(අංජුල මහික වීරරත්න)
"ලොව ඇත්තේ යාම් ඊම් ය.නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය." යනුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ "මළගිය ඇත්තෝ" හි පාඨයක් උපුටා දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාට ශෝකය පළ කරයි.
ජනාධිපතිවරයා එම ශෝක පනිවිඩයෙන් මෙසේද පවසයි. "ලොව වෙසෙන අප සියල්ලම මේ සත්‍යයට යටත්ය. කවදා හෝ අපට යන්නට සිදුවෙයි.
බහු විධ කලා නිපුණයකු වූ ජැක්සන්ට ද අප අතැර යන්නට කාලය එළැඹ ඇත. නමුදු මේ තරම් ඉක්මනින් ඔහු යතැයි අප කිසිවකු සිතූයේ නැත.
ඔහුගේ නික්මීම ලාංකේය කලා නිර්මාණ ක්ෂේත්‍රයට සිදු වූ අති මහත් පාඩුවක් සේ මම දකිමි.
පසුගිය දින කීපය පුරා බොහෝ දෙනෙක් ජැක්සන්ගේ නිර්මාණ භූමිකාව ගැන අදහස් දැක්වූහ. එහිදී අතපසු වූ එක් කරුණක් පිළිබඳව විශේෂ අවධානයක් කිරීමට මම කැමැත්තෙමි.ඒ ඔහු නවකතාකරුවකු ලෙස දැක්වූ ප්‍රතිභාවයි.
"කන්ද උඩ ගින්දර" ජැක්සන් ලියූ මුල්ම නවකතාවයි. එහි දෙවන කොටස ලියන්නට ජැක්සන් සූදානමින් සිටි බව මම දනිමි. නමුත් එය අවසන් කර ගන්නට කලින් ඔහුගේ ජීවිතය අවසන් විය. එය ද කනගාටුවට කරුණකි".
ඔහුගේ අභාවය පිළිබඳව මගේත් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් සංවේගය පවුලේ සියලු සාමාජිකයන් හා නෑදෑ හිත මිතුරන් වෙත මෙසේ පිරිනමමි.
අවසාන වශයෙන් තවත් කරුණක් සඳහන් කළ යුතුය.ජැක්සන් ගේ ජීවිතයේ යම් යම් භාවිතාවන් තියුණු විවේචනයන්ට බඳුන් වූ අවස්ථා තිබිණි.ඒ වගත් සිහිපත් කරමින් ඔහු අනු දත් ධර්මයට අනුව බයිබලයේ එන මේ වැකි කීපය උපුටා දක්වනු කැමැත්තෙමි.
" විනිශ්චය නොකරන්න ,එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහිය. ඔබ දෙන විනිශ්චයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය.ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ.(බයිබලය-නව ගිවිසුම)
බහුවිධ කලා කුසලතාවන්ගෙන් සපිරි ජැක්සන් ඇන්තනීට මෝක්ෂ සුවය ලැබේවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒක නේන්නම් ජැක්සන් මහතා වගේ රටක් වටින මිනිස්සු නැතිවුනහම අපිට හිතෙන්නේ බොහොම ඉක්මනින් ගියා කියලයි. ඒකටත් හරියන්න කොහෙද මේ සමහර මුස්තෙප්පු කාලකන්නි ඉන්නවා අපි ඉස්කෝලේ යන කාලේ ඉඳම්ම රට කකා ඉන්නවා අඩුගානේ දෙය්යනේ කියලා මැරිලා තොලොංචි වෙලා යන්න බැරිනම් අඩු ගානේ තමන්ගේ ගෙදරට වෙලා හරි තමන්ගේ යන තැනකට වැඩක් කර ගන්නේ නැතිව අපිට බොරු පුස් සුරංගනා කතා කියා කියා.
ඔයා නම් ගියාට කමක් නැහැ. ඒත් ආයේ මෙහෙ නම් එන්න එපා.
කිරි අප්පට මේ අර අපිට පස්දුන් කෝරලේ ගැන කියලා දුන් රනිල්ද?
ඒ වගේම බයිබලෙයි නව ගිවිසුමේ දස පනත. ඒක ගැන දන්නවත් ඇති. නේද. සොරකම් නොකරව. මිනී නොමරව. අන්සතු දෙ. නොගනුව. 10 ක් තියෙනවා මේ වගෙ. දෙවියන් වහන්සේ ඔය නායක කම දුන්නෙ සාදාරනව අවන්කව වැඩ කරන්න ජන නස්යකයෙක් හැටියට. නමුත් තමන් ඇවිත් තියෙන්නෙ හොරුන් ආරාක්ශා කරන්න. ඔබට ෆ්හෙ ද්ඩුවම. බයිබලේ තියෙනවා කියවලා බලන්න. දුප්පතුන්ට හිරිහැර කිරීම සම්පුර්න තහනම්. නමුත් නුබ ඇතුලු නඩේ හමස් සන්විදානයේ. සමාජිකයෝ වගෙ වැඩ කරන්නේ. දුප්පතාගේ දේ හොරාකමින් රට සවාරි යමින්. මැරිලා බලන්නකෝ කොහෙටද යන්නෙ කියලා. ඔය නඩේට යන්න කියලා ජනතාව ගොඩක් කල් නමුත් තවමත් ඉන්නවා
බයිලා එක නම් ලස්සනයි සර්, ගායනයත් ලස්සනයි, නමුත් ඔබතුමාගේ රගපෑම අතිශයින්ම දුර්වලයි. ඒ නිසා ඔබ තුමාට මම චන්දෙ නම් දෙන්නෙ නෑ. ඒක ශුවර්. තරහ වෙන්න එපා.
කවුද මාමේ මේක ලියලා දුන්නේ ?
බටලන්ඩ කාලෙ කවුරුහරි මෙ කතාව මෙයාට ලියල දුන්න නම් ජීවිත ගොඩක් බෙරගන්න තිබුන ද?
ChatGPT එකෙන් ලියපු එකක්ද කොහෙදෝ .කිසි තේරුමක් නැහැ .ලොකුවට දෙසාබානවා විතරයි