හිටපු ලොකුතැන පසුගියදාක තමන්ගෙ ගමේ තිබුණ ලොකු මහජන රුළියකට ගියා... ගමේ වැඩේ හින්ද සෙනඟ සූ ගාලා ඇවිල්ලා. උන්නැහේ කියපු කතාවක් නිසා හැමෝටම දෙකොනින් හිනා ගියා කියල තතු දත් අය කියනව...
අපට ආරංචි හැටියට උන්නැහේ කිව්වෙ මෙහෙමයි.
"අපේ රටේ හිටපු ජේ.ආර්. තුමා වරක් කිව්ව මේ ව්‍යවස්ථාවෙන් මට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි කියලා... උන්නැහේ එදා ඒක කරන්න බැහැ කිව්වත්... පසුගියදාක මේ ආණ්ඩුව ඒකත් කළා. ඒක ලොකු වීරකමක්... ජේ.ආර්.ටත් බැරි වෙච්ච දෙයක්නේ මෙයාලා කළේ.." කියල හිටපු ලොකුතැන කියද්දී රුස්ව සිටි සභාතොමෝ ප්‍රශ්න පිට ප්‍රශ්න නගන්න පටන් ගත්තලු.
"කව්ද සර් ඒ? අනේ සර්... අපිටත් කියන්න?..." කියන්න කිය කිය ජනතාව ඇවිටිලි කරන කොට හිටපු ලොකු තැන කිව්වලු "මෙයාල කළේ පිරිමියෙක්, ගෑනියෙක් කරන එක විතරයි... ඉන් එහාට නම් මුකුත් කියන්න බැහැ කියලා... ඊළඟට සභාවෙ ඉන්න අය මේ ආණ්ඩුවෙ එක්තරා ඉහළ නිලයක් දරන කෙනෙක්ගෙ නමක් කියල කෑගහන්න ගත්තලු. එයා එක්තරා පළාතකට ලොක්කෙක්ලු.
ඉතින් රුස්ව සිටි ජනතාව ඒ නම කියලා කෑගහද්දී හිටපු ලොකු තැන "මම කාගෙවත් නම් කියන්නෙ නම් නැහැ... ඒත් මෙයාල ජේ.ආරැත් පැරුද්දුව කියලා කතාව වෙන පැත්තකට හැරෙව්වලු...
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජේ.ආර්. පරාදයිලු!