රංජන් කස්තුරි
හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා අපරාධ සිදු කළ බවට තමා සතුව සාක්කි ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.
ජයසූරිය මහතා වව්නියාවේ සේනාංකයේ කටයුතු කරද්දී සහ යුද හමුදාපති වූ පසුවත් වැරදි කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගකය කදී තමා සාක්කි ලබා දෙන බව ද ෆොන්සේකා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි තේරෙන්නේ මෙහෙම කට්ටියක් එකට සමගි කරලා යුද්දයක් මෙහෙවීම කොච්චර අමාරුද කියල .
ඇත්තටම ලැජ්ජයි.
එකිනෙකා පළිගැනීමේ ඉවරයක් නැහැ. රට ඉවරයි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යනු ලෝකයටම ආදර්ශමත් හමුදා නිලදාරියෙක් .........
මුලින් නම් කිව්වේ රණවිරුවන් වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා කියලා නේද !.
යුද්ධය මුවාවෙන් වෙනත් දේ කල පුද්ගලයින් නිසා තමා යුද්ධය කල් ගියේ, හමුදාවට නරක නමක් ගෑවුනේ. කොහොම බැලුවත් හොඳ වැඩක්. පලිගැනීමක් කියන්නේ කොහොමද ? සරත් ෆොන්සේකා කෙලින් ඇත්ත කතා කිරීමට කැමති කෙනෙක්.
ඒ වැඩේ නම් හරි නැත. එ්කට සටන් කරපු අය පාවා දෙන්න එපා. හොරු එක්ක එකතු වෙලා තමන්ගේ නම තමයි සවුත්තු වෙන්නේ...
මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ කෙනෙක් නොවෙයි. නමුත් ...ලැජ්ජයි මහත්තයෝ ඇත්තටම ලැජ්ජයි. ඔබතුමා මෙතැනදී කරන්න යන්නේ පුද්ගලික පලිගැනීමක් නේද..? අනික ජගත් ජයසුරිය මහත්මයා ඒ කාලයේ යුධ අපරාධ කළා කියලා ඔබතුමා කියනවා. හොඳයි එතකොට ඒ කාලයේ යුද හමුදාපති ඔබතුමායි. ඔබ අවංක නිලධාරියෙක් නම් විනය පරීක්ෂණයක් කරලා ඔහුට දඬුවම් දෙන්න තිබුනානේ. ඇයි ඒ කාලයේදීම ඔහුව " කෝට්මාෂල් " නොකළේ...? ඒ කියන්නේ හමුදාපති ලෙස ඔබ ඔබගේ වගකීමක් පැහැරහැරලා තියෙනවා වරදක් දැක දැකම. ජයසූරිය මහතාව පාවාදුන්නොත්, ඒ මහත්මයා කිවොත් "ඔව්..එහෙම දෙයක් වුනා.. එ්ක කරන්නට මට අණදුන්නේ ජෙනරාල් ෆොන්සේකා මහත්තයා" කියලා, ඔබතුමා මොනවද කියන්නේ...? අදත් මගේ ලෝකයේ ඉන්න අතිදක්ෂම රණවිරුවෙක් ලෙස ඔබතුමාට ගරුකරනවා, නමුත් මේ කරලා තියෙන්නේ "බොළඳ" වැඩක් බව නම් නොකියාම බැහැ.
ලොක්කාට මොනවා හරි වෙලාද කොහෙද?
කිසිම ජන පදනමක් නැති කෙනෙක්.
සරත් ෆොන්සේකා යටතේ වැඩකරපු සොල්දාදුවෙක් යුද අපරාධ කලානම් අවුරුදු අටක් බලාගෙන හිටියේ මොකද ඒ පිලිබඳ සොයා බලන්නේ නැතුව? මේ චෝදනාව සත්‍යයක් නම් යුධ අපරාධ වසන් කිරීම සම්බන්ධව සරත් ෆොන්සේකාට දඬුවම් ලබදිය යුතුයි.
