ශ්රී ලංකා චෙස් සම්මේලනය මෙහෙයවන ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලිය අනිද්දා (26) පෙරවරු 9.00 සිට කොළඹ රාජකීය විදුහලේදී පැවැත්වේ. තරගාවලියේ විශේෂත්වය වන්නේ තරගයක් විනාඩි 10 කට පමණක් සීමාවීමයි. තරගාවලිය පිරිමි හා කාන්තා විවෘත ඉසව් දෙකට අමතරව වයස 15 න් පහළ සහ 11 න් පහළ (බාලක/බාලිකා) ඉසව්වලින් ද සමන්විතය. ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු 300 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයක් මෙවර තරගාවලිය සඳහා අපේක්‍ෂා කරන බව චෙස් සම්මේලනයේ උප සභාපති ලක්‍ෂමන් විජේසුරිය මහතා පවසයි. පසුගිය වසරේ ශුරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහලේ ඕෂදී කොට්ටහච්චි සමත්විය. තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලියාපදිංචි කිරීම අනිද්දා පෙරවරු 7.30 සිට 9.00 දක්වා රාජකීය විදුහලේදී සිදු කෙරේ.
2025 නොවැම්බර් මස 04
545
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලිය අනිද්දා