(මහින්ද නිශ්ශංක)
ජාඇල සහ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශ, ඒකල, කඳාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම, සහ බෝපිටිය යන ප්‍රදේශවලට හෙට (26) උදේ 9.00 සිට අනිද්දා (27) උදේ 3.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මණ්ඩලයට අයත් කැලණිය ප්‍රාදේශයේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඒකට කමක් නැහැ. අපිට නෙලුම් කුලුන නෙලුම් පොකුණ, නෙලුම් වරාය, නෙලුම් ගුවන් තොටුපොල , නෙලුම් අධිවේගේ, නෙලුම් හාර්බර් සිටි තියෙනවානේ බොන්න වතුර පොදක් නැතත්.....
දවස් තුනකට කලිනුත් පැය 18 ක් වතුර කැපුවා. පැය 18 ඉවරවෙනකොට කිව්වා දැන් නඩත්තු වැඩ ඉවරයි නමුත් වතුර දෙන්න විදියක් නැහැ ට්රාන්ස්ෆමෙර් එකක් පිච්චිලා කියලා තවත් පැය 18 ක් විතර වැඩිපුර ගත්තා වතුර එවන්න. වතුර හොදට තිබුනත් නැතත් මාසෙකට එකපාරක් හෝ දෙපාරක් අනිවාර්යෙන්ම මේ විදියට මිනිස්සුන්ව අමන්දානන්දනයට පත් කරනවා.ඉන්න හිතෙන රටක්!!!!
25/02/2020 අදත් වතුර කපලා. දැන් දවස් ගාණක් වතුර කපනවා. කියන තරමක් බොරු කියන්නේ.