නව ජාතික රජයේ ඇමැති මණ්ඩලය සැප්තැම්බර දෙවැනි දා දිවුරුම් දෙන බව එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා කියයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ආණ්වකට හැර වෙනත් ක්‍රමයේ ආණ්ඩුවක ඇමැති මණ්ඩලය 30කට නොවැඩි විය යුතු යැයි නීති ගත වී ඇත.
ජාතික ආණ්ඩුවක් පත් කර ඇති හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුව ඇති බව එජාප සභාපති පවසයි.
සැප්තැම්බර පළමු වැනි දා පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව නව ඇමැති මණ්ඩලය පත් කිරීමට නියමිතය.
ජාතික ආණ්ඩුවට ඇමැතිවරුන් 45 දෙනකු පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ද පත් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති මණ්ඩලය පත්කිරීම බාලගිරි දෝෂයට ලක්වෙලා. (ම)
ප්‍රමාදය පසු තැවීමට හේතු විය හැක (හේ)
ඒක හොදයි පහු වෙන්න වෙන්න වැඩක් වෙන්නේ නෑ.(හේ)
මේකද යහපාලනය (බ)