දැනට පවතින ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූළ වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත්, පත් කර සිටින අමාත්‍යවරුන්, රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර සහ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (3) නිෂ්ප‍්‍රභ කළේය.
මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් නීතිමය පදනමක් නොමැති බව ද ජාතික ආණ්ඩුව කථානයකවරයා විසින් නීත්‍යනුකූලව සම්මත කරන ලද්දක් බැවින් එය අභියෝගයට ලක් කරමින් පෙත්සමින් ඉල්ලා සිටින සහන ලබා දිය නොහැකි බව ද අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,සිසිර ද ආබෲ සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි එහෙනම් ඡන්දෙන් එන්නකෝ පෙන්නන්න. (ර)
ඉතින් එතකොට තමන්ට කැමති කතානායක කෙනෙක් ඉස්සෙල්ලම දාගත්තම ඇති තරම් ඇමතියෝ පත් කර ගන්න පුළුවන්නේ එයාලම ගෙනාපු පනතට පයින් ගහල. පුදුම ඇන්දිල්ලක් අන්දලා තියෙන්නේ යහපාලනේට කඩේ ගිය උදවියව - ඇමතිලා 30 ට වැඩි කරන්නේ නෑ කියල. (බ)
ජනතාවගේ අභිලාශය වෛරී දේශපාලනය නොවේ. මෙතෙක් කාලයක් පක්ෂ දේශපාලනය රටට දුන් වෛරී , එකිනෙකා කා කොටගැනීම් නතර කරන යහපාලනය අගය නොකරන පටු පරමාර්ථයෙන් ඉදිරිපත්වන මෙවැනි අදහස් අධිකරණයෙන් බැහැරවීම කොතරම් අගනේද (බ)
මම නීතියට අභියෝග නොකරමි. එ්ත් මට තියෙන ප්‍රශ්නය ජනතව තම තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ තමාගේ පක්ෂයේ ආණ්ඩුවක් සහ තමන් කැමති අය තමන්ගේ නියෝජිතයින් කරගන්නයි. නමුත් අද ඒ සියල්ල අනිත් පැත්තට යන්නේ. ජනතාවගේ පරාජිතයින් අද ඇමතිකම් අරගෙන, මහජන මුදල් නේද මේ විනාශ කරන්නේ? (නි)
වැට් පෙන්වා ජනතාවගේ බඩට ගහන්නේත් මෙහෙමයි (නි)
පැරදුනු අය පත්කිරීම වැනි වැරදි පූර්වාදර්ශ සමාජගත කිරීම රටේ අනාගතයට බරපතල අහිතකර බලපෑම් ඇතිකරනවා. ඒ යහපාලනය නොවේ. (නි)
සුසන්ත, ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගෙයිනේ (නි)
පැරදුනු අයට ඇමතිධූර දීම හරිද? (නි)
ආණ්ඩුව නීත්‍යානුකූල වුවත් ජනතා මතයට පයින් ගැසූ ආණ්ඩුවකි (නි)