මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 107 වැනි ජන්ම දින සැමරුම කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ජයවර්ධන කේන්ද්‍රයේදී අද පැවැත්විණි.
කතානායක චමල් රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයා වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා දිවංගත ජයවර්ධන ජනාධිපති ගැන ප්‍රධාන සමරු දේශනය පැවැත්වීය.
චමල් රාජපක්ෂ කථානායක විසින් ඔහු සන්තකයේ තිබූ ජේ ආර් ජයවර්ධන මහතා ජනාධිපතිව සිටි කාලයේ රාජපක්ෂවරුන් සමග ගත් දුර්ලභ පැරණි ඡායාරූප කීපයක් ජයවර්ධන කේන්ද්‍රයේ ලේකම් නිහාල් හේවගේ මහතාට බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඔක්කොම ප්‍රශ්න ඇති කරලා ගියා.(අ)
මෙතුමාට වත්මන් පාලකයෝ දන ගහලා වදින්න ඕනා. ජේ.ආර් නැත්නම් කොහොමද මෙහෙම සැප විඳින්නේ.(නදී)
සමහරු මේ නම අතු ගාන්න හදනවා. මෙයාලා දුර්ලභ පින්තූර දෙනවා. මේ ඔක්කොටම පිස්සු.(නදී)
බුද්දිමත් නායකයෙක් එතුමාගේ ප්‍රකාශයක් උපුටා දක්වමි. "තීරණය ගන්න ක්‍රියාත්මක කරන්න ඉතිහාසය විසින් ඔබ හරිද? වැරදිද ? තීරණය කරයි.(නදී)
ඒ ඒ ඇත්තෝ සැප වින්දා. අදත් සැප විදිනවා. අපට නොව දුක ඒ මදිවට කොමෙන්ටු දාන්න වෙලාවත් නාස්ති කරනවා නොවැ.(නදී)
නැහැ අමිල මහත්මයා, මේ ක්‍රමය නරක නැහැ. මොනදේත් හොද නරක තිබෙනවා.දැලි පිහියක් වදුරෙකුට දුන්නොත් මොකද වෙන්නේ? ඒවගේ පරිඝණකයෙන් හොද නරක දෙකම කරන්න පුළුවන්. (නි)
එතුමා විදායක ජනාදි පති ක්‍රමය හදපු හින්දා අද මේ ගොල්ලෝ සුර සැප විදිනවා. ඔය ඔක්කොම සෙල්ලම් එතුමා හින්දා. ජනතාව කබලෙන් ලිපට. හොර වැඩ මගඩි වැඩ නොකළ එකම නායකයා.(නදී)
ජේ ආර්ට ව්‍යවස්ථා වෙනස් කරන්න කලින් ටිකක් හිතන්න තිබුණා (නි)
ඔව් ඉතින්. එයා හදපු ක්‍රමය නිසානේ මේ හැමදේම... (නි)
දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා අප රටට විශාල මෙහෙවරක් කළ අති විශිෂ්ට නායකයෙකි. (නි)
දේශපාලනයේදී හතුරොත් නැත , මිතුරොත් නැත යන්න තව පාරක් මොලය කලඳක් හරි තියෙන ඡන්ද දායකයින්ට තේරුම් ගන්න හොඳ අවස්තාවක් මේක. ඒ නිසා කල්පනාවෙන් වටිනා ඡන්දෙ පාවිචි කරන්න. අනික ජේ , ආර්, ජීවත් වෙලා ඉද්දි වැඩියෙන්ම පහර ගහපු අයටම අද එතුමා වෙනුවෙන් ගුණ කතනත් කරන්න වෙලා. මොන තරම් කරුමයක්ද මේ ? නැත්නම් මොන තරම් අරුමයක්ද මේ ?(නදී)
ජේ ආර් ජයවර්දන නිෂ්පාදනය කර බෙදා හරින ලද මෙම විධායක ජනාදිපති ක්‍රමය මෙම චමල් රාජපක්ෂ කතානායක වීමට හැකිවූ නිසා කල ගුණ සෙල කීමක් මේක විවෘර්ත ආර්ථිකයත් විධායක බලයත් . අද අප බුක්ති විඳින සියල්ල ලැබුනේ මෙම ජේ ආර් ජයවර්දන මහතාට පින්සිදුවන්නට . එදා ඔහු බිහිකළ මෙම ක්‍රමයට විරුද්ධ වන්නේ අද ඔහුගේම පක්ෂයේ අය (අ)
ජේ ආර් ජයවර්දන නොසිටින්නට මේ හැමට ට මෙසේ බලයේ ඉන්නත් මෙසේ රජ සැප විඳින්නත් බැහැ. එම නිසා කවුරු කොහොම උනත් සිලු දෙනා ජේ ආර් මැති තුමාට පින් දීමත් ගරු කිරීමත් කල යුතුමය. එසේම සියළු දෙනා දන නමා වන්දමාන කල යුතුය.(නදී)
ජේ ආර් ට බැනල වැඩක් නැහැ. බලතල ඇති රාජ්‍ය නායකයෙක් වෙලා නිදහස් ආර්ථිකයක් සහිතව රට දියුණු කරන්න හිතාගෙන වැඩට බැස්සත්, ලංකාව තමන්ට ඉහලින් යයි කියල බයවුණු ඉන්දියාව ලංකාවේ ත්‍රස්තවාදය බිහිකරලා අපේරට විනාෂකරලා දැම්ම. ඒ බලතල ජනාධිපති වරයට නොතියෙන්න මේවෙනකොට අපේ දැන් ඉන්න ජනාධිපති තුමාටත් කිහිප සැරයක්ම මේවෙනකොට විරුද්ධ පක්සේ නායකයා වෙන්න තිබුන. සේරම උනේ අපේ රටේ පිහිටීම නිසා ජාත්‍යන්තර බලවේග අපේ රට අත්හැර යාමට මැලි වීමයි.කෙසේ වෙතත් එතුමගේ සමහර වැරදි තිබුනත් එතුමාට නිවන් සුව පතමු. (අ)
ජේ ආර් උන්නැහේ ගහපු දහන් ගැටවල පවු මිනිස්සු තවම ගෙවනවා. රට මෙච්චර පීඩාවට පත්වෙලා එකතැන හිරවෙලා තියෙන්නේ උන්නාන්සේගේ මැජික් ව්‍යවස්ථාව නිසයි.(නදී)
ජේ.ආර්ගේ උපන් දිනය සැමරිය යුත්තේ කෙසේදැයි මට මෙහි සදහන් කිරීමට අසිරුය (නි)
අතිගරු ජයවර්ධන මැතිතුමාට අමා මහ නිවන් සුවය පතමි. (නි)
රටට අවශ්‍ය රටට ආදරය කරන තද නායකයෙක්. ජේ.ආර්. එවන් නායකයෙක් (නි)
කොහොමහරි කතානායකතුමා තමන් ළඟ තිබුණු අන්තිම ජේ.ආර්. සිහිවටනෙත් පරිත්‍යාග කරලා රාජපක්ෂවරුන් සමඟ ජේ.ආර්. ගේ තිබුණු සියලු සම්බන්ධතාවලින් නිදහස් වුනා වගෙයි මට පේන්නේ. (ස)
ජේ ආර් තුමාට මේ ව්‍යවස්ථාව ගැන දොස් කියන එකේ තේරුමක් නැහැ. රජයට අවශ්‍ය නම් මේක වෙනස් කරන්න පුළුවන්. (ස)
වර්තමානයේ නායකයෝ මෙතුමාට ජම්ම දිනය නෙමේ හැමදාම පින් දීලා සමරුවත් පව්නැහැ .(අ)
ජේ අර ගේ මග ගමන් කරන එම අයට ජයවේවා! ජනාදිපති මහින්ද ජේ ආර් ට තිබුනේ විශාල භක්තියක්. එය දන්නෝ දනී.(නදී)