ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රි ලංකාව සම්බන්ධ වන ඇමෙරිකා යෝජනාවට ශ්‍රී ලංකා රජය සම අනුග‍්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් තමන් සර්ව ආගමික නායකයින් දැනුවත් කරන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා කියයි.
රටට ඇති අහිතකර බලෑපම සම්බන්ධයෙන් මහ නාහිමිවරුන්, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ඇතුළු මෙරට සියලූ ආගම් වලට අයත් ආගම් නායකයින්ට ද ඔහු කරුණු දන්වා තිබේ.
සර්ව ආගමික නායකයින් 12 දෙනෙකුට ද ඔහු ලිපි ලියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදානේ ඕවා කරන්න තිබුනේ. අශ්වයා පැනගියාට පස්සේ ඉස්තාලයේ දොර වහලා වැඩක් නැහැ (නි)
එතුමාට ඉතින් වැඩක් තියෙන්නත් ඕනෑනේ......! (නි)
දේශපාලන වේදිකාවේ ඕනෑතරම් විහිළුකාරයෝ ඉන්න රටේ, ඔබතුමා වැනි අයත් විහිලු කතා කියන්න ගියාම ජාතියක් විදිහට අපිට මොකද වෙන්නේ? ඔය සර්ව ආගමික නායකයින්ට කියන්න ඔවුන්ගේ අනුගාමිකයින්ව හික්මීමක් ඇති ශීලාචාර, දැහැමි ජන කොටසක් බවට පත්කරවන්න තම තමන්ගේ ආගම හා දර්ශනයන් අනුව කිසියම් වූ ප්‍රායෝගික වැඩසටහන් මෙහෙයවන්න කියලා. එතකොට අපිට මොන විදියේ ප්‍රශ්න ආවත් සැනසීමෙන් මේ රටේ ජීවත්වෙන්න පුළුවන්. (නි)
එදා හරි දේ කලානම් අද මේ දුක නැත (ම)
මේ ගැන සොයා බැලුවොත් නරකද.? (ර)
හොද මනුස්සයෙක්. (ර)
මෙතුමා තමන් දන්නා දෙයක් කරගෙන හිටියානම් කොහොම හොඳට ඉන්න තිබුනද? (ර)
නිතිය පිලිබඳ විද්වතෙක් වූ ඔබ පැවති රජයේ විදේශ ඇමතිවරයා ලෙස ඉටුකළ කාර්යභාරය ශේෂ කල අවදානම මෙම රජය භාර ගෙන තිබෙනවා.ඔබ ආගමික නායකයින් දැනුම්වත් කිරීම ගැන සතුටුයි. (අ)
මෙයා ගැන කියන්න ගියොත් මේ පිටු 1000ක් වත් මදිවේවි... (ර)
ආගමයි, දේශපාලනයයි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් වූ විෂය පත දෙකක්. ඔය දෙක එකට සම්බන්ද වූ තැන ගෝත්‍රික බහුතරවාදය ඉස්මතුවී ප්‍රජාතන්ත්‍රවාදය යටපත්වෙනවා. හැබැයි ඔය "බහුතර ඉල්ලම" පාදාගන්න දේශපාලකයෝ හරිම කැමතියි. එකනේ අපි දකින ලංකාවේ දේශපාලකයින්, ආගමික නායකයින්ටත් , පුජකයින්ටත් වැඩිය ආගමික ස්ථානවල සැරිසරමින් ප්‍රදර්ශනාත්මක ආගමික වතාවත් වල යෙදෙන්නේ. සමහරක්ට නොතේරුනාට අපිට නම් තේරෙනවා "ගොනා හැරෙද්දීම මේ පොල් පැලයටයි කියලා" (ර)
යන්න කලින් ප්‍රශ්නේ විසදලා යන්න තිබුණානේ අවුරුදු 5 ක් පොල් ගෑවද මෙතුමා තමුන්ට බලය තියෙද්දී එකෙන් මඟ හැර හැර ඉඳලා දැන් කණු කුණු ගානවා (ම)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)
මෙතුමා රටට අවශ්‍ය වටිනා සම්පත්. පෞද්ගලික කැමති අකමැතිකම් නිසා වැරදි මඟක යයිදෝ කියා සිතෙනවා. රට ගැන හිතා රටේ දියුණුව වෙනුවෙන් තමන්ගේ දායකත්වය දෙන්න මහත්තයෝ. (නි)
මම නම් කියන්නේ සමහරුන්ට තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව. (නි)
හුසේන්ගේ අදහස අගය කරනවා (නි)
එක එකාට කඩේ යන්නේ නැතුව හිතට අවංකව වැඩ කරන්න මහත්තයෝ . (අ)
පාර්ලිමේන්තු ආසනයක් ඇමති කමක් ආණ්ඩුවෙන් ලැබුනා නම්... (ර)
මෙයා ගැස් සමාගම විකුණලා ලැබුණු එංගලන්ත ගේ ගැන ආගමික නායකයන්ව දැනුවත් කලේ නැ. බලය නැතුව මැරෙන්න අමාරුද? (අ)