බොහොම ලස්සනයි ..... අපී කල පිනකට දෙවියෝ තමයි මෙයා ගියපාර ජනාධිපතිවරණයෙන් පැරදුනේ .... දින්නනම් රටත් ඉවරයි හමුදාවත් ඉවරයි ....
මේකෙන් අමාරුවේ වැටෙන්නේ ජගත් ජයසුරිය විතරක් නොවේ අපේ මුළුරටම
තිබෙන කරදර මදිවට තව මගුලක් දොඩවනවා , ඒ දවස් වල ජගත් වැරදි කරනම් , තමන් එක දැනගෙන හිටිය නම් , ඔහුගේ ප්‍රධානියා වශයෙන් ඔහුට විරුධව විනය පියවර නොගැනීමෙන් ඔබත් වරදක් කරපු බව තේරෙන්නේ නැද්ද ?
මෙන්න මෙයටයි පාර්ලිමේන්තුවේ මුලින්ම විස්වාසබන්ගයක් ගෙන්න ඕනේ, දේශපාලනයෙන් අපිට වැඩක් නෑ. යුද්දෙදි ලොකු දෙයක් කරපු කෙනෙක් තමි ජගත් ජයසුරිය කියන්නේ. මෙම මේ පිනට පාර්ලිමේන්තු ඇවිල්ල රටම ගිනි තියන්න හදන්නේ.
සුදු කොඩි කතාව -දෙවන කොටස
මෝඩ කමක මහත
"බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැ" මේ කට ඇරියොත් පැත්තම ඉවරයි. තමන්ගේම සහෝදර රණ විරුවෙකුට විරුද්ධව සාක්ෂි දෙන්න යන්නේ රෙදි නැතිවද?
සත්‍ය කුමක් වුනත් මෙය ලෝකයා ඉදරියේ අපටම උඩ බලා කෙල ගසා ගැනීමකි. ලංකාව දෙසට ඇඟිලි දිඟු කිරීමට දෙනලද අවස්ථාවකි.
මේක සුදුසු වැඩක් නම් නෙමෙයි.
කබරගොයින්ගෙන්, තලගොයින්ගෙන් මොනවා බලපොරොත්තු වෙන්නද? මම විතරයි යුද්ධ කෙරුවේ කියලා කියන මෝඩයෙක්ගෙන් රටට සෙතක් වෙයිද?
සේන ගේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. යුද්ධය දිනලා, තමයි කිසිම දෙයක් කර ගන්නට බැරිවෙලානේ....
ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය දිහා මැදහත්ව බැලුවාම මට හිතෙන්නේ මෙහෙමයි. මෙතුමා රටට, ජාතියට විශේෂයෙන් ලංකා හමුදාවට ආදරයක් තියනවා නම් යම් හමුදා නිලධාරියෙකුගේ වැරදි දැන දැනම සඟවා, දඬුවම් නොකිරීම වරදක්. මේ ප්‍රකාශයෙන් එතුමා කියා ඇත්තේ එතුමා එහෙම කළ බව නේද? ඉහළ නිලධාරීන්ට දඬුවම් කිරීමෙන් හමුදාවේ මොරාල් එක නැති වී යුද්ධයට බාධා වෙනවා නම්, එදා එලි නොකළ රහස් කිසිදා එළි නොකළ යුතුයි. යුද්ධය නිමා කිරීමට මොන තරම් කැප කිරීම් කළත් මෙතුමා බොහොම පහත් ගතිගුණ තිබෙන අවස්ථාව ආවාම පළිගන්නා බව මේකෙන් ඔප්පු වෙනවා.
මෙහෙම අය එකතුවෙලා යුද්ධයක් කරලා දිනුවා කියන්නේ හරි පුදුමයක් ..... නියම දේශප්‍රේමී සෙන්පතියෙකු නැතිවීම හරිම අභාග්‍යයක්....
