ලෝක ආහාර සංවිධානයේ හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා පසුගියදා පත්විය.
රෝමයේ පිහිටි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන මුලස්ථානයේදී එහි විධායක අධ්‍යක්ෂක ග්‍රස්සියානෝ දී සිල්වා මහතාට හා ලෝක ආහාර සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා එනිතනින් කුසින් මහත්මියට තානාපති බෙනට් කුරේ මහතා විසින් සිය අක්‍රපත්‍ර පසුගියදා බාර දුන්නේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ජගත් ආහාර සංවිධානෙට බෙනට් කුරේ
ධම්ම Sunday, 04 May 2014 03:38 PM
බය හැක නැතිව මේ වගේ තනතුරක් භාර ගැනීමම සුදුසුකමක් නොවෙයිද? (ස)
නන්දන පනාගොඩ මිලානෝ Sunday, 04 May 2014 04:17 AM
මෙහෙම ගියොත් අපේ රටේ විදේශ සේවා, පරිපාලන සේවා උපාදිධාරීන්ට මොන රැකියා ද දෙන්නේ? (නදී)
ද සිල්වා බෙර්ලින් Monday, 05 May 2014 04:38 AM
ගලබඩ, පුලුවන් නම් ජර්මනියේ ජංගම සේවයක් පවත්වපු එක තානාපතිවරයකුගේ නමක් කියන්න (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 05 May 2014 06:25 AM
ගලබඩ ඔය තානාපති තුමාව ඉතාලියට එපා නම් ජර්මනියට එවන්න , අපි අපේ ගමන්බලපත්‍ර ගන්න මාස ගනන් බලන් ඉන්නවා. ඔය වගේ ජංගම සේවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩකාරයෙක් තමයි අපටත් ඕනේ නැතුව වැඩ බැරි ටාසන්ලා නොවේ.(නදී)
චාමර Saturday, 03 May 2014 03:07 PM
මෙයාට තියෙන සුදුසුකම මොකක්ද ? (නදී)
ගලබඩ Sunday, 04 May 2014 05:44 PM
අනේ බර්ලින් ඔයා මොනාද දන්නේ? (ස)
රොෂාන් ප්‍රනාන්දු Saturday, 03 May 2014 05:13 PM
ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් පත් කරා මිසක සුදුසු කම් වලට ලෝක ආහාර සන්විදානයෙන් පත්කර ගත්තා නෙමේ.(නදී)
රෝහිත Saturday, 03 May 2014 05:29 PM
දේශපාලනය. (ස)
නිමේශා Sunday, 04 May 2014 10:00 AM
ජයන්ත ඔබ කිවා හරි. මේකයි ලංකාවේ අලුත්ම ක්‍රමය. ඔය චන්දයකින් පරදින පුද්ගලයාටත් පොඩි චන්ද ප්‍රමාණයක් තියෙනවනේ. මේ වගේ තනතුරක් දුන්නම ඔය චන්ද ටික ආණ්ඩුවටම ලැබෙනවා එකනේ කට්ටිය කරන දුෂණ හොර මැරකම් වලට කිසිම දඬුවමක් නැත්තේ. ඒ කට්ටියට දඬුවම් කලොත් චන්ද අඩු වෙන නිසයි ඔහොම කරන්නේ ...(ස)
සුනිල් Saturday, 03 May 2014 06:11 PM
අපේ රටට වැදගත් ආයතනක් තමා ඔය ආයතනය. ඒකට මොලේ තියෙන කට්ටිය පත් කරන්න ඕන.(නදී)
සිබිල් Sunday, 04 May 2014 10:20 AM
අපේ රටේ විදේශ සේවා, පරිපාලන සේවා උපාදිධාරීන්ට මොන රැකියා ද දෙන්නේ? පිළිතුර: සමුර්ධි නියාමක. (ස)
රාජා Saturday, 03 May 2014 06:40 PM
මේක විශේෂ දෙයක් නොවේ. සුදුසුකම් ඇතා හෝ නැතා ලංකාවේ තානාපති තමා ලෝක ආහාර සංවිධානේ ලංකා නියෝජිත, එහෙම නැතිව බෙනට් කුරේ මහතා ගේ සුදුසුකම් වලට දුන්න එකක් නොවේ. (නදී)
වසන්ති Saturday, 03 May 2014 07:07 PM
මෙයාව අපි හොඳට අඳුනනවා, (ස)
පෝල් Saturday, 03 May 2014 09:06 PM
මෙයාට තියෙන එකම හා හොදම සුදුසකම තමා ආණඩුවට වැඩ කරලා දිනන්න බැරි වීම , මෙයා ගේ හොදම යාලුවා තමා නැසී ගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතා (අ)
ජයන්ත Saturday, 03 May 2014 09:10 PM
මොකක්ද මේ රට ඡන්ද වලින් පැරදෙන අයව මොලේ නැති උනත් පත් කරන රටක් මේක එකේ පාඩුව තියන්නේ රටට (අ)
ඉසුරන්දි Sunday, 04 May 2014 03:16 PM
උපාදිධරයන්ට රැකියා නැහැ ඉංග්‍රීසි බස දන්නේ නැත්තම්.ඇයි දෙය්යනේ මේවත් රටේ සංවර්දනයට යොදාගතහැකි අපේ සම්පත් නේද ඔය නිකරුනේ කළු කඩ මුදලාලිලව ලොකු ලොකු පුටුවල ඉන්දනවට වඩා. (ස)
සමන් Saturday, 03 May 2014 10:55 PM
මෙතුමා මට හමුවුනේ තානාපති ජංගම සේවෙන් පලේර්මෝ වලදී මෙවැනි තානාපතිවරුන් තමා මේ රටට උවමනා මෙතුමා ඉතාම උවමනාවෙන් ඉන්න අයගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න මහන්සි ගත්ත.මම දැකපු ඉතාම නිහතමානී මහත්තයෙක් එම නිසා අපහස කරන්න එපා (ස)
ද සිල්වා බර්ලින් Sunday, 04 May 2014 03:38 PM
දේශපාලන සුදුසුකම් වලට තානාපතිකම් ප්‍රධානය කිරීමට මම ප්‍රත්පතියක් වශයෙන් විරුද්ධ වෙනවා නමුත් මෙතුමා යුරෝපයේ ඉන්න ශ්‍රී ලංකික තානාපති වරුන් අතරින් දක්ෂම සහ කර්යශූරම තානාපති වරයා වශයෙන් අවිවාදයෙන් පිළිගන්න වෙනවා , මෙතුමා ඉතාලිය නගරවල ජංගම සේවා පවත්වමින් ශ්‍රී ලාංකිකයන්ට විශාල සහනයක් ලබාදෙන අතර ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරමින් ඔවුන්ට නායකත්වය ලබාදෙනවා , යුරෝපයේ අනිත් තානාපතිවරුත් මේවගේ කටයුතු කරනවානම් කොටි ඩයස්පෝරාවට මේවගේ නටන්න හම්ම්බවෙන්නේ නැහැ . (ස)