පසුගියදා නිමාව දුටු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ශී‍්‍ර ලංකාවට එරෙහි ගෙන ආ යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධ සම්මත කළ යෝජනාව අනුව අන්තර්ජාතික පරීක්ෂණයට සිදු කළ යෝජනාව අනුව සහයෝගය දෙන්නැයි සදහන් ප‍්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ ලේකම් බැන් කී මූන් මහතා නිකුත් කර ඇත.
ඔහු එම ප‍්‍රකාශය නිකුත් කර ඇත්තේ ඇමති මහින්ද සමරසිංහ මහතා මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයකට සහය පළ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් ශී‍්‍රලංකාවට නොමැති යැයි කර ඇති අදහස් දැක්වීමකට පිළිතුරු ලෙසය.
පැවැත්වීමට යන අන්තර්ජාතික පරීක්ෂණයේදී පරීක්ෂණ කටයුතු වලට උද්යෝගීවත්,විධිමත් ලෙසත් ශී‍්‍රලංකාව හවුල් වනු ඇතැයි තමන් සිතන බව බැන් කී මූන් මහතාගේ ප‍්‍රකාශයේ සදහන් වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද මහකොමසාරිනි නව නීදන් පිල්ලේ මහත්මියගේ කි‍්‍රයාකලාපය ගැන ඔහු තම ප‍්‍රසාදයද පළ කර තිබේ.ඔහුට අනුව නව නීදන් පිල්ලේ මහත්මිය යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සාමය හා සංහිදයාව ඇති කිරීමට කැපවී කටයුතු කරන්නියකි.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වු යෝජනාව අරබයා ජිනීවාහි පැවතුණු මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයින්ගේ හමුවේදී පසුගිය 28 වැනිදා පැවැත්වුණු ඡන්ද විමසීමේදී 23 ට 12 ක් ලෙස වැඩි ඡන්දයෙන් එම යෝජනාව සම්මත විණි.
යෝජනාවේ අන්තර්ගත කරුණු අනුව ශී‍්‍රලංකාවට යුධ සමයේ සිදුවී ඇතැයි චෝදනා නැගී ඇති යුධ අපරාධ සම්බන්ධයෙනුත් මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධයෙනුත් සිදුකෙරෙන අන්තර්ජාතික පරීක්ෂණයකට ඉඩ දීමට සිදුව තිබේ.
තවද ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ නිරායුධ විරෝධතා කරුවන්ට පහරදී ඇතැයි චෝදනා නැගී ඇති 2013 වසරේ වැලිවේරියේදී ඇතිවූ වාතාවරණය හා ඒ හා සමාන වෙනත් සිදුවීම් වල පරීක්ෂණ වාර්තා ප‍්‍රසිද්ධ කිරීමටද ශී‍්‍ර ලංකා රජයට ඉදිරියේදී සිදුවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරන පරීක්ෂණයකට බියවිය යුතු නැහැ නේද? (නි)
ඇමෙරිකාවට හෝ වෙනත් රටවලට යටත් වෙන්න අවශ්‍ය නෑ. (නදී)
පුදුමයි ඒ ගොල්ලන් කඩන මානව හිමි කම් ගැන කවුරුත් කතා කරන්නේ නෑ (දිල්)