මොනතරම් වාද භේද තිබුණත් හමුදා සෙබළුන් එකිනෙකා විවේචනය කරගන්නේ නැතුව ක්‍රියාන්විතයේ යෙදෙනවා. දේශපාලනයට ගෑවුණු මොහොතේ ඉඳලා ජන්මාන්තර වෛරක්කාරයෝ. ත්‍රස්තවාදය පරද්දන්න කැපවීමකින් සටන් කළ කිසිම හමුදා නිලධාරියෙක් පිරිහුණු දේශපාලකයන් වෙනුවෙන් කඩේ යායුතු නැහැ. මන්දයත් රණවිරුවන් ජනතා හදවත් තුළ හැමදාමත් ජීවත් වන නිසා....
ලෝකයේ බලවත් රටවල් යුද අපරාද කලාට ඒ රටවල් කවදාවත් තමන් කළා කියන්නේ නැහැ. අපේ රටේ මිනුස්සු දේශපාලන වාසියට ඕනෑම කෙනෙක්වම පාවලා දෙනවා.
සරත් ෆොන්සේකාගෙන් මෙහෙම ප්‍රකාශයක් නම් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු උනේ නෑ. එයා යටතේ හිටපු නිලදාරියෙක් වරදක් කළා නම් වෙන අය පිට වගකීම පටවලා බේරෙන්න බැහැ. එයාටත් යම් කිසි වගකීමක් ඒ ගැන තියෙනවා. ජගත් ජයසුරිය යවන තැනකට එයාවත් යවන්න ඕනේ.
ඇත්තටම මහින්ද මහත්මයා මේ පුද්ගලයාව සිරගත කිරීම හරියි කියල මට හිතෙන්නේ මෙයා දේශද්‍රෝහී වෙන විදිහට. මෙයාලගේ වාසනාවකට මේගොල්ලෝ ලංකාව වගේ රටක ඉපදුනේ මේ ද්‍රෝහී ක්‍රියාව වෙන රටක උනානම් මෙලහකට ප්‍රසිද්ධියේ මෙයාලට දඩුවම් දෙන්නේ.
ෆෝන්සේකාට බනින සියලු දෙනාම රටට ආදරය නැති ජාතිවාදී කියා මම කියමි. ෆෝන්සේකා මේ කරන්න යන ක්‍රියාවෙන් හමුදාවේත් රටෙත් කීර්ති නාමය යලි ආරක්ෂා වෙනවා ...
පාවාදීමක්නේද? දෙපර්ශවයක් අතර ඇතිවන සටනකදි ඒපාර්ශව දෙකෙන්ම යම් යම් දෙවල් සිදුනොවෙත්ද, අනික ඇයි මේ එක්පාර්ශවයකට විතරක් චෝදනා. පුද්ගලික එදිරිවාදිකම්කම් පසෙකලා හැමෝම සමගිව මේවාට මුහුණ දිය යුතුයි නේද, ‘‘වෛරයෙන් වෛරය නොසන්සිදේ‘‘
මේ වගේ පුද්ගලයෙක් හමුදාපති කරපු මහින්දට ඇත්තටම දඬුවම් කළ යුතුයි. ජාතියත් පාවලා දෙනවනේ....
රටේ මිනිස්සු (ඡන්ද දායකයෝ) හිතන හැටි මෙලෝ හසරක් තේරුම් ගන්න බැරි අපේ අගමැතිතුමා තම පක්ෂයට කඹුරපු මිනිස්සු ඉන්දැද්දී එකතු කරපු කුණු ගොඩක් තමයි මේ...
සරත් ෆොන්සේකා මැතිතුමා යුධ හමුදාපතිව සිටිකාලයේ ජගත් ජයසූරිය මහතා අපරාධ කළාද දන්නේ නෑ. පේන විදිහට නම් දේශපාලන පළිගැනීමක් වගේ...
