ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස සිටිමින් වෙනත් පක්ෂයක සාමාජිකයකු ලෙස කටයුතු කළ නොහැකියැයි ද, අලුතින් පිහිටැවූ පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ පක්ෂ සාමාජිකත්වය ගැන ශ්‍රීලනිප ප්‍රධාන ලේකම්වරයා සහ මධ්‍යම කාරක සභාව මගින් තීන්දුවක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක් ලියාපංදිචි කිරීම සම්බන්ධයෙන් අද (3) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඉතින් මල පිපෙන්නේ (ජනතාවට මළ පනින්නේ) පස්සේ හින්දා පොහොට්ටුවක් අතට ගත්තාට කමක් නැහැ. දේශපාලනය ටිකක් ඉගෙනගන්නා තුරු. (නි)
මොන වුණත් අලුත් පස්ෂයක් හදපු එක නම් හොදයි. බටකොළ ආච්චිගේ පාටිය නැතුව.(අ)
මේ මනුස්සය ගැන මොන තීරණ ගන්නද ? මොන පක්ෂේ හිටියත් වැඩක් තියනවද. (අ)
මෙතුමාගේ නායකත්වයෙන් පක්ෂයක් හදල දිනන්න පුලුවන්ද (ම)
මෛත්‍රි මහතා හංසයාගෙන් තරඟ කරන්න ගිය වෙලාවේ එයාව එලවන්න බැරිවුනා නම් ජී එල් පීරිස්ව එලවන පුලුවන්ද? මන් අහන්නේ තරහ අරන් කෑගහන්න දෙයක් නෙවෙයි තර්කානුකුල දෙයක් ගැන. (අ)
මොතුමාගේ එක පක්ෂයක සාමාජිකත්වය අහෝසි විය යුතුයි ..(ම)
ශ්රී ලංකා නිදහස් පක්ෂය එපා නිසානේ මේ රොත්ත බුරුත්ත අලුත් පක්ෂයක් හදාගත්තේ. ඒ ගැන කතා කරමින් කාලය නාස්ති කරනවා වෙනුවට, පැනගියපු අය පන්නාම දමන්න, පක්ෂ නීතිරීති කඩා දමපු නිසා (නි)
ජී ඇල්ට මොනවා වෙලාද කියලා හිතාගන්න බැහැ (නි)
ඔන්න බොරු නම් බලන්න. ජි.එල්. අලුත් පක්ෂයේ නායකයා වෙලා එ්කෙන් දේශපාලනය කරන ගමන් ශ්‍රීලනිප යෙත් ඉඳීවි. මේ ගැන ශ්‍රීලනිප කිසිම පියවරක් ගන්න එකක් නැහැ. ඔහුව අනුකරණය කරමින් තව රොත්තක්ම එම වැඩයම කරාවි. හරියට මේකත් අර ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය වගේ වේවි (නි)
මම නම් ඔහුට අනුකම්පා කරමි (නි)
මේ අය බියක් නැතුව පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි. (නි)
අපේ මහාචාර්යතුමා නීතිය පිළිබඳ විශාරදයෙක්. එහෙත් පක්ෂයක තිබෙන ව්‍යවස්ථා පිළිබඳව හිතන්න තරම් ප්‍රායෝගික දැනුමක් එතුමාට තිබේද? (නි)
මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතිත්වය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේ නේද දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණත්? (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂයටත් ඉතින් වැඩක් නැහැනේ (නි)