සීගිරි කාශ්‍යප කතාව රූගත කිරීම සඳහා රජ මාලිගයක් පිළිබිඹු කරමින් ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය පසුබිම් කරගෙන ඉදිකළ පසුතල ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගැනීමට යයි. නිෂ්පාදන කණ්ඩායම මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ කමල් රත්වත්ත මහතා සහ දේශපාලන නියෝජිතයන් හමුවේ ජැක්සන් ඇන්තනී මේ බව කීවේය.
“සීගිරි කාශ්‍යප” කතාවේ කාශ්‍යප රජුගේ මාළිගය පිවිසුම ලෙස මහ සමන් දේවාලයේ පහළ මලූවේ පසුතළ නිර්මාණ සැකසීම මීට දින කිහිපයකට උඩදී ආරම්භ අරඹා තිබිණි.
සබරගමු මහ සමන් දේවාලය පුරාවිද්‍යා සංරක්‍ෂිත ස්ථානයක් ලෙස නම් කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම පුරාවිද්‍යා සංරක්‍ෂිත ස්ථානය පසුබිම් කරගෙන චිත‍්‍රපටියක් රූගත කිරිමට අවසර ගෙන නැති බවයි.
සමන් දේවාලයේ පහළ මළුවට ඇතුලූවන ස්ථානයේ වාහල්කඩ වැසෙන ආකාරයේ වෙනත් පසුතල නිර්මාණ කර තිබුණා. ඒවාගේ දේවල් වලින් මහ සමන් දේවාලයේ අභිමානය නැතිවන බව ජනතාවගේ අදහස වුණා. පස්සේ සාකච්ඡා වලදී පසුතල ඉදිකිරිම් ඉවත් කරගන්න ඒ අය කැමැතිවූනා. අවශ්‍යනම් ගඟ පැත්තෙන් අවශ්‍ය රූගත කිරිම් කරගන්නවාට විරෝධයක් නැතිබවත් දැනුම් දුන්නා. කිසිම ගැටුමකින් මත භේදයකින් තොරව සාමයෙන් එකඟත්වයෙන් ප‍්‍රශ්නය විසදුනා. මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග පැවසුවේ ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජැක්සන් ඇන්තනීට බනින එක මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
ජැක්සන් ඇන්තනීට පටහැනිව කතාකරන සිංහලයන් නියම සිංහලයන් නොවේ (නි)
අපි එයා ගැන බොහොම හොඳට දන්නවා (නි)
යමක් කරන්න කලිනුයි හිතන්න තිබුණේ (නි)
කලාකරුවෙක් කරන්නේ නිර්මාණය. ඒක වැදගත්, ඒක දිහාත් දේශපාලන වාසියෙන් නොබලා ඔහුගේ නිර්මාණයට උදව් කරමු. (ර)
පුරා විද්‍යාවක් ගෙන මෙතන පම්පෝරි ගහන එකෙක්වත් විල්පත්තුවේ වෙන විනාශේ ගැන එක වචනයක් කියන්නේ නැහැ.අනේ නිකන් පලයල්ලා යන්න. (බ)
මොකද ජැක්සන් මහත්තයෝ වුනේ.(හේ)
ඔවු ශානක. කව දාවත් ගෙවා ගන්න බැරි තරම් ණය කන්දරාවක් අපට ඉතුරු වේවි. (ර)
ඇත්තටම ඇත්තටම ජැක්සන්ගේ නිර්මාණ ඉහල තත්වයක තියෙනවා. (ර)
පහුගිය කාලේ ඔය චිත්‍රපටිය කරගන්න තිබ්බා ඒ කාලේ කිසිදෙයක් තහනම් වුනේ නෑ නේ. (ර)
එත් නිර්මාණයකට සහයෝගය දෙමු. (ර)
