රහස් පොලිසියට දැන් වෙන වැඩ නැතැයි ද, ඔවුන් පොත්වල මුද්‍රණ දෝෂ අල්ලාගෙන විමර්ශන සිදු කරන්නේයැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශ නවින් ද සොයිසා මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
තම සංගමයේ ලේකම් රහස් පොලිසියට ගෙන්වා ඉන්දියාවේ වෛද්‍යවරුන් ලංකාවට ඇවිත් කරන සැත්කම් ගැන සංගමයෙන් මුද්‍රණය කළ පොතක මුද්‍රණ දෝෂය ගැන ප්‍රශ්න කළ බවත්, සංගමයේ සභාපති දොස්තර පාදෙනියට ද රහස් පොලිසියට එන ලෙස දන්වා ඇති බවත් සොයිසා මහතා සඳහන් කළේය.
පහුගිය ආණ්ඩුව සේම මේ ආණ්ඩුව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොඳුනාරටිය විනාශ කර දැමීමට උත්සාහ කළත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.
පැමිණිල්ල කළ පුද්ගලයා ගැන දැඩි ලෙස විවේචනය කළ මාධ්‍ය ප්‍රකාශක එම පැමිණිල්ලේ ඇත්තේ මොනවාදැයි නොදන්නා බව ද, පැමිණිල්ලේ පිටපතක් ලබා නොදුන් බව ද කීවේය. මුද්‍රණ දෝෂය කුමක්දැයි ඔහුගේ කතාවේ දී ප්‍රකාශ වූයේ නැත. ප්‍රබල ඇමැතිවරයකු සංගමය මර්දනය කිරීමට කටයුතු කරන බව ද කියැවිණි.
මාධ්‍යවේදියෙක් - මුද්‍රණ දෝෂයක් ගැන ප්‍රශ්න කරන්න එන්න කිව්වා කියලයි ඔබ කියන්නේ. විමර්ශනයක දී සාක්කිකරුවෙක් විදියට ඕනෑම කෙනකු ගෙන්වන්න පොලිසියට පුළුවන් නේද?
වෛද්‍ය සොයියා - මේ එන්න කියා තිබෙන්නේ විත්තිකරුවකු ලෙසයි.
මාධ්‍යවේදියෙක් - පොතේ මුද්‍රණ දෝෂයක් ගැන විමසන්න එන්න කිව්වා කියා ඔබ කියනවා. මොකක්ද මුද්‍රණ දෝෂය?
වෛද්‍ය සොයිසා - මුද්‍රණ දෝෂය කුමක්දැයි අපටත් සොයා ගන්න බෑ.
මාධ්‍යවේදියෙක් - එසේ නම් ඔබ කොහොමද කියන්නේ මුද්‍රණ දෝෂයක් ගැන අහන්න එන්න කිවූ බව?
වෛද්‍ය සොයිසා - ඔවුන් කියා තිබෙනවා.
මාධ්‍යවේදියෙක් - රහස් පොලිසිය මුද්‍රණ දෝෂය ගැන කිව්වා නම් මුද්‍රණ දෝෂය මොකක්ද කියා ඇහුවේ නැත්තේ ඇයි?
වෛද්‍ය සොයිසා - අපි දෙන්න ඕන උත්තරේ දීලා ඉවරයි. ඒ උත්තරේ සම්බන්ධයෙන් අපට ඔයාලට කියන්න බෑ. කටඋත්තරේට මොනවද දුන්නේ කියා කියන්න බැහැනේ.
මාධ්‍යවේදියෙක් - ඔබට මුද්‍රණ දෝෂය කියන්න බැරි නම් ඔය කියන දෝෂය තියෙන පිටු අංකය කියන්න.
වෛද්‍ය සොයිසා - 14 වැනි පිටුව.
(සොයිසා මහතා කී පොතේ 14 වැනි පිටුවේ ඇත්තේ වෛද්‍ය ආඥාපනතේ පිටුවක ස්කෑන් පිටපතකි.)
මාධ්‍යවේදියෙක් - ඔබ සංගමයෙන් වරදක් වෙලා නැති නම් ඇයි රහස් පොලිසියට ප්‍රකාශ දෙන්න යන්න බය වෙන්නේ?
සොයිසා මහතා - අපි බය නෑ. ප්‍රකාශයක් දෙන්න ඇති බයක් නෑ. ප්‍රකාශයක් දෙන්නත් පුළුවන්.
මාධ්‍යවේදියෙක් - ඉන්දියාවේ වෛද්‍යවරුන් ලංකාවට ඇවිත් කරන සැත්කම් ගැන පොතක් ගැහුවා. ඇයි වකුගඩු ජාවාරම ගැන පොතක් ගහන්නේ නැත්තේ?
සොයිසා මහතා - ඒ ගැන ඉදිරයෙදි බලමු. වාර්තාව ලැබුණම පොතක් ගහන්නත් පුළුවන් වෙයි.
මාධ්‍යවේදියෙක් - ඔබේ පැහැදිලි කිරීමෙදි කිහිපවරක්ම කිව්වා ප්‍රභල ඇමැතිවරයෙක් ගැන. ඔහුගේ නම කුමක්ද?
සොයිසා මහතා - පසුව හෙළි කරන්නම්.
මාධ්‍යවේදියෙක් - ඇයි දැන් හෙළි කරන්නේ නැත්තේ?
සොයිසා මහතා - අපට ඕනෑ වෙලාවට හෙලි කරන්නම්.
