එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත සුබිනේ නන්දි මහතාට එරෙහි නඩුකරයක් මෙරට අධිකරණයක දී පවත්වාගෙන යා හැකි දැයි   කොළඹ දිසා විනිසුරු ටී.ඩී.ගුණසේකර මහතා ලබන දෙ  අද(09) තීන්දු කළේය.

දොස්තර ගුණදාස අමරසේකර  එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත   නන්දිට එරෙහිව මේ පෙත්සම ගොනු කර ඇත.

අමරසේකර මහතා වෙනුවෙනු පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයාට අධිකරණයට නොපැමිණීමේ රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නොමැති හෙයින් ඒක පාර්ශවිකව නඩුව විභාග කර තීරණයක් ලබා දෙන ලෙසය.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයද දිසා අධිකරණයට ලිපියක් එවමින් දන්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයාට නඩු පැවරීමට ලක්වීමෙන් නිදහස්ව කටයුතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් ඇති බවත්, මෙම පැමිණිල්ල ඔහුට එරෙහිව පවත්වා ගෙන යා නොහැකි බවයි.