හැසිරෙන විදිහ අඩුම වශයෙන්, ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් රටට ගැළපෙන්නේ නැහැ. ඉතාම නින්දිතයි. මොහු ගැන තියෙන ගෞරවය මොහු විසින්ම නැති කරගන්නවා වගෙයි. එතකොට වීරයා ද්‍රෝහියෙක් වීම පමණයි වෙන්නේ. මෙතුමාගේ දේශපාලන අනාගතය ගැන ඉතාම පැහැදිලියි. පුද්ගලික කෝන්තර රටේ දේශපාලන අනාගතය වෙනස් කරන්න යොදාගන්න... ඒක රටේ බහුතරයක් වෙන නිර්පාක්ෂික පුරවැසියන් අපේක්ෂාවෙන් බලා ඉඳලා තීරණයක් ගනීවි...
නියමයි ෆොන්සේකා මහත්තයා,.. රාජපක්ෂවරුන්ගේ කාලේ රණවිරු බෝඩ්ගහගත්ත සියළුම නිලධාරීන්ව සාක්කි දීලා ජාත්‍යන්තර යුධ අධිකරණයට යවන්න.
තවත් මේ වගේ උදවිය පසුපස යන අය ඉන්නවා. යුද්ධය දිනපු එකත් පුදුමයක්...
යුද්ධයෙන් පස්සේ ෆොන්සේකා මහත්තයව හිරේ දැම්ම එක හොඳ නෑ. නමුත් ඔබ තුමාගෙන් සාක්ෂි දීම කෙසේවෙතත්, මෙවැනි ප්‍රකාශයක් වත් ජාතියක් හැටියට ලංකාවේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එබැවින් ඉදිරියේදීවත් එවැනි ප්‍රකාශ, ක්‍රියාවන් නොකරනු ඇතැයි අපේක්ෂා කරමු.
යුද්ධය පෙන්වා සුද්දය දෙන වැඩ කරලා තියෙනවා නම් ඒවා වැරදියි. උදා- සුදු වෑන්. හැබැයි නිකමට හිතන්න තුවක්කුව අරන් වෙඩි තියන්න එන්නේ ළමයෙක් වුණත් එන්නේ මරන්න නම් කතා බහ කරලා බේර ගන්න බෑ. මොනවා වුණත් දැන් මේක රට ඇතුලේම විසඳ ගන්නවා නම් හොඳයි.
යුද්ධයේදී කොච්චර පාවාදෙන්න ඇතිද කියල දැන් තමයි තේරෙන්නේ. කොච්චට රටට ද්‍රෝහි කමක්ද එතකොට...
උඩ බලාගෙන කෙල ගහන්න එපා...
මෙහෙම පාවාදෙන මිනිස්සු එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉදීවි. මේ වගේ කට්ටියත් සමග තමයි යුද්ධයට හොඳ දේශපාලන නායකත්වයක් දුන්නේ. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ජනක පෙරේරා වගේ යුධ විරුවන් හිටියා. ඔවුන් සබෑ දක්ෂයන්. එ්ක ඕනෑම කෙනෙක් දන්නවා. නමුත් යුද්ධය දිනන්න බැරි වුණා. එක හිතන්න බුද්ධිමත් ඔබතුමාලට බාර කරනවා!
මෙයා මෙච්චර කල් මේ තොරතුරු හංගගෙන හිටපු එක වැරැද්දක් නෙවෙයිද? . හරිවිදියට නම් මේ ඔක්කොටම වගකියන්න ඕනේ එ් වෙනකොට හිටපු හමුදාපතිතුමා තමයි.
තමන් යටතේ වැරදිකරපු අයව වළකන්න බැරිවුණ කෙනා කොහොමද කියන්නේ මමයි යුද්ධය දිනුවේ කියලා..?
මේවා වසල ගති තමයි.
සුදු කොඩි නඩුව දිහා බලනකොට මේකත් මොකක්ද? එදා පාවා දුන්නෙත්, ඉදිරියට පාවා දෙන්නෙත්, තමා ගේ යටතේ පැවති හමුදාව දිවි හිමියෙන් රකින බවට දිවුරා පොරොන්දු වූ තමාගේ මව් රටමයි.