වඳින්න ගිය මාලිගාව ඉහේ කඩා වැටුනා නම් නොවේ නමුත් අහසේ තැණු මාළිගා බිමට කඩා වැටුනා වගේ පෙනෙන්නේ නැද්ද ජැක්සන් සහෘදය? (බ)
ජැක්සන් ඇන්තනී යනු නිකම්ම නිකම් නාට්‍යකරුවෙක් නෙමෙයි. ඉතා දක්ෂ නිර්මාණකරුවෙක්. විවිධ හැකියාවන් ඇති අයෙක්. (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
මේ අයට ඉතින් යන එන මං නැහැ දැන්. ඉස්සර හම්බකරගත් දෙයක් තමයි ඉතින්. (නි)
හිතේ ඇති දේ මෙහි ලියන්න බැරි නිසා මොනවා ලියන්නද කියලා හිතමිනුයි ඉන්නේ. (නි)
මේ වගේ මිනිසුන් ඕනෑවට වැඩිය පුම්බන්න හොඳ නැහැ (නි)
තිලක්-ඩුබායි ඔබ හරි දැන් රට කරන්නේ රජවරු නෙමෙයි ඇම්බැට්ටයෝ (බ)
පෙරුමාල් මොකද දුවන්න වැදුන නිසා මහින්ද සමග කෙන්තිද? මහින්ද හැමදේම දෙන්න ලැහැස්ති වුන නිවටයෙක් නොවෙයි. (බ)
කුහක කමන් තොරව නිර්මාණකරණය සදහා අපි අත දෙන්න ඕන ! අපි ජාතියක් විදියට පසුගාමී වෙලා තියෙන්නේ (මැත අතීතයේදී) අනුන්ගේ දියුණුව නොඉවසන නිසා ! (බ)
දැන් තියෙන්නේ රජතුමාගේ ආණ්ඩුව නොවන බව අමතක වෙන්න ඇති. ඒ නිසා තමයි අවසර නොගෙන වැඩේ කළේ (බ)
අපිව මුලා කරන්නට දේශපාලන වේදිකාවටත් නැග්ගා ලැජ්ජා නැතුව. දැන් එනවා අපේ උරුමය විකෘති කරන්න (නි)
යහපාලන රජයට වගේම මෙතන අදහස් දාන සමහර කට්ටියටත් තිබෙන්නේ මහින්ද භීතිකාව කියන දරුණු ලෙඩේ නේද? (නි)
අළුත් කලාකරුවන් බිහිවෙනකොට ප්‍රේක්ෂකයා ඒ දෙසට ඇදෙනවා. මේ වගේ අය තනිවෙනවා. (නි)
ජැක්සන් හොඳ නිර්මාණ කීපයක් කළා. මම හිතන්නේ නැහැ ජැක්සන් මෝඩ වෙයි කියලා එක ඇණයක්වත් ගහන්න පැරණි ගොඩනැගිලි වල. සිංහලයා කියන්නේ පිරිහෙන ජාතියක්. එකාට එකා කපාගන්නවා. (නි)
සමහරු දන්නා ඉතිහාසයක් නැහැ. හැබැයි අමුතු ඉතිහාස නම් ලියනවා (නි)
ඔය මහත්වරුන්ගේම අවවාද අනුශාසනා ඇතුව කෝටි ගණන් මුදල් යොදවා හදපු රන්මිණිතැන්න ටෙලි ගම්මානයට ඕක ගෙනියන්න තිබුනානේ. (බ)
මහින්දට කොච්චර බැන්නත් කවදාහරි මහින්ද කළදෙයක් විතරයි රටට ඉතුරුවෙන්නේ (නි)
ඔහොම ගොන් කතා කියන්න එපා නිහාල්.(බ)
කඩේ යන කාලේ කරපු සෙල්ලම් තාමත් දාන්න යනවද? ජනතාවගෙන් ඔබ වැනි අයට කිසි දිනක සමාවක් නොලැබෙනු ඇත. (බ)
මේ සිද්ධිය වෙනකොට මහින්ද බලයේ හිටියා නම් තත්ත්වය වෙනස් වෙන බව විශ්වාසයි (නි)
පුරා විද්‍යා ස්ථානයක පිස්සු නටන්න හදන්නේ මොළේ කළඳක්වත් නැතිවද මේ මනුස්සයන්ට ? (බ)
වෙන කරන්න දෙයක් තියෙන්නේ නැතුව ඇති.(හේ)