මන් කි බුන්, මගෙන් මකුත් අහ ගන්න එපා (දී)
ලංකාවේ අපි ඕවාට බය නැහැ මොකද වසර 30ක යුද්ධය නිමා කල අපිට මේවා ප්‍රශ්න නොවෙයි (දී)
මේ ජාත්‍යන්තර පරීක්ෂණ වල යටි අරමුණක් තියෙනවා, මානවහිමිකම් පිට දාලා ඒවා තමයි මේ පිරිමහන්න හදන්නේ (දී)
යුද්දේ දිනපු අපිට මේවා ලොකු දේවල් නොවෙයි (දී)
ඒ කට්ටිය තියන්න බාර ගත්තානම් අපි මොකටද බාර ගන්නේ (දී)
පරික්ශනේ සාදරනනම් කමක් නෑ. (ස)
අනේ මුන් මහත්තයෝ, මේක ලියන්නේ ඔයාට නෙමෙයි. නමුත් ඔයාට කඩේ යන ලංකාවේ ඉන්න සිංහල දන්නා සුළු පිරිසටයි. සුද්දෝ වසර පන්සියයකට පෙර ඉඳලා මේ සිංහලකම නසන්න දඟලනවා. තාම බැරි වුණා. දැන් ඔයාවත් කරලා බලන්නකෝ. තව අවුරුද්දකින් හමුවෙමු. (නි)
හැමෝම යුද අපරාද කලේ නෑ. කල අයට දඩුවම් කල යුතුයි. මීට කලින් ලංකාවේ එවෙනි ක්‍රමවේදයක් තිබුන. මනම්පේරි නඩුව මතකද ? අනෙක ජිනීවා යෝජනා වෙලා තියෙන්නේ කොටි ත්‍රස්තවාදීන් සහ යුද හමුදාව යන දෙපක්ෂයෙන් ම සිදුවූ අපරාද ගැන පරීක්ෂණ කරන්න කියල. (ස)
ජනාධිපතිතුමනි, මා සැමදා ඔබ සමඟයි (නි)
ආණ්ඩුවේ ඉන්න සමහර චණ්ඩි අය කරන ඒවා ආදර්ශයට අරගෙන පාඨකයෝ ලෝකයාට චණ්ඩිකම් පෙන්වන්න ගිහින් රට තවත් අපහසු තත්ත්වයට පත් කරනවා. (නි)
නවිපිල්ලෙට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළොත් නරකද? (නි)
ජාතිය කොහොම වුණත් ඇත්ත කතා කළ යුතුයි. (නි)
අපි සියලු දෙනාම එක වගේ නැගී සිටියම ලෝකයාට කුමක් වත් කල නොහැකිය. රටේ නායකයට සහය දීම අපගේ යුතුකමය. (දී)
පිල්ලේ නෝනා ඈඳාගැනීම නම් අනුමත කරන්න බැහැ (නි)
ඒ ගමන මේ මොනවද වෙන්නේ? (නි)
පාට පක්ෂ භේද නැතුව එකතු වෙන්න ඕනෑ කාලේ ඇවිල්ලා. (නි)
මම රොෂාන් ප්‍රනාන්දු,ඉහතින් රොෂාන් කියා අදහස් දාල තියෙන්නේ වෙන රොෂාන් කෙනෙක්. (ස)
තත්ත්වය ඉතා දරුණු බව පෙනෙනවා. ගණන් ජිල්මාට් දාො වැඩක් නැහැ දැන්. ඉදිරියට ලෝකයාට පිළිගත හැකි එහෙත් අප රට අාගාධයකට නොගෙනයන විකල්පයක් අප විසින්ම ඉදිරිපත් කළ යුතුයි. අපගේ විදෙස් ප්‍රතිපත්තියෙහි යම් අඩුවක් තිබෙන බව පෙනෙන්නේ ලතින් අමෙරිකානු රටවල සහයෝගය හෝ අඩුම තරමින් යෝජනාවට පක්ෂවීම වළකාලීමට නොහැකි වීමයි. එම රටවල තානාපතිවරු ඉන්නවාද යන්නත් සැකසහිතයි. කෙසේ වෙතත් මෙවර ඉන්දියාවෙ සහය යෝජනාවට නොමැතිවීම බටහිර ලැබූ විශාල පරාජයක්. අපගේ විරෝධය මැද සහ ඉන්දියාවෙ ඒ වගේම දකුණු ආසියාවෙ කිසිම රටක සහයෝගය නොමැතිව ඔවුන්ට පරික්ෂණ පැවැත්වීම අපහසු වුවත්, යම් යම් පාර්ශවයන්ගේ උදවු උපකාර මත, ඔවුන්ගේම රටවලම සිට එය කිරීමට නම් ඔවුන්ට අපහසු නොවනු ඇත. (නි)