මාධ්‍යවේදියෙක් - ඔබ කිව්වා සයිටම් එක ගැන. කොතලාවල වෛද්‍ය පීඨයටත් මුදල් ගන්නවා නේද? ඇයි ඊට විරුද්ධ නොවුණේ?
සොයිසා මහතා - අපේ මධ්‍යම කාරක සභාව ගන්නා තීන්දු තීරණ අනුවයි අපි කටයුතු කරන්නේ.
මාධ්‍යවේදියෙක් - ඔබේ මධ්‍යම කාරක සභාව ගන්නා ඕනෑම වැරදි තීන්දුවක් වුවත් ඔබ ක්‍රියාවට නංවනවද?
සොයිසා මහතා - අනිවාර්යයෙන්
සොයිසා - බහුතරේ තීන්දුවට හිස නමනවා. එය වැරදියි කියා කාට හරි කියන්න පුළුවන්.
මාධ්‍යවේදියෙක් - කලින් රජය මෙන් වර්තමාන රජයත් සංගමයේ කොඳුනාරටිය විනාශ කරන්න හදන බව ඔබ කිව්වා. මේ ආණ්ඩුවෙන් කරන්න හදනකොට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. කළින් ආණ්ඩුව කාලේ කොඳුනාරටිය විනාශ කරන්න හදද්දි මොකද කළේ?
සොයිසා මහතා - ඒකාලෙත් වෘත්තිය ක්‍රියාමාර්ග ගත්තා.
(වීඩියෝ කසුන් පතිරණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වකුගඩු ජාවාරමේ කතාව දුර දිග යන හැඩයි.ඔන්න ඉන්දියාවෙන් එනවලු .. ඒ ගොල්ලෝ දන්නවලු දොස්තර මහත්තුරු කවුද කියලා. අපට කියන්න තියෙන්නේ ගින්නක් නැතුව දුමක් නොනගී කියන කතාව විතරයි. බලමුකෝ වෙන්නේ මොකද කියල!(අ)
දිට්ට ධම්මවේදනීය කර්ම (නි)
ලෙඩුන් ගැන පුදුම කැක්කුමක්... (නි)
කාරියවසම්, චන්දන, ඔයාලට තේරෙන්නේ නැද්ද මේ දොස්තරලා මහජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන ජනතාවම බිල්ලට දෙනවා කියලා. (නි)
කාරියවසම්, මෙවැනි අධිබලයන් සිටිනකන් දේශපාලකයන් හට කැමති දෙයක් කල හැක. ලංකා රජය හා ඉන්දියාව එක්ටා අත්සන් කිරීමට ඕනෑම දෙයක් හරි. (කෞ)
සේවා කාලය අතර සමහරු චැනල් සර්විස් යන්නෙත් විධායක සභාවේ තීරණය අනුව වෙන්න ඇති (නි)
දොස්ත්රවරුන්ට සමාජයේ තිබු ගෞරවය නින්දිත ලෙස කෙළසනු ලැබූ මේ හොර නඩය සංගමයෙන් ඉවත් කරන්නට අනෙකුත් වෛද්‍යවරු පෙරමුණ ගත යුතු කාලය පැමිණ ඇත. (බ)
මුළු ඉතිහාසයම බැලුවම ඉන්දියාව අපට නිදහසේ මේ රට පාලනය කරන්න දීලා නැහැ. දර්ශන වගේ මේවා නොතේරෙන අය ගැන ලැජ්ජයි. (නි)
මෙහි ඇති කොමෙන්ටු කියවූ විට ඇතිවන්නේ දුකකි. මුන් ආණ්ඩුවට කඩේ යනවාදැයි සිතෙයි. ඉන්දියාව, ජීඑම්ඕඒ සහ ලංකා රජය සම්බන්ධය සැලකු විට මෙය එක්ටාට විරුද්දව ගෙනයන ව්‍යාපාරය නැවත්වීමට රජය සහ ඉන්දියාව දරන උත්සහයක් බව වටහා ගැනීමට නොහැකි අඳබාලයන් මෙයට දමන කොමෙන්ටු නිසාත්ය (බ)
අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා (නි)
ජීඑම්ඕඒ එක ඇදගෙන නානවා ඉවරයක් නැහැ. (බ)
දොස්තරලා කොන්දොස්තරලට වඩා හපන් වගේ ලංකාවේ. ඕනෑම වැරදි තීන්දුවක් ක්‍රියාත්මක කරනවලු ලැජ්ජයි මහත්තයෝ. හොඳ කොන්දාස්තර මහත්වරුන් සමාවන්න (අ)
මාධ්‍යවේදියෙක් - ඔබ කිව්වා සයිටම් එක ගැන. කොතලාවල වෛද්‍ය පීඨයටත් මුදල් ගන්නවා නේද? ඇයි ඊට විරුද්ධ නොවුණේ? සොයිසා මහතා - අපේ මධ්‍යම කාරක සභාව ගන්නා තීන්දු තීරණ අනුවයි අපි කටයුතු කරන්නේ.(අ)
රට යන අත හොඳ නැත. (අ)
කාරියවසම්, ඔබගේ අදහසට මමද එකඟවෙමි. අපේ රටේ ඉන්නේ කුමනාකාරයේ මිනිසුන්ද යන්න මෙහි තිබෙන සමහර අදහස් වලින් පෙනෙනවා. (නි)
සොයිසා මහත්තයෝ මට කියන්නකෝ පහුගිය ආණ්ඩුවේ කරපු එක වෘත්තීය ක්‍රියා මාර්ගයක්. (අ)