මෙතන දාන කමෙන්ට්ස් බලන්න ඕන, ලංකාවේ බුද්ධිමතුන් බලන්න. ඕනෑම දෙයක් පාට කණ්ණාඩියෙන් තමා බලන්නේ. (බ)
මේ ගොල්ල හදපු දේශප්‍රේමය මේ ගොල්ලන්ටම වැඩේ දෙනවා (බ)
මේක රජතුමාගේ ආණ්ඩුව නෙවෙයි ... මහින්ද මහත්තය නැති වුනේ ජැක්සන් වගේ මුරුංග අතු කාරයෝ නිසා ... බුදු හාමුදුරුවන්ගේ නෑදෑයෝ කියලනේ කිව්වේ ...(බ)
ජැක්සන් ඇන්තනි මහතා ඉතා දක්ෂයෙක්, ඔහු නිර්මාණය කළ දස්කොන් නාට්‍ය ඉතා උසස් ගනයේ නිර්මාණයක්. ඔහුගේ සී රජ ටෙලිනාට්‍ය ඉතා උසස් ගනයේ නිර්මාණයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ඔහු මහින්දට කඩේ ගිය බව සැබෑව, එහෙත් ඔහුගේ දක්ෂකම ට ඉඩ ලබා දිය යුතුයි. (බ)
ඔවු ශානක. කව දාවත් ගෙවා ගන්න බැරි තරම් ණය කන්දරාවක් අපට ඉතුරු වේවි! ඔහුගේ කාලය තුල බැලු බැලු අතේ හොරකම්, වංචා, පිල්ලි ගැහීම්, කොමිස් ගැහීම් ,ටෙන්ඩර් මගඩි, කොල්ල කෑම, අතුරුදන් කිරීම්, දූෂණ, හත් දෙයියනේ තව කියලා මොකටද? (බ)
මෙතන කියලා තියෙන්නේ චිත්‍රපටියකට හදපු අනවසර පසුතල නිර්මාණයක් ගලවපු එක ගැන. ඒ වුණාට සෑහෙන අදහස් තියෙන්නේ ජැක්සන් කඩේ ගිය ඒවයි, මහින්ද කරපුවයි ගැන (නි)
ඉතිහාසේ වෙනස් කරන්න හදපු මේ වගේ ආත්මාර්ථකාමී අයට ඵෙතිහාසික ස්ථාන කෙලෙසන එකත් කජ්ජක්ද?(බ)
මහින්ද රාජපක්ෂගේ ඔලුව විකෘති කොරපු අයගෙන් කෙනෙක් . රටේ ප්‍රජාතන්ත්‍ර වාදයට මාරු පහරක් එල්ල කළ පුද්ගලයෙක් හැටියට මම දකින්නේ. ළිං අඩියේ ඉන්න ගෙම්බෝ වගේ හිතන අය කිව්වට කමක් නැහැ (බ)
ජැක්සන් මහත්තයෝ, කාගෙන්වත් උදව්වක් ගන්න බැරිවෙයිද? (නි)
ජැකා දක්ෂ කලාකාරයෙක්. කිසිම විවාදයක් අවශ්‍ය නැහැ. හැබැයි, මිහිහ ඊට වඩා හුඟාක් දක්ෂ වන්දි භට්ටයෙක්! (බ)
ජැක්සන් අන්තෝනි අපේ ඉතිහාසයත් එයාට ඕනේ විදියට වාසියට වෙනස් කළා, බුදු රජාණන් වහන්සේත් එයාගේ මුදල් ඉපයීම සඳහා උපයෝගී කරන් , අලුත් නෑ කම් හදල වෙනස් කළා දැන් ඉතින් එයාට මුදල් හොයන්න සිගිරි කාශ්‍යප රජ වරුන් වත් පාවල දී හෝ ඔවුන්ගේ ඉතිහාසය වෙනස් කරාවි (බ)
ජැක්සන් ඇන්තනි මහතා ඉතා දක්ෂයෙක් බව සත්‍යයි .එ්ත් මහින්දට කඩේ ගිය එකටනම් කිසිම සමාවක් නැහැ.(බ)
දැන් රට කරන්නේ රජවරු නෙමෙයි කියල අමතක වෙලා ඇති.(බ)
නිහාල්.ඔබ හරි. වෙන කෙනෙක අන්දවා මෙයාල කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑවා.එ්කයි අපි දන්නා සත්‍ය.(බ)
