අතුරුදන් වුවන් සම්බන්ධයෙන් සොයා බැලිමට මෙරටට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ විශේෂ කණ්ඩායම අද (17) කොළඹදී මැක්ස්වෙල් පරණගම කොමිසම හමුවිය.
පරණගම කොමිසම ජනාධිපතිට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු වාර්තා දෙකෙහි තොරතුරු විමසිමට ලක් කිරිම එහි අරමුණ විය.
කොමිසම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවන්හි පිටපත්ද ඔවුන්ගේ අධ්‍යයනය සඳහා ලබාදුන්බව කියති.
ලංකාවට පැමිණි එක්සත් ජාතින්ගේ විශේෂ කණ්ඩායම සමඟ කොමිසමේ සභාපති මැක්ස්වේල් පරණගම, කොමසාරිස් සුරංගනා වෛද්‍යරත්න,ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස, මනෝහාරි රාමනාදන් , ඩබ්ලිව්.ඩී.කේ. රත්නායක, එච්. සුමනපාල යන මහත්ම මහත්මීන් එම හමුවට සහභාගී වූහ.
මේ කණ්ඩායම පසුගිය සතියේ යාපනය, මන්නාරම හා කිලිනෝච්චියට ද ගියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
88 89 වසර වල ඉඳන් හෙව්වා නම් හොඳයි නේද?
සමීර පරණගම නැද්ද ? (බ)
මොනා වුනත් ජාත්‍යන්තරය සමග සුහදව හා සහයෝගයෙන් වැඩකටයුතු කිරීමෙන් පහුගිය වකවානුවේ රටට වුන කලුපැල්ලම මකාගැනීමට මෙය හොදම අවස්ථාවක් වේවි. (බ)