මේ පෞද්ගලික එදිරිවාදිකම් නිසා හැමදාම අපේ රට විනාස වුණා. සතුරු බලවේග එකට එකතුවී අපට එරෙහිව නැගී සිටින විට අපේ අය එකිනෙකා කපා කොටා ගන්නවා. රට, ජාතිය ගැන කිසිම හැඟීමක් නැහැ.
ෆොන්සේකා මහත්තයා, මෙවැනි කියමන් ඔබ වැනි පුද්ගලයෙකුගෙන් ඇසීමට ලැබීමත් කණගාටුවට කරුණකි. යුද්ධය යනු ඔබ අප සියලු දෙනා එකතු වී කළ දෙයකි. ඒ තුල දෙයක් සිදු වූවානම් එය නිවැරදි කල යුත්තේ රට පාවාදීමෙන් නොවන බව ඔබට නොවැටෙන්නේ රටේ අවාසනාවට ය. මෙය හුදෙක් පෞද්ගලික පලි ගැනීමකි.
රට යන දිහා හොඳට ඇස් ඇරලා බලන්න. ආත්මාර්ථකාමීත්වය, පලිගැනීම, වෛරය, යන දේ පදනම් කරගෙන තම පෞද්ගලික අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් අපි නායකයෝ යයි කියාගන්න කට්ටිය කරන දේවල් වලින් රටට ජාතියට වෙන අයහපත ගැන කල්පනා කරන්න. යුද්ධයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. යුද්ධයක වන සියලු දේම නරකයි. මේ එන්නේ දෙමල ඩයස්පෝරාවේ බලයයි. අපිට ලැජ්ජයි ෆොන්සේකා මහත්තයෝ! ඔබට ලංකා ඉතිහාසයේ හිමිවන තැන මට මෙතන ලියන්න බෑ.
සුදු කොඩි කතාවත් වෙන්නැති නේද? ......
මනුස්සකම කියන්නේ..., හැම ආගමිකයින්ම හැම ජාතිකයෙක්ම මනුස්සයෝ හැටියට එක හා සමානයි කියලා හිතන්න පුළුවන්වීමයි. වෙනස්කම් කරන්නේ.., අමනුස්සයෝයි කියනෙකයි ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් ඔය කියන වැරදි වුණා නම් වෙලා ඇත්තේ, යුද්දෙට සම්බන්ධ නැති සුළු ජාතිකයින්ටයි. යුද්ධය කාලේ පැවති ආණ්ඩුවේ පූර්ණ ආශිර්වාදය නිසයි.., මෙවැනි නිලධාරීන්ට හිතේ හැටියට යකා නටන්න ඉඩ සැලසුනේ. අපි දැක්කා.., ධර්ගා නගරයේ පවා මෙවැනි ම්ලේච්ච ක්‍රියා නිසා, අහිංසක ජීවිත තුනක් නැතිවුනා. හැබැයි.., අද වෙනකම් ඒවාට නඩුත් නැහැ. මහජාතියේ ලේ හැලුණානම්.., ඒවාට ගොඩක් වටිනාකමක් තියෙනවා. ඒත්.., සුළු ජාතීන්ට අසාධාරණයක් වුනානම්.., කවුරුවත් ගණන් ගන්නෙත් නැහැ, මියන්මාරයේ දැන් වෙන සමුහ මිනිස් ඝාතන වගේ. මොකද ඒ උදවියගේ ඇඟේ දුවන්නේ "ලේ" නෙමෙයි. තක්කාලි සෝස් නිසා වෙන්නැති.
මෙතුමා සිරගත කලවිට හමුදාව කිසිම දෙයක් කිව්වේ නෑ. හැබැයි දැන් මේ කියපු කතාව උඩබලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්. ලංකාවේ මාධ්‍ය කියන්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී හිටින අපේම දෙන්නෙක් ඇනකොටා ගන්නකොට එකට පිදුරු දාල එ්කෙන් වාසි ගන්න සහ එක පෙන්නුවහම එ්ක මාධ්‍ය නිදහසට බාධාවක් කියලා හිතන ජාතියක්....
