ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනසක් ආරම්භ කීරීමේ පළමු වසර සැමරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බෑං කී මූන් සුබ පැතුම් එක් කරයි.
මෙරට ජනතාවට කල්පවත්නා සාමයක්, ස්ථාවරත්වයක් සහ සමෘද්ධියක් ඇති කර ගැනීම අරමුණු කරගත් පුළුල් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා වන රජයේ කැපවීම ඔහු අගය කරයි.
යහපාලනය ඇති කිරීම සහ ශක්තිමත් සහජීවනය සඳහා පසුගිය වසරේ ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ යෝජනාවේ මූලික පියවර ක්‍රියාත්මක කිරීම පිළිගන්නා බවත් එය තවදුරටත් වර්ධනය කර ගත යුතු බවත් මහ ලේකම්වරයා පෙන්වා දී ඇත.
දිගු කාලීන දේශපාලන විසඳුමක් සඳහා රට පුරා සංවාදයක් ගොඩනැඟීමට රජය දරන උත්සහයට සහය දක්වන බව ද එක්සත් ජාතීන්ගේ සංවීධානයේ මහ ලෙක්ම් බෑං කී මූන් මහතා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ගෙන ඇති යෝජනා අගය කරන බෑං කී මූන් මහතා ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.
2030 තිරසාර සංවර්ධන න්‍යායපත්‍රය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සහය දක්වන බව ද මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජගත් මහ ලේකම් මෛත්‍රීට සුබ පතයි
කුමාර් Friday, 08 January 2016 12:22 PM
අපිත් සුබ පැතුම්.(හේ)