බස්නාහිරි හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම් අවසන් වීමෙන් පසු නීති විරෝධී පෙළපාලි, පෙරහැර සහ ජන ඒකරාශීවීම්වලින් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. එමෙන් ම පළාත් සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට දැඩි ආරක්ෂක විදි විධාන යොදා ඇති බවත් පවසන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ රාජකාරීවලට බාධා කිරීමෙන් වළකින ලෙස අපේක්ෂකයින්ගෙන් සහ ඔවුන‍්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා නම් අපිත් සතුටුයි. (නි)
මේ කියුම් වචන වලට විතරක් සීමා කරන්න එපා. (නි)
කියුම් ටොන් ගනන්-කෙරුම් අවුන්ස ..මොකක්ද ඔය නිතිය අකුරට කියන්නේ.ලංකාවේද නැත්නම් එංගලන්තේද ..මැතිවරණ කියක් අපි පාස් කළාද .(අ)
අකුරට! හැබැයි නීති පොතේ අකුරට නොවෙයි. වෙනත් අකුරකට. (ත)