් කේ.ජී.සමරකෝන් (යුද හමුදාව) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ.75 මිඞ්ල් බර පංතිය
ප‍්‍රසන්න (පොලිසිය) විසින් ආර්.කේ.ගුණරත්න (විද්‍යාර්ථ) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ.81 ලයිට් හෙවි බර පංතිය
කේ.වී.ප‍්‍රියන්ත (යුද හමුදාව) විසින් ඞී.එල්.ප‍්‍රසන්න (නාවික හමුදාව) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ.91 හෙවි බර පංතිය
එල්.ඞී.අල්විස් (ස්ලිම්ලයින්) විසින් ඒ.එන්.පෙරේරා (යුද හමුදාව) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය
එම්.එම්.එරංග (යුද හමුදාව) විසින් ඒ.ඩබ්.හෙට්ටිගේ (නාවික හමුදාව) පරාජය කරන ලදී.
කාන්තා
- කි.ග‍්‍රෑ. 48 ලයිට් ෆ්ලයි බර පංතිය
ඞී. එල්. සදාකැලූම් (පොලිසිය) විසින් එච්. එස්. ප‍්‍රියදර්ශනී (යුද හමුදාව) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ. 51 ෆ්ලයි බර පංතිය
ජේ.ඞී.මධුෂිකා (නාවික හමුදාව) විසින් එන්.ඞී.ප‍්‍රනාන්දු (යුද හමුදාව) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ. 54 බැන්ටම් බර පංතිය
එස්.ප‍්‍රියංකා (පොලිසිය) විසින් ඞී.එම්.අබේවර්ධන (ලීනියා ක්ලොතින්ග්) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ. 57 ෆෙදර් බර පංතිය
ජී.එච්.රණතුංග (මාස් සදර්න්) විසින් වී.ඩි. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ. 60 ලයිට් බර පංතිය
එල්. උදයංගනී (ලීනියා ක්ලොතින්) විසින් එන්. ඞී. ප‍්‍රියශාන්ති (කොතලාවල විද්‍යාපීඨය) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ. 64 ලයිට් වෙල්ටර් බර පංතිය
සී.කේ.ජයසේකර (මාස් සදර්න්) විසින් එම්.ඞී.ජයවීර (නාවික හමුදාව) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ. 69 වෙල්ටර් බර පංතිය
සී.එස්.සිරිවර්ධන (නාවික හමුදාව) විසින් ජී.ඞී.සිල්වා (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.
- කි.ග‍්‍රෑ. 75 මිඞ්ල් බර පංතිය
ටී.එන්.ධර්මසේන (මාස් සදර්න්) විසින් ආර්.එම්.ශාලිකා (මාස් සදර්න්) පරාජය කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd