අභාවප‍්‍රාප්ත සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතාගේ අවසන් කටයුතු කොළඹ කනත්තේ දී අද (23) සවස සිදු කිරීමට පෙර මහජන බුහුමන් සඳහා දේහය කොළඹ කලාභවනේ පැය කිහිපයක් තබා තිබිණි. කලාකරුවෝ ද දේශපාලනාඥයෝ ද ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහත්වරු ද ඒ අතර වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංගනයේ විශිෂ්ටත්වය ජීවිතයෙන් සටහන් කළ අමරණීයත්වය සදා අප හදවත් වල නිදන්ගත වූ අසම සම ප්‍රතිභාපූර්ණත්වය හෙළ කලා කෙත රන් කරලින් අස්වැද්දූ දේශීයත්වය බොල් කරල් පිස හැමූ සුළඟින් නොදැවුණු අභය වික්‍රමත්වය සංවේගයකි, ඔබ වැන්නවුන් නොඉපදී මියයන හෙටදින අදට වැඩියෙන්.................මේ දැනෙන වේදනාව කෙසේ පවසන්නද? සොඳුරු විශිෂ්ඨ කලාකරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා!!!!
ඡෝ ඔබට නිවන්සුව ලැබෙවා,
සිංහල සිනමාවේ අපේ සළකුණක් සොඳුරැ මතකයක්
කොහොම නමුත් 70 දශකය තුළ, සිනමාව තුළ සිටි දැවැන්තයන් දැයෙන් සමුගෙනගොස් තිබෙන මොහොතක ඔබගේ වෙන්වයාම විශාල පාඩුවකි. සොඳුරු මිනිසාණෙනි, ඔබට නිවන් සැපම ලැබේවා! පවුලේ අයට අපගේ ශෝකය පළකර සිටිමු (නි)
ඔබට නිවන් සුව හිතවතාණෙනි.