මෙතුමා කරන්නේ ලොකු වැරද්දක්.. හමුදාව තුල ජය ගන්නවා කියන්නේ සාමුහික එකතුවක් මත රඳාපවතින්නේ. එ් දේ වුණේ නැත්නම් අද අපි මේවගේ නිදහසක් භුක්ති විඳින්නේ නැහැ. සිංහල ජනතාවත් වැරදි කළා. දෙමල ජනතාවත් වැරදි කළා. සිංහල ජනතාව වගේම දෙමල ජනතාවත් නැති වුණු සිංහල ජනතාවගේ ආකල්ප සිතන විදිහ වෙනස් කරන්න පුළුවන්... නමුත් ලංකාවේ හෝ විදේශීය හෝ ඕනෑම කෙනෙක් හිතන්නේ සිංහලයා කියන්නේ මහා කුහක ජාතියක් කියලා... ඒ දේ සම්පුර්ණයෙන් වැරදියි. මම දන්නවා දෙමල ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න බැහැ. මොකද ප්‍රායෝගිකව මම දන්නවා ඒ බව තමයි ඒ දේ හිතේ මුල්බැහැ ගෙන තියෙන්නේ.. අපි තව දුරටත් මේ කරන්නේ ඉදිරියට කරගෙන ගියොත් අපට ඉදිරියට යන්න බැරි වෙනවා.
ෆනේසේකා මහත්තයා අනෙක් අයගේ වැරැදිවලට වගකියන්නේ ඇයි? එතුමා තනියම යුද්ධය මෙහෙයවා දිනුවා...
දියෙහි යන දණ්ඩට, පිහිටක් වෙතත් කිසිවිට දුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කලෙ මට..
දැන් කවුද කලවැද්දා?
මේ වගේ මිනිස්සු එක්ක කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ? මෙයාගේ තියෙන්නේ පලිගැනීම් විතරයි. මේ රට කවදාවත් දියුණු වෙන එකක් නෙවේ.
කොහොමද 2011 දී වැරදිලා හරි බලය දුන්නා නම්? ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට නම් රජ මඟුල්.
කලවැද්දා කියන්නේ නිකමටද?
කොහොමද තව ජනාධිපති කම දුන්නා නම් බොහෝ දෙනෙක් වලපල්ලේ තමයි..
මෙතුමාගේ දේශපාලන හවුල අප පිළිගත්තත් නොගත්තත්, මෙහි අදහස් පළ කර ඇති බොහෝ දෙනාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. මෙතුමා සිරගත කිරීමේදී ජගත් ජයසුරිය මහතා යම් විරෝධයක් ප්‍රකාශකර තිබේද? තමන්ගේ රටේ නීතියේ සාධාරණය නොදකින අපි අන් රටක සාධාරණය ගැන කතා කරමු. ඡන්දමල්ල වෙනුවෙන් රණවිරුවන් ගැන කඳුළු සළන රාජපක්ෂ හවුලට අතීතය අමතකවීම ඇත්තෙන්ම ලැජ්ජාවට කරුණකි.
එක්තරා රටක යුදහමුදාපති කෙනෙක් බෝම්බයකට අසුවී තුවාල වෙලා සිටි කාලෙක ඒ රටේ ජනාධිපතිතුමා ඒ ජිවිතය බේරුවේ රටවල් වලට යවලයි. එ්ක අද ජාතියේ අවසානය වෙලා...
ඔය රණවිරුවෝ යැයි කියා බෝඩ් ගහගෙන ඉන්න අයට දඬුවම් කළ යුතුයි. ෆොන්සේකා මහත්මයා පැහැදිලිවම කිව්වා යුද්ධය අවසානයේ යටත් වෙන්න සුදුකොඩි ඔසවාගෙන පැමිණි සියලු දෙනාට වෙඩි තැබූ බව...
