IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ජේජු ගුවන් යානය බිමේ දැම්මේ කුරුල්ලන්ද?

(විමුක්ති එස් රුද්‍රිගු)



දකුණු කොරියාවේ මුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී 179 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 29 වැනිදා අනතුරට පත්වූ ජේජු එයාර් ගුවන් යානයට සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට අවස්ථාව තිබූ පියසැරි දත්ත ගබඩා උපකරණයේ අත්‍යාවශ්‍ය කොටසක් අතුරුදන් වී ඇති බවත් ඒ හේතුවෙන් විමර්ශන කටයුතු ප්‍රමාද වනු ඇති බවත් දකුණු කොරියානු බලධාරීන් අද (31) ප්‍රකාශ කළේය.

යානයේ සුන්බුන් අතරින් විමර්ශකයින් සොයාගත් කළු පෙට්ටි දෙකෙන් එකක් වන මෙම පියසැරි දත්ත ගබඩා උපකරණය ගුවන් යානයක උන්නතාංශය සහ ගුවන් වේගය වැනි ගුවන් යානා පරාමිතීන් නිරීක්ෂණය කරයි.

පියසැරි දත්ත ගබඩා කිරීමේ ඒකකය බලශක්ති ගබඩා ඒකකයට සම්බන්ධ කරන සම්බන්ධකයක් එහි නොමැති බවත් දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. ඒ හේතුවෙන් විශේෂඥයින් රෙකෝඩරය තුළ ඇති දත්ත ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රම අඛණ්ඩව සොයමින් සිටින බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජූ ජොං වන් අද(31) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. හැකි ඉක්මනින් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ගැටළුව නිරාකරණය කිරීමට උත්සාහ දරණ බවද ඔහු පැවැසුවේය.

ගුවන්විදුලි සම්ප්‍රේෂණ සහ ගුවන් නියමුවන්ගේ කටහඬ මෙන්ම එන්ජින් ශබ්ද වාර්තා කරන නියමු කුටියේ හඬ පටිගත කිරීමේ යන්ත්‍රය ලෙස හැඳින්වෙන දෙවැනි කළු පෙට්ටියද විමර්ශකයන් මේ වනවිට සොයාගෙන තිබෙන බවද පැවැසෙයි.

ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන නිලධාරීන්, බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම සහ දකුණු කොරියානු බලධාරීන් එක්ව ගුවන් යානය අනතුරට පත්වීම පිළිබඳව විමර්ශනය සිදුකරනු ලබයි.

තායිලනත්යේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාව වෙත පියාසර කළ ජේජු එයාර් ගුවන් සේවය අයත් ගුවන් යානය පසුගිය 29 වැනිදා අනතුරට පත්වූ අතර ඉන් එහි ගමන් ගත් ගුවන් මගීන් සියලු දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනකු මරණයට පත්විය.

ගොඩබෑමේ රෝද නිසිලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අධික වේගයෙන් පැමිණි  ගුවන් යානය ධාවන පථය අවසානයේ තිබූ තාප්පයක වැදීමෙන් පුපුරා ගියේය.

නමුත් ගොඩබෑමේ රෝද නිසිලෙස ක්‍රියාත්මක නොවීමට හේතුව සැබැවින්ම කුරුල්ලන් දැයි ගුවන් යානා ක්ෂේත්‍රයේ විශේෂඥයන් ප්‍රශ්න කර ඇත. අනතුර සිදුවූ ධාවන පථයට ගොඩ බෑම සිදුකළහොත් එම තාප්පයේ ගැටීය හැකි බවට මුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පාලන මැදිරිය නියමුවන්ට අනතුරු අඟවා තිබුණත් ඊට මිනිත්තු තුනකට පසුව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගුවන් යානය ගොඩබා ඇතැයි පැවැසෙයි.

කුරුලු ප්‍රහාරයකදී ගුවන් යානයේ එන්ජිම අක්‍රිය විය හැකි වුවත් එය වැළැක්වීමටත් ගුවන් යානයක් සතුව ආරක්‍ෂිත පද්ධති කීපයක් තිබෙන බව ගුවන් උපදේශක මයික් බොයිඩ් ෆොක්ස් පුවත්සේවයට ප්‍රකාශ කර තිබිණි. අනතුරට හේතුව කුරුල්ලන් බව කීම කිසිම තේරුමක් තිබෙන හේතුවක් නොවන බවද ඔහු පැවැසුවේය. ගුවන් යානය ගොඩබෑ ධාවන පථය අඩි 9200 ක දීර්ඝ ධාවන පථයක් බවත් ගුවන් යානය අධික වේගයකින් ධාවන පථයට ගොඩබෑ බව සැබෑවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

එයාර්ලයින් නිව්ස්හි ප්‍රවෘත්ති සංස්කාරක ජෙෆ්රි තෝමස් ප්‍රශ්න කර ඇත්තේ අඩි 9200 ධාවන පථයේ මැදට ගුවන් යානය ගොඩ බෑමට හේතුව කුමක් විය හැකිද යන්නයි.

ගුවන් අනතුරට හේතුව නිශ්චිතව ප්‍රකාශයට පත්කර නොමැති මොහොතක දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශයට මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් යැයි පවසමින් විද්‍යුත් ලිපියක් ලැබී තිබෙන බවද පැවැසෙයි. ගුවන් නියමුවා දකුණු කොරියානු ගුවන් හමුදාවේ සිටි පළපුරුදු නියමුවකු බවද සඳහන් වේ.

එසේම ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ මුවන් ගුවන් තොටුපොළ ක්‍රියාකළ ආකාරය පිළිබඳවද ප්‍රශ්න නැගී ඇති අතර විමර්ශනයෙන් මේ වන විට ලැබී ඇත්තේ විසඳුම් නොව තවත් ප්‍රශ්න බව පැවැසෙයි.



අදහස් (0)

ජේජු ගුවන් යානය බිමේ දැම්මේ කුරුල්ලන්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 1053 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 91 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 1071 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 1562 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 1380 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 489 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 516 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 137 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1157 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site