IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජෝඩුවක් වසර 10කට පසු යළි මැතිසබේ

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ දයා ගමගේ මහතා සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ මහත්මිය අද (1) නව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්හ.

ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ දයා ගමගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා ද වෙයි.

අනෝමා ගමගේ මහත්මිය පසුගිය පාර්ලිමේන්තුව ද නියෝජනය කළ අතර පසුගිය රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළේය.

අවසන් වරට යුවළක් පාර්ලිමේන්තුව නියේජනය කළේ 2001 - 2004 පාර්ලිමේන්තුවේය. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් රොනී ද මෙල් හා මල්ලිකා ද මෙල් යන මහත්ම මහත්මීහු පාර්ලිමේන්තුවට පත්ව සිටියහ. මීට වසර 30 කට පමණ පෙර හාරිස්පත්තුව හා කුණ්ඩසාලේ මන්ත්‍රීවරුන් වූ එක්සත් ජාතික පක්ෂයේ ආර්. පී. විජේසිරි මහතා හා එල්. එම්. විජේසිරි මහත්මියද පාර්ලිමේන්තුව නියෝජයනය කළ යුවළක් වූහ.

Gamagecouple_201591web

 



අදහස් (0)

ජෝඩුවක් වසර 10කට පසු යළි මැතිසබේ

දීප්ති Tuesday, 01 September 2015 10:48 AM

රොනී ද මැල් සහ මැතිනිය පාර්ලිමේන්තු ආවේ සන්ධානයෙන්. (අ)

:       0       0

ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු Tuesday, 01 September 2015 11:34 AM

දයා ගමගේ එයාගේ ජුකී කර්මාන්ත ශාලාවක එක්කෙනෙක් වගේ කසාද බැඳලා තිබෙන්නේ .....(බ)

:       1       0

දුමින්ද Tuesday, 01 September 2015 07:22 AM

වාසනාවන් (ම)

:       0       0

අමීනා Tuesday, 01 September 2015 07:35 AM

පවුල් පාලනයට තිත. වාසනාවන් (අ)

:       0       0

පුෂ්පා Tuesday, 01 September 2015 12:42 PM

පවුල් පිටින් පාර්ලිමේන්තු එන එක නොදියුණු රටවල ලක්ෂණයක්. බනින්න එපා. මේකයි ඇත්ත. අපි දියුණු රටවල් වල දේවල් අරගෙන ඒ පස්සේ යන ජාතියක්. බනින්න එපා. එකයි ඇත්ත. ඒ නිසා මේ ටිකත් දියුණු ලෙස කළානම් තමයි හොඳ. (බ)

:       0       0

සිරි Tuesday, 01 September 2015 07:45 AM

නව මන්ත්‍රී යුවලට පැපිලියාන ජනතාවගේ ආචාරය පුද කරමු. (අ)

:       0       0

ධම්ම Tuesday, 01 September 2015 07:48 AM

කොහොමද ෆොන්සේකා මහත්තයයි අනෝමා මැතිණියයි දෙන්නත් ආවා නම්. (අ)

:       0       0

එරංග Tuesday, 01 September 2015 01:01 PM

සුබ පැතුම්! (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 02 September 2015 04:17 AM

වෙන නෑයෝ ඉන්නවා නම් එම අයත් ජාතික ලැයිස්තුවට දාලා පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න. එතකොට රටට හෙන ගැහුවත් මන්ත්‍රී පවුල් වලට වාසියි. සමහර ඡන්ද දායකයන් හිතන් ඉන්නේ ජාතික ලැයිස්තුව තියෙන්නේ ජාති හිතයිශීන් උගතුන්,අවංක පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවන්න කියල. (අ)

:       0       0

මංජු Tuesday, 01 September 2015 08:01 AM

රොනී දෙමල් සහ මලික් 90 දශකයේ පරලිමෙන්තුවේ හිටියා (අ)

:       0       0

ගමගේ Tuesday, 01 September 2015 08:03 AM

අනේ තියෙන කොමලේ. (අ)

:       0       0

සොපී Wednesday, 02 September 2015 04:21 AM

ආයෙත් පවුල් පාලනය ගැන කටපුරා කතා කරන්න බැරියැ............(ම)

:       0       0

සිරලි Tuesday, 01 September 2015 08:17 AM

ධම්ම- හිනෙන්ද? (අ)

:       0       0

ජස්ටින් Tuesday, 01 September 2015 08:18 AM

ෆොන්සේකා මහත්තය යූ එන් පී එකෙන් අාවා නම් ගම්මන්පිල සන්ධානෙන් ඇවිත් ගත්තාට වඩා ගන්න තිබුණ. අපරාදේ. (අ)

:       0       0

දමින්ද Tuesday, 01 September 2015 03:08 PM

අම්පාරේ වාසනාවක් මිනිසුන්ගෙ දුක හඳුනන හදවත් 2ක් එකට පාර්ලිමේන්තුවේ ඉන්න එක. (නි)

:       0       0

සිසිර Tuesday, 01 September 2015 08:44 AM

ඊළගට දරුවොත් ඒවිද? (ම)

:       0       0

නිතේෂ් Tuesday, 01 September 2015 05:30 PM

ඉදිරියට දේශපාලකයන්ගේ දුව, පුතා, මාමා, නැන්දා, අයියලා, අක්කලාත් එයිද දන්නෙ නැහැ (නි)

:       0       0

වික්‍රම Tuesday, 01 September 2015 09:27 AM

මගේ මතකය හැටියට, වසර10 විතර කලින් රොනිද මැල් සහ ඔහුගේ බිරිඳ මල්ලික පාර්ලිමේන්තුවේ එකට හිටිය. (අ)

:       0       0

ජයරත්න Tuesday, 01 September 2015 09:29 AM

මෙයාල හොද සල්ලි කාරයෝ.පවුලේ ඔක්කොම හිටියත් කමක් නෑ අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩකරන්න (අ)

:       0       0

වසන්ජය Tuesday, 01 September 2015 09:41 PM

මෙම පත්වීමට මගේ කැමැත්තක් නැත (නි)

:       0       0

වරුණ Tuesday, 01 September 2015 09:41 AM

අපේ සුබ පෙතුම් (අ)

:       0       0

සඳ Tuesday, 01 September 2015 09:44 AM

අනේ වාසනාවන් යහපාලනය නොවැ (අ)

:       0       0

මුණසිංහ Wednesday, 02 September 2015 01:15 AM

පවුල් පාලනය නිමවී ඇති බව පැහැදිලියි නේද? (නි)

:       0       0

අසංක සංජීව සුරවීර Tuesday, 01 September 2015 09:59 AM

මේක හොඳ දෙයක් නෙමේ , එකම පවුල්වලින් ආවහම ජනතා නියෝජනය අඩුවෙනවා. (අ)

:       0       0

උදය කරලියද්ද Tuesday, 01 September 2015 10:10 AM

අමීනා -පවුල් පාලනයට තිත. වාසනාවන්...හොඳයි මේක ලංකාවනේ අපි මෝඩයෝ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site