(යොහාන් භාසුර)
ජාඇළ - ඒකළ මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයට සම්බන්ධ ප්‍රදේශ කීපයකට අද (6) පස්වරු 6.00 සිට හෙට (7) පෙරවරු 6.00 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩල නිවෙද්නය කරයි.
දඩුගම, ඒකළ, තුඩැල්ල, කොටුගොඩ, අලවතුපිටිය, මිනුවන්ගොඩ, උඩුගම්පොළ, දඹතුරේ සහ රද්දොළුගම කොටසකට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවත් එම කාලයට අවශ්‍ය ජලය රැස්කරන්නා ලෙස ජනතවගෙන් ඉල්ලා සිටින බවත් ජල සම්පාදන මණ්ඩලය පවසයි.
COMMENTS