පොදු වරණීය බදු සහනය (ජීඑස්පී ප්ලස්) ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති තීරණය අනුව හිමිවන ප්‍රතිලාබ සේවකයින්ට ද ගැනීම සහතික කෙරෙන වැඩපිළිවෙළක් සැකසීමට සේවක සමුළුවක් ලබන 18 වැනිදා පෙරවරු 9.30 සිටි කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමැති මංගල සමරවීර, සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න යන මහත්වරු හා ලංකා සේවක සංගමය, ඇඟළුම් කම්හල් හිමියන්ගේ නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ද එම සාකච්ඡාවට එක්වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමුළු පවත්වා සියළුම පාර්ෂව සමග සාකච්ඡාකර තීරණයන්ට එලඹීම කොතරම් හොඳද, තනි මතයට වැඞකිරීමට වඩා. බුදුන්වහාන්සේගේ දේශනාවටත් අනුකූලයි. (ර)
කවදාවත් දුන්නේ නැති දේ කවදාවත් හම්බවෙන්නේ නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
දුක්විඳින පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට මෙයින් අවස්ථාව සළසා දෙන්න... (නි)
සේවකයන්ට හිමි දේවල් දෙන්න සමුළු මොනවටද ? (ර)
තනි තීරණ ගන්නවට වඩා හැමෝම එක්ක කතාකරලා තීරණ ගන්න එක ඉතාම වැදගත්. (නි)