2016-10-18-ent-97

ජනප්‍රිය හින්දි සිනමා නළු ජැකි ෂෙරොෆ් ඉදිරියේදී නිර්මාණය කරන්නට නියමිතව රාම් ගෝපාල් වර්මාගේ ‘සර්කාර්’ තෙවැනි චිත්‍රපටය සඳහා රංගනයෙන් එක්වීමට කැමැත්ත පළකර තිබෙනවා. මෙහි සුපුරුදු පරිදි අමිතාබ් බච්චන් ප්‍රධාන නළු චරිතයට පණ පොවන අතර, ජැකි මෙහි දුෂ්ටයාගේ චරිතයට පණපොවයි.

ඔවුන් දෙදෙනාට අමතරව අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායිද මෙහි සෙසු චරිත සඳහා එක්ව සිටින අතර, ඔවුන් ‘සාර්කාර්’ දෙවැනි චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වුණා. ඔවුන්ට අමතරව, මනෝජ් බජ්පායි, යමී ගෞතම්, අමිත් සෝදි හා රෝනිත් රෝයිද මෙහි රංගනයෙන් දායක වෙනවා.

‘සාර්කාර්’ චිත්‍රපට මාලාවේ පළමු වැන්න 2005 වසරේ තිරගත වු අතර, එහි දෙවැන්න ‘සාර්කාර් රාජ්’ ලෙස 2009 වසරේදී ප්‍රදර්ශනය වුණා. කෙසේ වෙතත්, වසර 8ක කාලයකින් පසුව නැවතත් ‘සාර්කාර්’ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට වර්මා කටයුතු කර තිබීම විශේෂත්වයක්.