නිහාල්, ඔබ හරි. රන්මිණිතැන්න හැදුවේ මේ වගේ දේවල් වෙනුවෙන්. අපරාදේ එ්ක සුදු අලියෙක් වෙලා. (බ)
අපරාදේ මහන්සිය. (ර)
ජැක්සන් හොඳ කලාකරුවෙක්. ඒත් මේ වගේ තැනක වටිනාකම තේරුම්ගන්න බැරි අදක්‍ෂයෙක්. සිංහලයෝ වූ අපි විතරයි අපේ වටිනාකම අපේ දේවල් විනාශ කරගෙන නිර්මාණ කරන්න හදන්නේ. අපේකම අපේ දේ රැකගන්න සිංහලයෝ දන්නේ නැහැ. හැබැයි කියවන්න මරාගන්න දන්නවා (නි)
මහින්දට අකාලයේ ගෙදර යන්න පාර කැපූ ප්‍රධානම චරිතයක් මෙයා. මහින්දගෙන් වරප්‍රසාද ගන්න මෙයා බුදුන්වහන්සේගෙයි මහින්දගේයි නෑදෑ කමක් ගැන කියූ කතාවෙන් ඡන්ද කීයක් කැඩෙන්න ඇතිද. (බ)
මිනිස්සු අතින් වැරදි වෙනවා. වැරදි කරනවා.දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ වැරදි මත නිසා. එ්වුනත් අපි ඔයාලට නැති ලොකු හැකියාවක් එයට තියෙනවා.ඒවා අපි නිර්දය ලෙස අගය කලයුතුය.ඔහුගේ භාෂා හැසිරවීම කථිකත්වය.....අපි කුහක නොවෙමු. (බ)
මෙවැනි දේවල් කරන්න කලින් අවසර ගත්තනම් අනවශ්‍ය කරදර නැහැනේ කොහොම වුනත් දේවාලයේ ඉදිරිපිට අට්ටාල ගහගෙන ඔව්ව නුසුදුසුයි (බ)
උපාලී, ඔබේ කතාව හැම විටම හරියන්නේ නැහැ. උරුලාවගේ ගඳ නැති කරන්න බැහැනේ! (බ)
නිර්මාණ නෑ නෑ කිය කියා තප්පුලන කට්ටිය ඉන්නවා වෙලාවකට තවත් වේලාවකට මෙහෙම හොද නිර්මාණයක් කරන්න උත්සහ ගන්නකොට අපේ අභිමානය ගැන හැමදාම කථාකරන ජැක්සන් මහත්තයාට මෙහෙම කරන එක වැරදි.නිර්මාණ අගයන්න ඕනි.(හේ)
මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්..ඒ වුනාට කතා කරන්නේ මහින්ද ගැන..අනේ මන්ද මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියල..ඒ මනුස්සයගෙන් තොර වෙන කතාවක් නැනේ මෙයාලට..(බ)
හේවාවිතාරණ, නියම සිංහලයෝ කියන්නේ සිංහල බෞද්ධයෝ. (ම)
සීගිරි කාශ්‍යප හදනවට වඩා ලේසි නැද්ද ජැක්සන් “මැදමූලන මහින්ද“ හැදුවානම් (බ)
මහේෂ්-සෞදි. මෙතන තියෙන කුහකකම මොකක්ද. (බ)
මෙයයි සොමරත්නයි හවුල් වෙලා ලංකා ඉතිහාසයේ රජවරුන්ගේ වීරත්වය සහ රජකතා වල ගාම්භීර බව නැති කළා. මේ අය හිතුවේ නළුවන්ට මොට්ටක්කිලියි සරුවාලයි ඇන්දුවාම චිත්‍රපටි සාර්ථක වනවා කියා. (බ)
ඇත්තටම ජැක්සන්ගේ නිර්මාණ ඉහල තත්වයක තියෙනවා විවේචනයකට කලින් නිර්මාණ මොනවද කියලා හොයල බලන්න,ඉතිහාස නිර්මාණ කරන එක දැන් තියෙන දවසින් කරන නාටක වගේ ලේසි නෑ,හැමෝටම කරන්නත් බෑ,මෙතුමාගේ වැරදි ඇති ඒත් හොඳ දේ රැකගන්න උත්සහ ගන්න, (ම)
