එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ දයා ගමගේ මහතා සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ මහත්මිය අද (1) නව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්හ.

ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ දයා ගමගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා ද වෙයි.

අනෝමා ගමගේ මහත්මිය පසුගිය පාර්ලිමේන්තුව ද නියෝජනය කළ අතර පසුගිය රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළේය.

අවසන් වරට යුවළක් පාර්ලිමේන්තුව නියේජනය කළේ 2001 - 2004 පාර්ලිමේන්තුවේය. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් රොනී ද මෙල් හා මල්ලිකා ද මෙල් යන මහත්ම මහත්මීහු පාර්ලිමේන්තුවට පත්ව සිටියහ. මීට වසර 30 කට පමණ පෙර හාරිස්පත්තුව හා කුණ්ඩසාලේ මන්ත්‍රීවරුන් වූ එක්සත් ජාතික පක්ෂයේ ආර්. පී. විජේසිරි මහතා හා එල්. එම්. විජේසිරි මහත්මියද පාර්ලිමේන්තුව නියෝජයනය කළ යුවළක් වූහ.

Gamagecouple_201591web