ඇමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රබල රාජ්‍ය නිලධාරිනියක වන සමන්තා පවර් මහත්මිය මෙරට නිල සංචාරයක් සඳහා අනිද්දා (21) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපතිනිය වන සමන්තා පවර් මහත්මිය සංචාරයේදී මෙරට ප‍්‍රතිසංධානය හා වගවීම සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වෙන සම අනුග‍්‍රාහකත්ව යෝජනාවන් ඉදිරිපත් කිරිමට ඇමෙරිකාව වෙනුවෙන් ප‍්‍රබල දායකත්වයක් ඇය ලබා දුන්නාය. වත්මන් රජය සමඟ සමීප සබඳතාවන් පවත්වන ඇමෙරිකා රජයේ ප‍්‍රබල නිලධාරිනියක වන ඇය ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන අවස්ථා කීපයකදීම විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී සාකච්ඡා පැවැත් වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
අනේ මන්දා මට නම් තේරෙන්නේ නැහැ මොනවා වෙන්න යනවද කියලා (නි)
මේක දැන් පරයින්ගේ තෝතැන්නක් වෙලා (ම)
අහක යන නයි ඇතුලේ දාගෙන කනවෝ කනවෝ කියන්නේ මේවට තමයි (බ)
සමහරුන්ට ඉරානෙන්, ස්වාසිලන්තෙන්, ලිබියාවෙන් ආවා නම් හොඳ ඇති. පිටරට ඇඳුම් මහලා ජීවනෝපාය සලසා ගන්න හොඳයි. උන්ගේ ඩොලර් හොඳයි. මෙහෙ සංචාරයකට ආවාම ඒක තමයි හොඳ නැත්තේ. (බ)
බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. විදේශ පරගැතියන් කියන තාලෙට නටන්න තමයි අපිට වෙලා තියෙන්නේ? (ස)