කිසිම කෙනෙක් අනුමත නොකරන කතාවක් මේ කියන්නේ. රටේ ජනාධිපති වෙන්නත් ගියානේ... වෛරය, කුහකකම, බලලෝභය, තණ්හාව, ඒ වගේම පපුවේ කිසිම තෙතමනයක් නැහැනේ..
තමාගේ බඩ වඩා ගැනීමට ඕනෑම පාවා දීමක් කරනවා. මුදලට, බලයට, තනතුරුවලට කෑදර වෙන්න හොඳ නැහැ. 1994 ට පෙර හිටපු රටේ නායකයින් එක්ක යුද්ධය සමහරු වවා ගෙන කෑවා. ෆොන්සේකා මහත්තයා අද එකතු වෙලා ඉන්නෙත් මේ දේශපාලකයෝ එක්කනේ. රට සහ රණවිරුවන් පාවා දීම් තමයි තියෙන්නේ...
දෙමළ ඩයස්පෝරාවෙන් පාගා අරගෙන වීර ෆීල්ඩ් මාර්ෂල් සරත් මහත්තයට ජම්පර් අන්දපු දකුණු ඉන්දියානු සම්භවයක් ඇති අයට විරුද්ධව සිංහල ජාතිය පෙළගැසිය යුතු කාලයයි.
වීරයා මැරිලා !
මෙතුමගෙන් මෙවැනි කියමනක් අපි බලාපොරෝතු වෙන්නේ නැහැ. රට ගැන පමණක් හිතන්න
රොහාන් වලිගෙ පාගගෙන වගේ
ඔක්කොම මඩ නාගෙන.
කාලයක් තිස්සේ ෆොන්සේකා මහතා සහ අනෝමා මහත්මිය මොහුගේ උසස්වීම් ලබාගැනීමටත්, නිලතල ලබාගැනීමටත් උත්සාහ කළා. අලුත් තනතුර අාභරණයක් සේ සලකමින් ආඩම්බරයට පත්වුණා. මෙතනින් මේ කරදරේ ඉවරවෙනු ඇතැයි සිතුවත් දිගින් දිගටම පළිගැනීමට පනින්නේ, මේවා අවසන් වෙන්නේ කවදාද? මේ පළිගැනීම් ඉතාම පිළිකුල් සහගතයි. 30 අවුරුදු යුද්ධයේදී යුද්ධ කර ඇත්තේ ඔහු පමණක්මද?
මෙවැනි අයත් හමුදාපතිකම තියාගෙන යුද්ධය ජයගත් එකත් පුදුමයක්!
චානක් මොකද ඇමෙරිකාවේ ඉඳන් ඔච්චර උඩ පනින්නේ...
මෙයා වගේ කෙනෙකුට කියන්න හොඳ නමක් හොයාගන්නත් අමාරුයි වගේ...
"සිංහලයිනේ ඔබලාගේ මෝඩකමින් ප්‍රයෝජන ගන්නේ අන්තවාදීන් බව තරයේ මතක තබාගන්න'".. පටු දේශපාලන අරමුණ නිසා ජාතිය පාවා නොදීමට තරයේ මතක තබා ගත්තොත් හැමෝටම යහපතක් වේවි" ...හිටපු හමුදාපති සර්ත් ෆොන්සේකා මහතාගේ දේශපාලනය අපි තරයේ හෙළාදකිමු...
යන යන තැන ඉවරයි වගේ... නේ...
හිරේ යවලත් මදි. චාන්ස් එකක් හම්බවුණු ගමන් සනුහරේම පාවාදෙනවනේ...
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයත් මේ ඉඳලා එකම දේශපාලන පවුලකට තමයි අයිති වෙන්නේ...
දුකයි මගේ රටට මේ මොකක්ද වෙන්නේ කියලා හිතනකොට...