හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුද හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට රජය ගත් තීරණයෙන් බරපතල ප‍්‍රතිවිපාක මතුවෙතැයි යැයි ශ්‍රී ලංකාව නියෝජනය කරන කොළඹ පිහිටි එතෙර තානාපති කාර්යාලවලට ලිපියක් යවමින් හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දන්වා ඇත.
ආණ්ඩු මාරු වී, මාස 15 කට පමණ පසු රජය එවැනි තීරණයක් ගෙන කි‍්‍රයාත්මක කර ඇතැයි ද එම ලිපියෙහි සඳහන් වෙයි.
ඝාතන සඳහා යොදා ගත හැකි උපකරණ ද මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ද සමඟ කොටි ත‍්‍රස්තවාදීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක රජය හිටපු ජනපතිගේ ආරක්ෂාවට එසේ කර ඇති බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැහැදිලි කර තිබේ.
රජය ගත් මෙම තීරණයේ අරමුණ පැහැදිලි වශයෙන්ම හිටපු ජනපතිවරයා නීත්‍යනුකූල දේශපාලනයේ නියැලීමට බාධා කිරීම බවත් රටේ විවිධ පළාත්වලට ගොස් මහජනතාව හමුවීම වැළැක්වීම බවත් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.
රජය ජනතා අප‍්‍රසාදයට ලක් වී එම අප‍්‍රසාදය ඉහළ යන අවස්ථාවක, රජයට එරෙහිව නැඟී එන විවේචන කිසිලෙසකින්වත් පරාජය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙද්දී, තර්ජනයෙන් සහ පීඩාකාරී ලෙස ප‍්‍රතිවාදීන් නිහඬ කිරීමට ගත් පියවරක් ලෙස ද මෙය සලකන බව ලිපියෙහි සඳහන් වෙයි.
මේ ගැන අවධානය යොමු කර ඔබගේ ආණ්ඩුවල නායකයන්ට මේ ගැන දැනුම් දීමට කටයුතු කරන්නැයි ද මහාචාර්ය පීරිස් මහතා තානාපති සහ මහකොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටී.
රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රකාශ කළේ ලොව කිසිම නායකයකුට යුද හමුදාවේ ආරක්ෂාව නොසපයන බවයි. ශ්‍රී ලංකාවද ඒ අනුව ඔහුටද හිටපු නායකයනට මෙන් පොලිසියේ ආරක්ෂාව සපයා ඇති බව අගමැති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපතිතුමා සහ ඔහු වටා සිටින සහචරයෝ මොන විදිහෙන් හරි ආණ්ඩුව පෙරළා බලයට ඒමට ප්‍රබල උත්සාහයක් දරන බව රහසක් නොවේ. එසේ ඔවුන්ට උවමනාවීමටද හේතු ඇත. සමහරුන්ට උවමනා වී ඇත්තේ කෙසේ හෝ මේ රටේ පාලනය අස්ථාවර කිරීමට බව පෙනේ. (නි)
ලොව කිසිම රටක් ත්‍රස්තවාදය පරදවා ඇත්ද (බ)
දැන් ඉන්න අයත් බලයට එන්න නොකරපු දෙයක් නැහැ (හේ)
හිටපු ජනපතිවරයාට කුරිරු යුද්ධය නිමකිරීමේ කාර්යයට දායකවීම සම්බන්ධව රටවැසියාගේ ප්‍රණාමය නිතැතින්ම හිමිවිය යුතුයි. එ්කේ දෙකක නැහැ. ඒ වුණාට, රටේ සම්පත් තමන්ගේ බූදලය වගේ පවුලේ අය සහා සමීපතයින් එක්ක කෑ එකට රටට ආදරය කරන කවුරු වුණත් සමාවක් දෙන්නේ නැහැ. (නි)
බොරු වැඩ කරන්න එපා.(හේ)
අද බලේ ඉන්න අයත් ආවේ නිකම් නෙමේ රට ජාතිය පවා දීලා (හේ)
