බොලිවුඩයේ මුදල් උපයා ගැනීම අතින් අතිසාර්ථක වූ "බැන්ග් බැන්ග්" චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය සඳහා සම්බන්ධ වීමට ශ්‍රී ලංකා රූප රාජිනියක වූ ජැකලින් ෆර්නැන්ඩෙස්ට අවස්ථාව ලැබී තිබෙනවා. ඇය සමගින් මෙහි ප්‍රධාන නළු චරිතයට දායක වී ඇත්තේ නව පරපුරේ ජනප්‍රිය සිනමා නළුවෙකු වූ සිද්ධාර්ත් මල්හෝත්‍රාය. මෙහි රූපගත කිරීම් කටයුතු තවත් සති කිහිපයකින් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, මියාමි හා මැලේසියාවේදී මෙහි සියලු රූපගත කිරීම් කටයුතු සිදුකිරීමට සූදානම් කර ඇති බවටද තොරතුරු ලැබෙනවා.
රාජ් නදිමෝරු හා කිශ්ණන් ඩී.කේ. දෙදෙනාගේ සම අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය 2017 වසරේදී තිරගත වීමට නියමිතයි. ජැකලින් ෆර්නැන්ඩෙස් රංගනයෙන් දායක වන "හවුස්පුල්" තුන්වැනි චිත්‍රපටය ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන "බැන්ග් බැන්ග්" චිත්‍රපටය ජැකලින් රංගනයෙන් දායක වන දෙවැනි ක්‍රියාදාම චිත්‍රපටය වේ. ඇයගේ පළමු ක්‍රියාදාම චිත්‍රපටය වුයේ "රේස්" දෙවැනි චිත්‍රපටයයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජැකීට ක්‍රියාදාම චිත්‍රපටයක් ලැබිලා