හදන්න කලින්නේ හිතන්න තිබුණේ (නි)
සමහර දේවල් මට මෙතන සඳහන් කරන්න බැහැ (නි)
මම නම් තදින්ම මොහුව පිළිකුල් කරනවා (නි)
පහුගිය රජය තිබුනානම් මෙතුමාට කාගෙවත් අවසරයක් ඕන නැහැ හිතුන තැන හැදුව පෝලිමේ ඉන්නේ නැතුව ලිස්ට් එකේ තියෙන ඒවා කපාගෙන කෙලින්ම තිරගත කරන්න අවසරත් හිමිවෙනවා (කෞ)
දැන් ඉතින් මොනවා කරන්නද කියලා එයාම තේරුම් ගත්තා නම් හරි. (නි)
තිලක්-ඩුබායි කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑවානං එලි කරන්නකෝ (බ)
අහෝ ජැක්සන් ඔබ ඉතිහාසය වෙනස් කළේ ඔබේ යහපතටනේ. එහෙත් සමන් දෙවිඳු වරුණ නොදත් ඔබවගේ අයෙකුට සමන් දෙවියෝ අනුකම්පා කරත්වා... 2015 ජනවාරි 7 වෙනිදා උදැසන මහින්ද මහත්තය සමන් දෙවිඳු වන්දනා කරන්න පැමිණි බව මේ බොහෝ දෙනෙක් නොදන්නවා ඇති. පැමිණ බාරහාර වූ දේවල් දන්නේ ඔහුම පමණි. සමව ඉල්ලා කන්නලව් කළේ කුමකටද? එහෙව් දේවල් දන්නා ජැක්සන්ලා සමන් දෙවිඳුන්ට අපහාස කළහොත් ඔහුගේ විනාශය ඔහු සොයා එනු ඇත..(බ)
කෝටි ගණනක් වැය කර තෙලේ ගම්මානයක් රජයේ වියදමින් ඇතිකර තිබියදී ඓතිහාසික පුරවිද්‍යා පුදබිමක ලක්ෂ ගණන් වැය කර මෙම ගොඩනැගිලි මෙසේ ගොඩනැගීමට පෙර ප්‍රතිවිපාක ගැන සොයා බැලුවේ නැති නිසා මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බව පෙනේ (බ)
බුදු හාමුදුරුවන්ගේ නෑයෝ කෙසේ වෙතත් ශාසනයටවත් සලකන්නේ නැති අය රජ කරනවා (බ)
මෙයා කරන වැඩ නිසා සමහරුන්ට දැන් යන එන මං නැතිවෙලා. (නි)
කුහක කමන් තොරව නිර්මාණකරණය සදහා අපි අත දෙන්න ඕන කියන එක හරි. එත් සමන් දේවාලේ මෙහෙම විකාර කරනවට සබරගමුවේ අපි අනුමත කරන්නේ නැහැ. (ර)
චිත්‍රපටි හදන්න ඕනෑ තමයි. නමුත් ඒ සඳහා මිනිසුන් එදිනෙදා යන එන තැන් සහ ඔවුනට හිරිහැර නොවන පරිදී සහ ඉතිහාස වටිනාකමකින් යුක්ත ස්ථානයන්ට හානියක් නොවන පරිදි කළයුතුයි. අනිත් දේ ලාබ ප්‍රයෝජන තකා ඔය වගේ ස්ථාන වල ‘ෆිල්ම්ස් සෙට්‘ ඉදිනොකර අමුතුවෙන්ම අවශ්‍ය කරන නිර්මාණ තමන් නිර්මාණය කර ගත්තා නම් තමා වඩා හොඳ (නි)
ජැක්ෂන් දක්ෂ නළුවෙක් ඒ ගැන තර්කයක් නෑ.එත් ඔහු ඉතිහාසය විකෘති කළා.මහින්ද බුදුන්ගෙ ඥාතියෙක් බව කිවුව.මතකද 'අබා' චිත්‍රපටිය..ඒකෙ පණ්ඩුකාභය කුමාරයා අවජාතකයෙක් කළා. (බ)
ජැක්සන්ගේ නලුකම- දේශපාලනය මදකට අමතක කරන්න. අද ඉන්න කලාකරුවන්ට ඕනෑම මාතෘකාවක් පිළිබද විනාඩි 5ක් ව්යක්ත ලෙස කතා කළ හැකිද? (ර)