පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් හැට කෝටියක සිල්රෙදි බෙදීමෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට වංචා කළැයි හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට එරෙහි නඩුව ලබන පෙබරවාරි 12 වැනිදා විභාගයට ගන්නා බව කුසලා සරෝජිනී වීරවර්ධන කොළඹ මහාධිකරණ විනිසුරුවරිය අද (9) ප්‍රකාශ කළාය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේදී 2014 ඔක්තෝබර් 30 හා 2015 ජනවාරි 5 අතර කාලයේදී සිල්රෙදි බෙදීමෙන් එම වංචාව කළැයි නීතිපති විසින් එම නඩුව පවරනු ලැබ ඇත.
මුල් සාක්කිකරුවන් 5 දෙනා නඩුවට කැඳවන ලෙසත් පැමිණිල්ලේ නඩු වාර්තා විත්තියේ නීතිඥ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට ලබාදෙන්නැයි විනිසුරුවරිය රජයේ නීතිඥ තුසිත මුදලිගේ මහතාට නියෝග කළේය.
සැකකරුවෝ රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් දස ලක්ෂය බැගින්වූ ශරීර ඇප 3ක් මත මුදාහරිනු ලැබ සිටිති.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘ඇසීම‘ මත හැම දෙයක්ම රඳා පවතිනු ඇත. (අ)
ලසන්ති , සිල් රෙදි බෙදපු එක නෙමෙයි වැරැද්ද. ඒවා අපේ සල්ලි වලින් බෙදූ එකයි වැරැද්ද. (නි)
අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
සිල්රෙද්දත් ඡන්ද ප්‍රචාරක අංගයක් හැටියට යොදාගන්න තරම් අපේ දේශපාලඥයෝ පිරිහිලානේ? (නි)
මෙම සිල්රෙදි ඇඳි බෞද්ධ බැතිමතුන් මෙම පුවත බැලුවිට ඉමහත් සන්තාපයකට පත්වන්නට ඇති. (නි)