පිල්ලේ නෝනා ගැන විස්වාස බංග යෝජනාවක් ගෙන එන්න. ඒක පාර්ශ්විකව පුද්ගලයෙකුට පරීක්ෂන කටුතු කල නොහැකි බව කාටත් තේරෙනවා. (නදී)
ලංකාව අනිත් පැත්තට දැකලා අපේ රටේ මිනිස්සු ඔලූවෙන් හිටගෙන ඉන්නවයි කියල කෑ ගැහුවට අපි මොනව කරන්නද ? (නදී)
ලංකාවේ නම් කොමිසමක් පත් කරන්නේ ප්‍රශ්නය මතක නැති වෙන තුරු කාලය ගෙවාගන්න මිසක් ප්‍රශ්න වලට හේතු හොයන්නවත් විසඳුම් හොයන්නවත් නොවෙයිනේ. දැන් මොනතරම් කොමිසම් පත් කරලා තියනවාද? ඒවායින් වාර්තා කීයක් එළිදක්වා තියනවාද? හැමදාම හැමෝවම රවට්ටන්න බැහැ කියන එක තේරුම් ගත්තානම් මේවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.(නදී)
අපිඋත්තර දුන්නොත් එතුමා තනතුරෙන් ඉල්ලා අස් වෙනවා (දී)
එතකොට ඒ පරීක්ෂණයෙන් කරන්නේ ශ්‍රීලංකා රජය කලයි කියන කඩවීම් විතරද? එතකොට පොකුරු පිටින් බස්,කොච්චි,හාමුදුරුවරු අහිංසක මිනිස්සු මරපුවා සාදාරණද? (නදී)
වරදක් කරලා නැත්නම් පරීක්ෂණයක් තිබ්බම මොකද වෙන්නේ? මේකට විරුද්ද වෙන එකෙන් අපි වැරදි කරලා කියලා ලෝකය තීරණය කරාවි. (දී)
කතාව දෝලාවෙන් ගමන පයින් 'නිකං බහුබූත අදහස්වලින් මේවාට විසදුම් හොයන්න පුලුවන්ද ? වැදගත් අදහස් පලකරන්න.ජාතිබෙද නැතිකරන ක්‍රමවේදයක් ගැන හිතා එකමවකගේ දරුවන් මෙන් අත්වැල් බැදගෙන එකට නැගී සිටිමු . (දී)
මොනවා කළත් රටවල් වල නැති ප්‍රශ්න ඇතිකරන්න හදන්න උල්පන්දම් දෙන්න එපා. (නි)
දැන් මේ සහය පතන්නේ වෙන මොකකටවත් නෙමෙයි තව ප්‍රශ්නයක් ඇති කරන්න (දී)
එක එක්කෙනාට ඕන විදියට අපේ රටේ ප්‍රස්නේ විසදන්න ඕන නැහැ එයාල අනිත් ප්‍රස්නත් විසදනවද? අපි හරි නම් ඒවා පැහැදිලි කරන්න කාලය යොදවන්න උවමන නැහැ (දී)
බැන් කී මුන් මහත්තයෝ, අපේ රටේ මානව හිමිකම් රකින්න තමයි යුද්ධය නතර කළේ. (නි)
ඔයාගේ නඩුව මට අහන්න කම්මැලියි ඔයාම අහ ගන්න කියුවා වගේ (දී)
කිසිම දෙයක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් කරන්න ඕනේ නම් මීට කලින් කරලා ඉවරයි. එයාලටත් ඕනේ මේක තියාගෙන එහෙට - මෙහෙට ඇද - ඇද ඉන්න. මේක කේවල් කිරීමක්ම පමණි. නැතුව දෙමල අයට ආදරේට කරන දෙයක් නෙමේ. මේ මාර්ගයෙන් ඇමරිකාවට අවශ්‍ය මේ රටට පය ගහන්න. උපාය මාර්ග ඇති මේ රටට ගොඩක් වැදගත් ඒ අයට.(නදී)