මේ කට්ටිය පොලිස් ආරක්ෂාව සලකන්නේ අඩු තක්සේරුවට හමුදාව ඉල්ලන්නේ රට පෙරලන්නද . මහින්දගේ ආරක්ෂාවට පොලිසිය හරි තියෙනවා ඔබලාට මුකුත්ම නැහැ. ඒ නිසා. වේලාසන කෑම කාලා ඇදට යන්න දෙවියන්. සිහිකර (බ)
හිටපු ජනාධිපතිව නැති කළේ මේ අයම තමයි මොකද ජනතාවට තේරුම් ගිය කට්ටියම හිතුමතේට කරන විනාශය ඒ නිසා තමයි ජනතාව පල නොකියා පලා බෙදුවේ දැන් පිදුරු ගහක හරි එල්ලිලා ජනතව නොමග යවන්න තමයි උත්සාහයක නීරත වෙන්නේ කියන එක රටේ ජනතාවම දන්නවා (බ)
අනේ මන්ද මෙහෙමත් රටක්. (බ)
අනේද කියන්නේ, මේ මිනිස්සු කට ඇරියොත් කියන්නේ විදේශ කුමන්ත්‍රණ ගැනයි රට සුද්දට පාවා දෙනවා කියලයි ...එ්ත් දැන් දැන් හැම දෙයටම දුවන්නෙත් ඒ පස්සෙන්මයි ..තව ටික දවසකින් ජීනිවාත් යයි ගිය මාසෙත් ගියානේ (බ)
බල තණ්හාව (බ)
චන්ද්‍රිකා මැතිණියගේ ආරක්ෂාව ගැන මහින්ද මහත්තයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අරගත්ත නිර්දේශය එයාලටම අමතක වෙලාද? ඒ නියෝගය අනුවනම් කිසිම අඩුවක් වෙලා නෑ (බ)
අශාන්, ඇයි අපි විදේශිකයන්ගේ හිනාවට බය වෙන්නේ. අපි කරන්න ඕනා අපේ රටට හරි දෙය මිසක් විදේශිකයන්ට හරිදෙය නෙවෙයි. අවුරුදු සිය ගණනක් යටත් වෙලා හිටියා ඇති, දැන්වත් අපි අපිට හරි දේ කරමු. අනික් රටවල් විදේශිකයන්ගේ හිනාවට බයේ තමුන්ගේ වැඩ වරද්දගන්නේ නැහැ. (ර)
රටට වටින්නේ රටට යමක් කරපු අය මිසක් නොකරපු අය නොවේ. රකින්න ඕන අය කවුද කියලා රටටම දන්නවා (ම)
රසික, අනුන්ට කපපු වළේයි තමන්ම වැටිලා තියෙන්නේ. පව්! අපි මොනවා කරන්නද...? (නි)
ඔහු හිටපු ජනපති බව සැබෑය. යුද්ධය අවසන් කිරීමට දායක වූ බවද සබය.නමුත් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ භූමිකාව ඔහු විසින්ම වැළදගෙන තිබේ. ඒ කවුරුත් බලෙන් ලබාදුන්නක් නොවේ. ඔහුගේ සිතැගි අනුව කව්රුන් විසින් හෝ බලකෙරුමක් හමුවේ වුව ඔහු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එසේනම් ඔහු කටයුතු කල යුතු පක්ෂ ව්‍යවස්ථාවක් ඇත. (ම)
ජෙනරල් ෆොන්සේකා කළ විස්තරය හොඳටම ප්‍රමාණවත්. දැන්වත් ඒ ගැන රටේ ජනතාව සත්‍ය දැනගත යුතුයි. (නි)
චන්ද්‍රිකා මැතිනියගේ ආරක්ෂාව ගැන කිව්වේ නැද්ද? (නි)
විදේශිකයෝ අපිට හිනාවෙයි. ඒ රටවල කිසිම නායකයෙකුට මේ වගේ හමුදා හෝ පොලිස් බලඇණි නැහැ (නි)
රසික, සිංහලය බේරාගන්න මහින්ද මහත්තයා කළ දේ බොහොමයි. ඉදිරියටත් ෆෙඩරල් ක්‍රමයට විරුද්ධව නැඟීසිටීමට කොන්ද පණ ඇති එකම මිනිසා මහින්ද මහතා පමණකි. එමනිසා මහින්ද මහතා රැකගත යුතුය (නි)
උසාවියට ගිය නීති විශාරදයෙකුගෙන් හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාව පිළිබඳ තීන්දුව අසාගන්නයි වටින්නේ (නි)
මට නම් හිතාගන්න බැහැ මොනවා වෙන්න යනවද කියලා (නි)
බමුණු ආරච්චි මහත්තයෝ, බලාගෙන ඉන්න. දැනටමත් මේ රටේ තියෙන පළාත් සභා ක්‍රමය ඉන්දියාවෙන් අපිට ජේ.ආර්ගේ කාලේ බලෙන් පටවපු ෆෙඩරල් ක්‍රමයක් බව නිකමටවත් හිතෙන්නේ නැද්ද? (නි)